ඇඩිලේඩ් ක්‍රීඩකයෝ තෙවැනි විනිසුරුගේ තීරණය කනපිට හරවයි

446
Bigbash.co.au

බිග් බෑෂ් ලීගයේ අටවැනි අදියරේ ආරම්භය සනිටුහන් කරමින් ගියවර ශූරයින් වන ඇඩිලේඩ් ස්ට්‍රයිකස් කණ්ඩායම සහ බ්‍රිස්බන් හීට් කණ්ඩායම අතර පැවති තරගය (19) අතරතුර තරමක් වෙනස් සහ අපූර්ව සිදුවීමක් බ්‍රිස්බන් ඉනිමේ 13 වන පන්දුවාරයේ දී වාර්තා විය.

ශකීබ් අල් හසන් බංග්ලාදේශය ජයග්‍රහණය කරා ඇදගෙන යයි

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම හා බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය…

තරගයේ පිත්තේ වාසිය දිනා ගත් ඇඩිලේඩ් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට බ්‍රිස්බෙන් කණ්ඩායමට ආරාධනා කළ අතර පළමු පන්දුවාර 6 තුල දී එක් කඩුල්ලක් පමණක් අහිමි කරගනිමින් වේගවත් ලකුණු 50ක් රැස්කර ගනිමින් හොඳ ඉලක්කයක් සඳහා ගමන් කිරීමට අවශ්‍ය මූලික අඩිතාලම සකසා දීමට ක්‍රිස් ලින් සහ මැක්ස් බ්‍රියන්ට් සමත් විය.

නමුත් ඔවුන්ගේ වෑයම අපතේ හරිමින් මුල්පෙළ සහ මැදපෙළ පිතිකරුවන් තම කඩුලු ඇඩිලේඩ් කණ්ඩායමට පූජා කිරීම හේතුවෙන් ලකුණු සටහන 92/5 දිස් විය.

ඉතා අසීරු අඩියකට ඇද වැටී තිබුණු බ්‍රිස්බෙන් ඉනිම කබලෙන් ලිපට වැටුනාක් මෙන් තවත් අසරණ කිරීමට හැකිව තිබූ අවස්ථාවක් මඟ හරවා ගැනීමට ඇඩිලේඩ් ක්‍රීඩකයින්ගේ මහත්මා ගති ගුණයන් වලට හැකි විය.

රෂීඩ් ඛාන් විසින් යැවූ පන්දුවකට Short Third Man කලාපයට පහරක් එල්ල කළ ජේම්ස් පියර්සන්, ජේම්ස් පැටින්සන් සමඟ ඉක්මන් ලකුණක් කරා පැති මාරු කරගැනීමට දිව යන අවස්ථාවේ දී පන්දුවට පහර දෙන අන්තයට දිව යමින් අවදානම ගත් පැටින්සන් පන්දුව කඩුල්ල ස්පර්ශ කිරීමට මත්තෙන් සාර්ථකව ධවල රේඛාව පසුකළේ එම ලකුණ තම කණ්ඩායමට උපයා දෙමිනි.

නමුත් ඇඩිලේඩ් ක්‍රීඩකයින්ගේ ඉල්ලීම මත එය දැවී යමක් ද නැද්ද යන්න සැක හැර දැනගැනීම සඳහා තෙවන විනිසුරුගේ සහය ලබා ගැනීමට පිටියේ විනිසුරුවන් දෙපළට සිදු විය. දැවැන්ත තිරය මත එම සිදුවීමේ පුනරූපණය විකාශනය කළ සැණින් සියල්ලන්ම එය දැවී යාමක් නොවන බව අවබෝධ කර ගත් නමුත් සියල්ලන් මවිත කරවමින් ඔහු දැවී ගිය ක්‍රීඩකයෙකු ලෙස තිරයේ සටහන් විය.

foxsports.com.uk

පැරණි නීතියට ප්‍රකාරව ක්‍රීඩකයෙක් පිතිකරණ රේඛාව පසු කිරීමෙන් අනතුරුව ඔහුගේ/ ඇයගේ පිත්තේ හෝ සිරුරේ කිසියම් කොටසක් අනිවාර්යයෙන්ම රේඛාව ඇතුළත භූමියේ ස්පර්ශව තිබිය යුතු අතර බේල්ස් ඉවත් කරන මොහොතේ දී පොළොව සමඟ ස්පර්ශයෙන් මිඳී තිබුනහොත් ඔහු/ ඇය දැවී ගිය ක්‍රීඩකයෙකු ලෙස සැලකීය.

නමුත් ගිය වසරේ නීති මාලවේ සිදු වූ සංශෝධනයක් අනුව පිතිකරණ රේඛාව පසුකිරීමෙන් අනතුරුව පිත්ත හෝ සිරුරේ යම් කොටසක් රේඛාව ඇතුළත භූමියේ ස්පර්ශයෙන් මිදුණු පසු බේල්ස් ඉවත් කර ද එම ක්‍රීඩකයා නොදැවුණු ක්‍රීඩකයෙක් ලෙසින් නව නීතියට අනුව සැලකිල්ලට භාජනය කරයි.

මීට සමාන සිදුවීමක් මෙම අවස්ථාවේ දී සිදු වූ නිසා ඇඩිලේඩ් කණ්ඩායමේ ක්‍රීඩකයින් සහ විනිසුරුවන් තරමක ගැටලුකාරී තත්වයකට මුහුණ පෑ අතර විනිසුරුවන් දෙදෙනා අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව තෙවන විනිසුරුගේ තීරණයට ගරු කරමින් ලබා දුන් තීරණය බල පැවැත්වීමට කටයුතු කළ නිසාවෙන් පැටින්සන්ට ක්‍රීඩා පිටියෙන් ඉවත් වීමට සිදු විය.

එම තීරණය පිළිබඳ ප්‍රේක්ෂකයන්ගේ දැඩි අප්‍රසාදය මධ්‍යයේ ක්‍රීඩාගාරය වෙත යමින් සිටි පැටින්සන් හට නැවත ක්‍රීඩා කිරීමේ වරමක් ලබා දීමට තරම් කොලින් ඉන්ග්‍රෑම් ප්‍රමුඛ ඇඩිලේඩ් ක්‍රීඩකයින් නිහතමානි විය. ක්‍රිකට් යනු මහත්වරුන්ගේ ක්‍රීඩාව බැවින් එහි ජීව ගුණය රැකගනිමින් සාධාරණ අයුරින් ක්‍රීඩාවේ නියැලිය යුතුය යන පණිවිඩය ලොවට ලබා දෙමින් ඔවුන් ගත් තීරණය සියල්ලන්ගේම පැසසුමට ලක් විය.

බිග් බෑෂ් ලීගයට පායන විදෙස් ක්‍රීඩා තරු

හෙට දිනයේ දී(19) ආරම්භ වීමට නියමිත 2018-19 බිග් බෑෂ් තරගාවලිය පසුගිය වසරවලට සාපේක්ෂව ඉතා උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට වීමට සියලු කටයුතු සූදානම් බව තරගාවලි…

බ්‍රිස්බෙන් ඉනිම නිමා වීමෙන් අනතුරුව Fox මාධ්‍යය ජාලය සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකට එක් වූ ඇඩිලේඩ් නායක කොලින් ඉන්ග්‍රෑම් පවසා සිටියේ එම සිදුවීම දුටු ඕනෑම අයෙකුට ඉතා හොඳින් එය දැවී යාමක් නොවන බව තේරුම් ගත හැකි අතරම ඔහු ඇතුළුව කණ්ඩායමේ සඟයන් හට අවශ්‍ය වූයේ සාධාරණ අයුරින් තරගය ක්‍රීඩා කරමින් නිවැරදි තීරණ පමණක් තරගය තුල ක්‍රියාත්මක කිරීමට බවය. තවද විනිසුරුවන් ද මනුෂ්‍යයන් බැවින් එම අවස්ථාවේ දී සිදු වූ අත්වැරදීමකින් එසේ සිදුවන්නට ඇති බව ප්‍රකාශ කළේය.

වැඩිදුරටත් එම සිදුවීම පිළිබඳ අදහස් දැක්වූ කොලින් මෙසේ විස්තර කළේය.

“එක තරමක අමුතු සිදුවීමක්. මීට කලින් මෙවැනි අවස්ථාවකට මුහුණ දීලා නැති නිසා මට ඒ ගැන එතරම් දැනීමක් තිබුණේ නෑ. නමුත් මා හොඳින්ම දැන සිටියා පැටින්සන් out නැති බව. මම බෙන් ලාෆ්ලින් එක්ක කථා කළ මොහොතේ දී තමයි දැනගත්තේ ඔහුට නැවත ක්‍රීඩා කිරීමට අවස්ථාවක් සලසා දෙන්න අපිට පුළුවන් කියලා.”

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<