රග්බි සභාපති ධුරය නොවෙනස්ව ඉදිරියට

ශ්‍රී ලංකා රග්බි සම්මේලනයේ නිලවරණය 2021

229

පවතින කොරෝනා වසංගත තත්වය හමුවේ ශ්‍රී ලංකා රග්බි සම්මේලනයේ නිලවරණය පැවැත්වීමට නොහැකි නිසාවෙන් සම්මේලනයේ සභාපති ධුරය දැරූ රිස්ලි ඉලියාස් මහතා තවදුරටත් සම්මේලනයේ සභාපති ලෙස කටයුතු කිරීමට නියමිතයි. 

ඉලියාස් මහතා 2019 වර්ෂයේ පැවති නිලවරණයේ දී ඒකමතික ඡන්දයෙන් සභාපති ධුරය සඳහා තේරීපත් විය. නසීම් මොහොමඩ් සහ ජූඩ් දිමිත්‍රි යන මහත්වරුන් නියෝජ්‍ය සභාපති සහ ලේකම් ලෙස තවදුරටත් කටයුතු කිරීමට නියමිතයි. 

කෙසේ නමුත් පවතින කමිටුවට තවමත් මෙරට රග්බි ක්‍රීඩාව වෙනුවෙන් කරන්නට විශාල වැඩකටයුතු රාශියක් ඉතිරිව ඇත්තේ කොරෝනා වසංගතය හමුවේ මෙරට රග්බි ක්‍රීඩාව විශාල පසුබෑමකට ලක්ව තිබෙන අවධියකයි.

රග්බි ක්‍රීඩාව හැරෙන්නට අනෙක් සෑම ක්‍රීඩාවක්ම නැවතත් ආරම්භ වී ඇති පසුබිමක කොරෝනා වසංගතයේ පළමු රැල්ලේ සිටම තවමත් මෙරට රග්බි ක්‍රීඩාව නවතා දමා ඇති අතර දින 400කට ආසන්න කාලයක් පුරාවට එකඳු රග්බි තරගයක් හෝ මේ වන තෙක් පවත්වා නොමැත.

තවත් රග්බි පුවත්:

පසුගිය නොවැම්බර් මාසයේ දී දේශීය සත් සාමාජික තරගාවලියක් පවත්වන්නට බලධාරීන් කටයුතු සංවිධානයක කළත් විවිධ හේතු මස එය අසාර්ථක විය. තවද රග්බි තරගාවලි කිහිපයක්ම දින නියමයක් නොමැතිව කල් දමන්නට බලධාරීන්ට සිදු වූයේ දිවයිනට බලපෑ උග්‍ර වසංගත තත්වය නිසාවෙනි. 

කෙසේ නමුත් මේ වන විට ක්‍රීඩකයින්, රග්බිලෝලීන් ඇතුළු සියලු දෙනා අපේක්ෂාවෙන් පසුවන්නේ වසර අවසානයේ හෝ නැවතත් රග්බි ක්‍රීඩාව ආරම්භ කරන්නට බලධාරීන්ට හැකි වේවායි යන චේතනාවෙනි. 

කමිටු සාමාජිකයින්:

  • රිස්ලි ඉලියාස් – සභාපති
  • නසීම් මොහොමඩ් – නියෝජ්‍ය සභාපති 
  • රියර් අද්මිරාල් එච්. ඒ. යූ. ඩී. හෙට්ටිආරච්චි – උප සභාපති
  • ජූඩ් දිමිත්‍රි – ලේකම්
  • දිනේෂ් පෙරේරා – භාණ්ඩාගාරික

සාමාජිකයින්:

  • ෆසාල් මොහොමඩ්
  • රොශාන් ඩීන්
  • ජීවන් ගුණතිලක
  • ප්‍රදීප් බස්නායක
  • පවිත්‍ර ප්‍රනාන්දු
  • නිරංජන් අබේවර්ධන
  • බන්දුල මල්ලිකාරච්චි
  • වෛද්‍ය සමන්ත නානායක්කාර

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න <<