දේශීය රග්බි පිටියේ ශූරයන් සත් සාමාජික තරගාවලියෙන් ඉවතට

444

අන්තර් සමාජ රග්බි පිටියේ වත්මන් ශූරයන් වන මහනුවර රග්බි කණ්ඩායම මෙම වසරේ මාර්තු මැද භාගයේ දී පැවැත්වීමට නියමිත Commanders Cup සත් සාමාජික රග්බි තරගාවලියෙන් ඉවත් වීමට තීරණය කර ඇත.

ශ්‍රී ලංකා රග්බි සම්මේලනය විසින් දින දෙකක තරගාවලියක් ලෙස පැවැත්වීමට සැලසුම් කර ඇති මෙම තරගාවලිය කොරෝනා වසංගතය නිසාවෙන් පසුගිය මාර්තු මස රග්බි පිටියේ ක්‍රියාකාරකම් නැවතීමෙන් පසුව පැවැත්වෙන මුල්ම තරගාවලිය වේ.

සිය කණ්ඩායම මෙම තරගාවලිය ක්‍රීඩා නොකිරීම පිළිබඳව අදහස් දක්වමින් මහනුවර රග්බි කණ්ඩායමේ නිලධාරියෙකු ප්‍රකාශ කර සිටියේ ඔවුන්ගේ ක්‍රීඩකයන්ගෙන් බොහෝ දෙනෙකු පෞද්ගලික අංශයේ රැකියාවන්ගේ නිරත වීම නිසාවෙන් මසක කාලයක් නිවාඩු ලබා ගැනීමට ඔවුන්ට ඇති අපහසුව නිසාවෙන් තරගාවලියට සහභාගි නොවන බවයි.

තවත් රග්බි පුවත්:

තරගාවලිය සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය ලබා දී ඇති රෙගුලාසි අනුව ක්‍රීඩකයන් වෙන් වෙන්ව දින 14ක කාලයක් පුහුණුවීම් කටයුතු සිදු කර පසුව ජෛව ආරක්ෂිත බුබුලට ඇතුළත් වී තරගාවලිය ආරම්භ වීමට පෙර තවත් දින 14ක කාලයක් නිරෝධායනය විය යුතු වේ.

එමෙන්ම වැඩි දුරටත් අදහස් දක්වමින් මහනුවර රග්බි කණ්ඩායම ප්‍රකාශ කර සිටියේ ඔවුන් මීට පෙර මෙම තරගාවලිය ක්‍රීඩා කිරීමට සූදානමින් පසු වූ බවත්, මේ දක්වා තරගාවලිය පැවැත්වෙන දිනයන් පිළිබඳව ප්‍රකාශයට පත්කර නොමැති නිසාවෙන් ඉවත් වීමට තීරණය කළ බවයි.

තරගාවලිය පැවැත්වෙන ආකාරය සහ දිනයන් පිළිබඳව ශ්‍රී ලංකා රග්බි සම්මේලනය විසින් මේ දක්වා ප්‍රකාශයට පත් කර නොමැත.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<