ශ්‍රී ලංකාවට රන් පදක්කම් ත්‍රිත්වයක්!

Dubai Grand Prix Fazza 2024

231
Dubai Grand Prix Fazza 2024

ඩුබායි හි දි පැවැත්වෙන 2024 Fazza International Para Athletics Grand Prix තරගාවලියේ ඊයේ (14) පැවැත්වුණු ඉසව්වලින් රන් පදක්කමක් ත්‍රිත්වයක් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනෙකු විසින් සමත් වුනා.

F46 කාණ්ඩය යටතේ පැවැත්වුණු පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් දිනේශ් ප්‍රියන්ත රන් පදක්කමක් දිනා ගැනීමට සමත් වූ අතර, ඔහුගේ උපරිම දක්ෂතාව සටහන් වී තිබුණේ මීටර් 60.27ක් ලෙසයි.

මෙම ඉසව්වේ වත්මන් ඔලිම්පික් ශූරයා මෙන්ම, ලෝක වාර්තාවේ හිමිකරු වන්නේ ද දිනේෂ් වීමත් විශේෂත්වයක්

පදක්කම් බලාපොරොත්තු රැසක් සමඟින් පැරා මලල ක්‍රීඩකයින් ඩුබායි වෙත

මේ අතර T44/T45 කාණ්ඩ යටතේ පැවැත්වුණු පිරිමි මීටර් 100 ඉසව්ව තත්පර 11.67ක කාලයක් තුළ නිමා කරමින් එහි රන් පදක්කම ජයග්‍රහණය කිරීමට නුවන් ඉන්දික විසින් සමත් වූ අතර, 2023 Fazza World Para Athletic Grand Prix තරග අදියරේ දී ද මෙම ඉසව්වෙන් රිදී පදක්කමක් ජයග්‍රහණය කිරීමට නුවන් සමත් වීම විශේෂත්වයක්. 

එමෙන්ම T42/44/61 තරග කාණ්ඩ යටතේ පැවැත්වුණු පිරිමි දුර පැනීමේ ඉසව්වෙන් ද මීටර් 6.62ක දුරක් තරණය කිරීමට සමත් වූ නුවන් ඉන්දික ඊයේ සිය දෙවන රන් පදක්කමත් ජයග්‍රහණය කිරීමට සමත් වුනා. 

තරගාවලිය පෙබරවාරි මස 12 සිට 15 දක්වා පැවැත්වෙන අතර, අද (15) එහි අවසන් තරග දිනය ලෙසයි සටහන් වන්නේ. ඒ අනුව මෙම පදක්කම් ත්‍රිත්වයට අමතරව තවත් පදක්කම් බලාපොරොත්තු කිහිපයක් ම අද දිනයේ ද ශ්‍රී ලංකාවට සඵල කර ගැනීමට හැකි වනු ඇතැයි විශ්වාස කළ හැකි. 

තරගාවලියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>>තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න<<