ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම සහ සංචාරක ඉන්දීය A ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන පළමු වැනි සිව් දින නිල නොලත් ක්‍රිකට් තරගයේ 2 වැනි දිනය (26) අවසන් වෙද්දී තම පළමු ඉනිමට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 2ක් දැවී ලකුණු 113ක් ලබා සිටියා.
ඒ සංචාරක ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට කඩුලු 6ක් දැවී ලබා ගත් ලකුණු 452ට පිළිතුරු ලෙසයි.
>>ඉන්දීය A ක්‍රීඩකයෝ සාර්ථක ආරම්භයක් ලබා ගනී
ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගය අද ආරම්භ වෙන්නේ ඉන්දීය A ක්‍රිකට් කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 333ක් ලබා සිටිය දී යි.
ඒ වෙද්දී නායක Dhruv Jurel නොදැවී ලකුණු 68ක් ද සහ Shaik Rasheed නොදැවී ලකුණු 53ක් ද ලබා සිටියා. ඔවුන් දෙදෙනාට අද දවසේ දී ලබා ගැනීමට හැකි වෙන්නේ ලකුණු 20ක් පමණයි.
දවසේ පළමු කඩුල්ල ලෙසින් පන්දු 113කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 63ක් ලබා සිටි Shaik Rasheed දැවී යනවා. ඒ වෙද්දී ඔවුන් දෙදෙනා විසින් 5 වැනි කඩුල්ලට පන්දු 237ක දී ලකුණු 136ක සබඳතාවක් ද එක් කර තිබුණා.
ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව Dhruv Jurel ට Harsh Dubey එක් වූ අතර ඔවුන් දෙදෙනා 6 වැනි කඩුල්ලට පන්දු 108ක දී ලකුණු 86ක සබඳතාවක් ගොඩ නගනවා. එම කඩුල්ලේ සබඳතාව බිඳ දමමින් Harsh Dubey දැවී යන විට පන්දු 51කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 30ක් ලබා සිටියා.
ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව නායක Dhruv Jurel එල්ල කළ 4 පහරකින් ඉන්දීය ලකුණු පුවරුව 452ක් වූ අතර ඒ සමඟින් ඉනිම අත් හිටුවීමට තීරණය කරනවා. ඒ වෙද්දී Dhruv Jurel පන්දු 215කට මුහුණ දෙමින් හතරේ පහර 13ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 141ක් ලබා සිටියා. එය ඔහුගේ පළමු පෙළ තරග දිවියේ 6 වැනි ශතකයයි.
කඩුලු දවා ගැනීමේ දී චාමික ගුණසේකර ලකුණු 84කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව දිලුම් සුදීර කඩුලු 2ක් ද සහ රවිඳු ප්‍රනාන්දු කඩුල්ලක් ද දවා ගත්තා.
- ධනංජය නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කරමින් ශතකයක් කරා!
- ජය ගත් කොදෙව් තරගයට සිනෙත්ගෙන් ශතකයක්
- දිමන්ත ශතකයක් සමඟින් යොවුන් කුසලානයත් දිනා ගනී
- ඉන්දියාව, එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අපරාජිතයි
පිළිතුරු ශ්‍රී ලංකා A ඉනිම ආරම්භ කරන්නේ පවන්ත වීරසිංහ සහ නිරෝෂන් දික්වැල්ල එක්වයි. ඔවුන් දෙදෙනාගේ සබඳතාව ලකුණු 13කට සීමා වෙනවා. එම සබඳතාව බිඳ වැටෙන්නේ නිරෝෂන් දික්වැල්ලගේ ගේ දැවී යෑමත් සමඟිනුයි. ඒ වෙද්දී ඔහු පන්දු 13කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 10ක් ලබා සිටියා.
ශ්‍රී ලංකා ලකුණු පුවරුවට ලකුණු 38ක් පැමිණෙද්දී අනෙක් ආරම්භක පිතිකරු පවන්ත වීරසිංහ ද දැවී යනවා. ඒ වෙද්දී ඔහු පන්දු 22කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 11ක් ලබා සිටියා.
තරගය 2 වැනි දිනයට නතර කරන විට නුවනිඳු ප්‍රනාන්දු සහ අශේන් බණ්ඩාර නොදැවී පිටියේ රැඳී සිටි අතර ඒ වෙද්දී නුවනිඳු ප්‍රනාන්දු පන්දු 103කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් නොදැවී ලකුණු 65ක් ද සහ අශේන් බණ්ඩාර පන්දු 51කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 18ක් ද ලබා සිටියා.
ඔවුන් දෙදෙනා එක් ව මේ වන විට 3 වැනි කඩුල්ලට පන්දු 123ක දී නොදැවී ලකුණු 75ක සබඳතාවක් එක් කර තිබෙනවා.
කඩුලු දවා ගැනීමේ දී Yash Thakur සහ Anshul Kamboj කඩුල්ල බැගින් දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- ඉන්දීය A ක්‍රිකට් කණ්ඩායම– පළමු ඉනිම කඩුලු 6ක් දැවී 452 (111.4)Sai Sudharsan132, Aayush Pandey 25, Ruturaj Gaikwad 22, Dhruv Jurel නොදැවී 141, Shaik Rasheed 63, Harsh Dubey 30, චාමික ගුණසේකර 3/84, දිලුම් සුදීර 2/143
- ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම- පළමු ඉනිම කඩුලු 2ක් දැවී 113(31.0)නුවනිඳු ප්‍රනාන්දු නොදැවී 65, අශේන් බණ්ඩාර නොදැවී 18
ඉන්දීය A ක්‍රිකට් කණ්ඩායම ලකුණු 339ක් පිටුපසින්.
මෙම තරගය හෙට (27) 3 වැනි දිනයටත් පැවැත්වීමට නියමිතයි.
ඉන්දීය A ක්‍රිකට් කණ්ඩායමේ මෙරට සංචාරයේ තවත් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















