රවී ශාස්ත්‍රී ABට යළි එන්න කියයි

12391
AB de Villiers
(News18)
 

ඊයේ රාත්‍රියේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට එරෙහිව මනරම් පිතිකරණයක යෙදුණු සුපිරි පිතිකරු ඒ. බී ඩිවිලියර්ස් කලකට පසුව නැවතත් ක්‍රිකට් ලෝකයේ අවධානය දිනා ගන්නට සමත් වුනා. ඒ පන්දු 33 කදී හතරේ පහර පහක් හා දැවැන්ත හයේ පහර හයක් සමඟින් වේගවත් ලකුණු 73ක් රැස් කරමිනුයි.

ඒ. බී හා කෝලි සුසංයෝගයෙන් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම ලකුණු 194ක් ලකුණු පුවරුවේ තබන්නට සමත් වූ අතර ඔවුන් කොල්කටා නයිට් රයිඩර්ස් ලකුණු 82කින් පරාජය කරන්නට සමත් වුනා.

මේ ඩිවිලියර්ස් මෙවර තරග වාරයේ තරග හතක් තුළ වාර්තා කළ තුන්වැනි අර්ධ ශතකයයි. මෙවර IPL තරගාවලියේ දක්ෂතා සැලකිල්ලට ගනිමින් ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන ක්‍රිකට් පුහුණුකරු රවී ශාස්ත්‍රී පවසා සිටින්නේ ඒ. බී ඩිවිලියර්ස් දකුණු අප්‍රිකාව වෙනුවෙන් නැවතත් ජාත්‍යන්තර ක්‍රිකට් තරග ක්‍රීඩා කළ යුතු බවයි.

තවත් ක්‍රිකට් පුවත්:

“ඊයේ රෑ අපි දුටු දේ පුදුමාකාරයි. අපිට උදේ ඇහැරෙනකොටත් සුපුරුදු හැඟීමමයි දැනුණේ. මේක ක්‍රිකට්වලට ටිකක් අමාරු කාලයක් වගේම අපිට ඕන ඔබ විශ්‍රාම ගැනීම නවත්තලා නැවත ජාත්‍යන්තර තරග ක්‍රීඩා කරනවා බලන්න.”

ඩිවිලියර්ස් 2018 වසරේ මැයි මාසයේ දී සියලු දෙන පුදුම කරමින් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදුන්නා. ඒ. බීගේ ඒ තීරණයත් සමඟින් දකුණු අප්‍රිකානු කණ්ඩායමට ලෝක කුසලානයට යන්නට වුනේ ඔවුන්ගේ ප්‍රධාන තරග දිනවන්නා නොමැතිවයි. ඒ. බීගේ හිඩැස නිසා දකුණු අප්‍රිකාවට සිදු වුනේ ප්‍රසාද ලකුණු සටහනේ හත්වැනි ස්ථානයේ තරගාවලිය හමාර කිරීමටයි.

ලෝක කුසලාන තරගාවලිය අතරතුර දී ඩිවිලියර්ස් නැවත කණ්ඩායමට එන්නට උත්සහ කර තිබූ බව හා දකුණු අප්‍රිකානු නායක ෆෆ් ඩූ ප්ලේසිස් හා ප්‍රධාන පුහුණුකරු ඕටිස් ගිබ්සන් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබුණු බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ ක්‍රිකට් ලෝකයේ ආන්දෝලනයක් ඇති කරමිනුයි.

Hindustan times ඇසුරින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<