Home Sinhala වනිඳුගේ කඩුලු ත්‍රිත්වය අපතේ යද්දී Miller ශ්‍රී ලංකා ජයග්‍රහණය උදුරා ගනී

වනිඳුගේ කඩුලු ත්‍රිත්වය අපතේ යද්දී Miller ශ්‍රී ලංකා ජයග්‍රහණය උදුරා ගනී

විස්සයි විස්ස ලෝක කුසලානය 2021

295
Wanindu Hasaranga

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (30) සාජා ක්‍රිකට් පිටියේ දී නිමා වූ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් කඩුලු 4ක ජයග්‍රහණයක් ලබා ගැනීමට දකුණු අප්‍රිකාව සමත් වුනේ වනිඳු හසරංග ලබා ගත් කඩුලු ත්‍රිත්වයේ උණුසුම ද අවතක්සේරුවකට කරමින්.

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 25 වැනි තරගය ලෙසින් ක්‍රියාත්මක මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් දකුණු  අප්‍රිකානු නායකයා පළමුවෙන් පන්දු යැවීම තෝරා ගනිමින් පිතිකරණයේ යෙදෙන්නට ශ්‍රී ලංකාවට ආරාධනා කරා.

ශ්‍රී ලංකාව මෙම තරගයට පිවිසෙන විට ලෝක කුසලාන තරගාවලියේ Group 1 ලැයිස්තුවේ සිව්වැනි තැන සිටිමින් ද, දකුණු අප්‍රිකානුවෝ තෙවැනි තැන සිටිමින් ද එක් වුනා.  දෙරට අතර අවසන් වරට පැවති තරග 5 ප්‍රතිඵල ද වාසි සහගත වී තිබුණේ ප්‍රතිවාදීන්ට. ඔවුන් එම තරග සියල්ල ම ජයග්‍රහණය කර තිබුණා.

මේ අවාසි සහගත තත්ත්වයන් හමුවේ වූව ද ශ්‍රී ලංකාව අවසන් වරට ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියාවට එරෙහි කැඳවා තිබූ කණ්ඩායම ම මෙම තරගයට ද කැඳවා තිබුණා.

දකුණු අප්‍රිකාව, පෙර කොදෙව්වන්ට එරෙහිව ක්‍රීඩා කළ කණ්ඩායමේ Heinrich Klaasen වෙනුවට කඩුලු රකින වමත් පිතිකරු Quinton de Kock කණ්ඩායමට කැඳවා තිබුණා.

  • ශ්‍රී ලංකා කණ්ඩායම: කුසල් පෙරේරා (කඩුලු රකින්නා), පැතුම් නිස්සංක, චරිත් අසලංක, අවිශ්ක ප්‍රනාන්දු, භානුක රාජපක්ෂ, දසුන් ශානක (නායක), චාමික කරුණාරත්න, වනිඳු හසරංග, දුෂ්මන්ත චමීර, මහීෂ් තීක්ෂණ, ලහිරු කුමාර
  • දකුණු අප්‍රිකා කණ්ඩායම: Temba Bavuma (නායක), Quinton de Kock (කඩුලු රකින්නා), Rassie van der Dussen, Aiden Markram, Reeza Hendricks, David Miller, Dwaine Pretorius, Keshav Maharaj, Kagiso Rabada, Anrich Nortje, Tabraiz Shamsi

ශ්‍රී ලංකා ඉනිම සුපුරුදු ලෙසින් ම ආරම්භ කළේ පැතුම් නිස්සංක සහ කුසල් පෙරේරා. ඔවුන් දෙදෙනා අතර සබඳතාව පන්දු 23කින් එකතු වූ ලකුණු 20කට සීමා වුනා. Anrich Nortjeගේ පන්දුවකට දුර්වල පහරකට ගිය කුසල් ලකුණු 7ක් ලබා සිටිය දී දැවී ගියා. ඔහුගේ ඉනිම පන්දු 10කට සීමා වූ අතර එහි හතරේ පහරක් ද ඇතුලත් ව තිබුණා.

අනතුරුව ශ්‍රී ලංකාවේ නවතම බලාපොරොත්තුව බවට පත් ව සිටින චරිත් අසලංක පිටියට පිවිසියා. ඔහු සහ පැතුම් ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු පුවරුව 61ක් දක්වා ගෙන ආ අතර අවාසනාවන්ත දුවද්දී දැවී යෑමකින් එම කඩුල්ලේ සබඳතාව ද බිඳී ගියා. ඒ වෙද්දී චරිත් පන්දු 14කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 21ක් ලබා සිටියා.

ලෝක විස්සයි විස්ස පිටියේ දක්ෂතම පන්දු යවන්නා ලෙස වර්ගීකරණයේ ඉහළින් ම සිටින Tabraiz Shamsi තමන් යැවුණ පිට පිට පන්දුවාර දෙකක දී භානුක රාජපක්ෂ සහ අවිශ්ක ප්‍රනාන්දු එක ම ආකාරයෙන් දවා ගනිමින් ඔවුන් අඩු ලකුණු ප්‍රමාණයකට සීමා කළා.

භානුක පන්දු තුනකට මුහුණ දෙමින් කිසිදු ලකුණක් නොලබා ද, අවිශ්ක පන්දු 5කට මුහුණ දෙමින් ලකුණු 3කට ද දැවී ගියා.

Tabraiz Shamsi යැවුණ ඊළඟ පන්දු වාරයේ දී වනිඳු හසරංග ද දවා ගත්තා. ඒ Long-on කලාපයේ සිට Aiden Markram රැක ගත් උඩ පන්දුවේ හේතුවෙන්. ඒ වෙද්දී වනිඳු පන්දු 5කට මුහුණ දෙමින් ලබා සිටියේ ලකුණු 4ක් පමණයි.

එක පිට එක කඩුලු දැවී යන විට පැතුම් හුදකලා ඉනිමක නිරත වෙමින් තම අර්ධ ශතකය තමන් මුහුණ දුන් 46 වැනි පන්දුවේ දී වාර්තා කිරීමට සමත් වුනා. ඒ ඔහුගේ විස්සයි විස්ස ජාත්‍යන්තර පිටියේ දෙවැනි අර්ධ ශතකයයි.

නායක දසුන් ශානකට ද දකුණු අප්‍රිකානුවන් ඉදිරියේ වැඩි යමක් තම කණ්ඩායමට ලබා දීමට හැකි වූයේ නැහැ. ඔහු ලබා ගත්තේ ලකුණු 11ක් පමණයි. ඊට පන්දු 12ක් වැය ව තිබූ අතර හතරේ පහර 2ක් ද ඒ අතර තිබුණා.

17 වැනි පන්දුවාරයේ දී හයේ පහරක් සහ හතරේ පහර 2ක් සමඟින් ලකුණු 17ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව ඉහළ දැමීමට පැතුම් සහ චාමික සමත් වුනා. නමුත් චාමිකගේ ඉනිම ද පන්දු 5කින් එක් වූ ලකුණු 5කින් ඒ සමඟ ම අවසන් වුනා. ඒ වෙද්දී ශ්‍රී ලංකා ඉනිම කියවුණේ කඩුලු 7කට ලකුණු 131ක් ලෙසයි.

ඔහුගේ දැවී යෑමෙන් අනතුරුව යැවුණ දෙවැනි පන්දුවේ දී පැතුම්ගේ ඉනිම ද නිමා වුනා. එම කඩුලු දෙක ම අයත් වුනේ Dwaine Pretoriusට. අනතුරුව පිටියේ සිටි දුෂ්මන්ත චමීර (3), ලහිරු කුමාර (0) සහ මහීෂ් තීක්ෂණ නොදැවී ලකුණු 7ක් ද ලබා සිටියා.

කඩුලු ලබා ගැනීමේ දී Tabraiz Shamsi සහ Dwaine Pretorius ලකුණු 17කට කඩුලු 3ක් බැගින් ද, Anrich Nortje කඩුලු 2ක් ද දවා ගත්තා.

ලකුණු 143ක හඹා යන ඉනිමකට පිවිසි දකුණු අප්‍රිකානුවන්ගේ පළමු කඩුල්ල ලකුණු 25ක් වෙද්දී නැවත ක්‍රීඩාගාරයට හරවා යැවීමට දුෂ්මන්ත චමිර සමත් වුනා. ඒ Reeza Hendricks (11) කඩුල්ල මුවා කිරීමේ වරදට හසු කර ගනිමින්.

ඉන් අනතුරුව යැවුණ දෙවැනි පන්දුවේ දී අනෙක් ආරම්භක පිතිකරු Quinton de Kockගේ (12) ඉනිම නිමා කිරීමට චමීර සමත් වුනේ තමන් විසින් ම ලබා ගන්නා ලද උඩ පන්දුව හේතුවෙන්.

තෙවැනි කඩුල්ල වෙනුවෙන් Rassie van der Dussen සහ Temba Bavuma එක් ව ලකුණු 23ක් එක් කරමින් ගෙන ගිය සබඳතාව බිඳ දැමීමට දසුන් ශානක සමත් වුනා. ඒ Rassie van der Dussen දුවද්දී දැවී යෑමකට හසු කර ගනිමින්. ඒ වෙද්දී ඔහු ලබා සිටියේ ලකුණු 16ක් පමණයි.

අනතුරුව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 47ක සබඳතාවක් එක් කිරීමට Temba Bavuma සහ Aiden Markram සමත් වුනා. වනිඳු හසරංග ඔවුන් අතර පැවති සබඳතාව බිඳ දමින් Aiden Markram දවා ගත්තා. ඒ වෙද්දී ඔහු පන්දු 20කට හතරේ පහර 2ක් සමඟින් ලකුණු 19ක් ලබා සිටියා.

එම දැවී යෑමත් සමඟින් දකුණු අප්‍රිකානුවන්ට අවසන් පන්දුවාර 5 දී ජයග්‍රහණය සඳහා ලකුණු 47ක් අවශ්‍ය වුනා. ඒ ගමන ඔවුන්ට යන්නට තවත් කඩුලු 6ක් ද ඉතිරිව තිබුණා.

ශ්‍රී ලංකා පන්දු යවන්නෝ මේ ගමන වැළැක්වීමට උත්සාහ කළේ පළමුවෙන් ම එතෙක් එක් අන්තයක් ආරක්ෂා කර ගනිමින් ලකුණු පුවරුව ඉහළ දමමින් සිටි ප්‍රතිවාදී නායක Temba Bavuma දවා ගනිමින්.

වනිඳු හසරංගගේ පන්දුවකට පැතුම් නිස්සංක දක්ෂ ලෙස ලබා ගත් උඩ පන්දුව හේතුවෙන් ඔහුගේ ඉනිම ලකුණු 46කට නිමා වුනා. ඒ වෙද්දී ඔහු පන්දු 46කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් තම ඉනිමට එක් කරගෙන තිබුණා.

වනිඳු යැවුණ ඊළඟ පන්දුවේ දී භානුක රාජපක්ෂගේ ද සහාය ඇතුව Dwaine Pretorius (0) ද දවා ගනිමින් ලකුණු පුවරුව කඩුලු 6කට ලකුණු112ක් බවට පත් කළා. එම දැවී යෑමත් සමඟින් වනිඳු තම කඩුලු ත්‍රිත්වය සම්පූර්ණ කළා.

ඊට පසුව එම පන්දුවාරයේ යැවුණ තෙවැනි පන්දුවේ දී ද ලබා ගත හැකිව තිබූ කඩුලු ත්‍රිත්වය පන්දුවේ විසඳුම තෙවැනි විනිසුරුගේ නොදැවුණ නිගමනයෙන් අජීවි වුනා.

අනතුරුව චමීර යැවුණ 19 වැනි පන්දුවාරයේ දී ලකුණු 10ක් ලබා ගත් දකුණු අප්‍රිකානුවෝ අවසන් පන්දුවාරයේ ඉලක්කය පන්දු 6ක දී ලකුණු 15ක් බවට පත් කර ගත්තා. ඒ වෙද්දී පිටියේ රැඳී සිටියේ David Miller සහ Kagiso Rabada. පන්දු යවන්නා ලහිරු කුමාර.

යැවුණ දෙවැනි සහ තෙවැනි පන්දුවල දී David Miller විසින් එල්ල කළ දැවැන්ත හයේ පහර දෙක ශ්‍රී ලංකාවේ ඉරණම තීරණය කළා. තරගය ඔවුන් ජයග්‍රහණයෙන් කෙළවර කරන විට ඔහු පන්දු 13කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 23ක් ලබා සිටියා. අනෙක් අන්තයේ සිටි Kagiso Rabada පන්දු 7කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් නොදැවි ලකුණු 13ක් ලබා සිටියා.

කඩුලු ලබා ගැනීමේ දී වනිඳු හසරංග ලකුණු 20කට කඩුලු 3ක් දවා ගත් අතර දුෂ්මන්ත චමීරට කඩුලු 2ක් හිමි වුනා.

  • ශ්‍රී ලංකාව; සියලුම දෙනා දැවී 142 (20): පැතුම් නිස්සංක 72, චරිත් අසලංක 21, Anrich Nortje 2/27, Tabraiz Shamsi 3/17, Dwaine Pretorius 3/17
  • දකුණු අප්‍රිකාව; කඩුලු 6ක් දැවී 146 (19.5): Temba Bavuma 46, David Miller නොදැවී 23, දුෂ්මන්ත චමීර 2/27, වනිඳු හසරංග 3/20

ශ්‍රී ලංකාව සහභාගී වන මීළඟ තරගය නොවැම්බර් 01 වැනිදා එංගලන්තය සමඟ පැවැත්වීමට නියමිත අතර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු  ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<


Result


South Africa
146/6 (19.5)

Sri Lanka
142/9 (20)

Batsmen R B 4s 6s SR
Pathum Nissanka not out 72 58 1 0 124.14
Kusal Perera b Anrich Nortje 7 10 1 0 70.00
Charith Asalanka run out () 21 14 0 0 150.00
Bhanuka Rajapaksa c & b Tabraiz Shamsi 0 3 0 0 0.00
Avishka Fernando c & b Tabraiz Shamsi 3 5 0 0 60.00
Wanidu Hasaranga c Aiden Markram b Tabraiz Shamsi 4 5 0 0 80.00
Dasun Shanaka c Dwaine Pretorius b Kagiso Rabada 11 12 0 0 91.67
Chamika Karunaratne c Rassie van der Dussen b Dwaine Pretorius 5 5 0 0 100.00
Dushmantha Chameera b Anrich Nortje 3 4 0 0 75.00
Maheesh Theekshana not out 7 3 0 0 233.33
Lahiru Kumara run out () 0 1 0 0 0.00


Extras 9 (b 0 , lb 7 , nb 0, w 2, pen 0)
Total 142/9 (20 Overs, RR: 7.1)
Fall of Wickets 1-20 (3.5) Kusal Perera,

Bowling O M R W Econ
Aiden Markram 2 0 8 0 4.00
Kagiso Rabada 3 0 22 0 7.33
Anrich Nortje 4 0 27 2 6.75
Keshav Maharaj 4 0 34 0 8.50
Tabraiz Shamsi 4 0 17 2 4.25
Dwaine Pretorius 3 0 17 1 5.67


Batsmen R B 4s 6s SR
Reeza Hendricks c & b Dushmantha Chameera 12 10 0 0 120.00
Quinton de Kock lbw b Dushmantha Chameera 11 12 1 0 91.67
Rassie van der Dussen run out () 16 11 0 0 145.45
Temba Bavuma c Pathum Nissanka b Wanidu Hasaranga 46 46 0 0 100.00
Aiden Markram b Wanidu Hasaranga 19 20 0 0 95.00
David Miller not out 23 13 0 0 176.92
Dwaine Pretorius c Bhanuka Rajapaksa b Wanidu Hasaranga 0 1 0 0 0.00
Kagiso Rabada not out 13 7 0 0 185.71


Extras 6 (b 0 , lb 3 , nb 1, w 2, pen 0)
Total 146/6 (19.5 Overs, RR: 7.36)
Bowling O M R W Econ
Dushmantha Chameera 4 0 27 2 6.75
Maheesh Theekshana 4 0 31 0 7.75
Lahiru Kumara 3.5 0 35 0 10.00
Chamika Karunaratne 3 0 23 0 7.67
Wanidu Hasaranga 4 0 20 3 5.00
Dasun Shanaka 1 0 7 0 7.00