ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකාවට අවස්ථාවක්?

615

2015 වසරේ ශ්‍රී ලංකා රග්බි සැලසුම් ප්‍රතිස්ථාපනය කළේ 2020 වසරේ ටෝකියෝහි පැවැත්වීමට නියමිත ඔලිම්පික් සිහින සැබෑ කරගන්නටය. ඔලිම්පික් උළෙල තුළ සත්සාමාජික රග්බි තරග ආරම්භ කරන ලද්දේ 2016 වසරේදීයි. එහිදී ෆීජී රාජ්‍යය පිරිමි ඉසව්වේ රන් පදක්කම් දිනාගත් අතර කාන්තා ඉසව්වේ රන් පදක්කම ඕස්ට්‍රේලියාව හිමිකර ගැනීමට සමත් විය.  

දෙවන වටයේ තරග කාල සටහන නිකුත් වෙයි

පසුගිය අප්‍රේල් මස 21 වැනිදා සිදු වූ අවාසනාවන්ත …………….

ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලබන්නේ කෙසේද?

සත්කාරක රට සමඟ තවත් රටවල් 12ක් මෙම තරගාවලිය සඳහා සුදුසුකම් ලබයි. එහිදී 2019 වසරේ අන්තර් ජාතික සත්සාමාජික රග්බි තරගාවලියේදී වැඩිම ප්‍රසාද ලකුණු හිමිකර ගත් කණ්ඩායම් 4 මෙම තරගාවලියට නිතරගයෙන්ම සුදුසුකම් ලබන අතර සත්කාරක රට වන ජපානයද නිතරගයෙන්ම සුදුසුකම් ලබයි.

ඉතිරි කණ්ඩායම් 7න් කණ්ඩායම් 6ක් තෝරාගනු ලබන්නේ ලොව වටා පැවැත්වෙන තරගාවලි තුළිනි.

  • අප්‍රිකාව – කණ්ඩායම් 1ක්
  • ආසියාව – කණ්ඩායම් 1ක්
  • යුරෝපය – කණ්ඩායම් 1ක්
  • උතුරු ඇමරිකාව – කණ්ඩායම් 1ක්
  • පැසිෆික් දූපත් – කණ්ඩායම් 1ක්  
  • දකුණු ඇමරිකාව – කණ්ඩායම් 1ක්

ඉහත තරගාවලි සඳහා 2019 වසරේ අන්තර් ජාතික සත්සාමාජික රග්බි තරගාවලියෙන් සෘජු සුදුසුකම් ලැබූ කණ්ඩායම් 4 සහ සත්කාරක රටද සහභාගී නොවේ.

ඉන්පසු තවත් එක් කණ්ඩායමකට ස්ථානයක් ඉතිරිවන අතර ඒ සඳහා ඉහත තරගාවලි තුළින් දෙවන සහ තෙවන ස්ථාන ලබාගත් කණ්ඩායම් ක්‍රීඩා කරනු ඇත.


ශ්‍රී ලංකාවේ ඔලිම්පික් ගමන් මග

2020 වසර ශ්‍රී ලංකාවට ඔලිම්පික් තරග සඳහා සහභාගී විය හැකි පහසුම සහ හොඳම වසරයි. 2015 වසරේ ජපානය, ආසියාවෙන් ඔලිම්පික් උළෙල සඳහා සහභාගී වන අතර මෙවර ජපානය සත්කාරක කණ්ඩායම නිසා ඔවුන් නිතරගයෙන්ම ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලබයි. එබැවින් ආසියාවෙන් තවත් කණ්ඩායමකට ඔලිම්පික් තරග වලට සහාභාගී වීමට අවස්ථාව හිමිවී ඇත.

පාසල් රග්බි පළමු වටයේ හොඳම සංචිතය මෙන්න

සති 5ක කාලයක් පුරාවට අතිශය උණුසුම් මුහුණුවරක් ගත් ‘Singer’ පාසල් රග්බි ලීග් තරගාවලියේ…………..

ආසියානු සත්සාමාජික තරගාවලියෙන් පසු ඔලිම්පික් උළෙල සඳහා තේරීම් තරග, නොවැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිතය. ඒ අනුව ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලැබීමේ ආසියානු පිරිමි සත්සාමාජික රග්බි තරග නොවැම්බර් මස 23 වනදා සහ 24 වනදා දකුණු කොරියාවේ ඉන්චොන් නුවර දී පැවැත්වීමට නියමිතය. එසේම ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලැබීමේ ආසියානු කාන්තා සත්සාමාජික රග්බි තරග නොවැම්බර් මස 9වනදා සහ 10 වනදා චීනයේ ගුවැන්ෂෝ නුවරදී පැවැත්වේ.

තවද ඔලිම්පික් උළෙලට ක්‍රීඩා කරන අවසන් කණ්ඩායම තේරීමේ තරග, ප්‍රාදේශීය තේරීම් තරග වලින් පසු 2019 වසර අවසන් වීමට පෙර පැවැත්වෙනු ඇත.

ශ්‍රී ලංකාවට පසුගිය ඔලිම්පික් උළෙල සඳහා වූ තේරීම් තරග මාලාවේ අමිහිරි මතක රැසක් තිබේ. අවසන් කණ්ඩායම තේරීමේ තරගයන් වලදී මොනාකෝ රාජ්‍යයට සහ හොං කොං රාජ්‍යයට පරාජයට පත්විය. පසුව කාණ්ඩ තරගයන් හිදී ජර්මනිය, කැනඩාව සහ උරුගුවේ රාජ්‍යය ඉදිරියේද පසුබෑමට සිදුවිය. ඉන්පසුව දකුණු කොරියාවට එරෙහි තරගය ලකුණු 24-31ක් වශයෙන් පරාජය වී ඔලිම්පික් බලාපොරොත්තු අතහැර දැමීමට සිදුවිය.

ශ්‍රී ලංකාව ලෝක රග්බි ශ්‍රේණිගත කිරීමේ පහළට

පසුගිය කාලවකවානුව තුළ ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමේ…..

කෙසේ නමුත් ශ්‍රී ලංකාවට 2020 වසරේ ඔලිම්පික් තරගාවලිය සඳහා ඉහළ බලාපොරොත්තු තබාගත හැක. එසේම ආසියානු A කාණ්ඩයේ සත්සාමාජික තරගාවලිය අගෝස්තු මස 31 වැනි දින දකුණු කොරියාවේදී ආරම්භ වීමට නියමිතය. එම තරගාවලියේ හොඳින් ක්‍රීඩා කර තම රිද්මය සහ දක්ෂතාවයන් ඔප්නංවා ගනිමින් ඔලිම්පික් තරගාවලිය සඳහා සූදානම් වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට මෙය මහඟු අවස්ථාවකි.


                  >> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<