ශ්‍රී ලංකා පන්දු යවන්නෝ එකට එක කරති

1671

ඩකා නුවර මිර්පුර් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන බංග්ලාදේශ – ශ්‍රී ලංකා දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනයේ (08) දී දෙපිලේ ම ක්‍රීඩකයෝ කුණාටුවකට මැදිව තම තමන්ගේ කණ්ඩායම් ආරක්ෂා කර ගැනීමට නැංගුරම් සොයමින් සිටි අයුරක් දිස් වෙද්දී සුරංග ලක්මාල් තම ශතක ටෙස්ට් කඩුල්ල දවා ගනිමින් ටෙස්ට් කඩුලු ශතකයලාභීන්ගේ සමාජයට පිවිසියේ ය.

[rev_slider LOLC]

දඟ පන්දු යවන්නන්ට පරාදීසයක් බඳු මිර්පුර් ක්‍රීඩාංගණයේ අද (08) දෙපිලේ කඩුලු 14ක් දැවී ගිය අතර ඉන් කඩුලු 9ක ම හිමිකාරීත්වය දඟ පන්දු යවන්නන් වෙත හිමි වුණි.

ජයග්‍රහණයේ උණුසුම මැද ඇරඹෙන ටෙස්ට් තරගාවලියට පෙර

බංග්ලාදේශය හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය හෙට (31) ආරම්භ වන අතර එහි පළමු ටෙස්ට් තරගය චිතගොන් හිදී පැවැත්වෙනු ඇත.

දිනය නිමා වූයේ පළමු ඉනිමට පිටියට පළමුවෙන් පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලබාගත් ලකුණු 222ට පිළිතුරු ලෙසින් සත්කාරක ක්‍රීඩකයෝ කඩුලු 4ක් දැවී ලකුණු 56ක් ලබා ගනිමිනි.

තරග දෙකකින් යුත් තරගාවලියේ අවසාන ටෙස්ට් තරගයේ දී දෙපිලේ ම නායකයන් කාසියේ වාසිය උරගා බැලීමට පිටියට පිවිසියේ කණ්ඩායම් දෙකේ ම වෙනස්කම් දෙක බැගින් සිදු කරමිනි. ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු ටෙස්ට් තරගය ක්‍රීඩා කළ ලක්ෂාන් සඳකැන් සහ ලහිරු කුමාර වෙනුවට ධනුශ්ක ගුණතිලක සහ  එක්දින ජාත්‍යන්තර තරග 19කට සහ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 9කට ශ්‍රී ලංකාව නියෝජනය කර ඇති දකුණතින් පිට දඟ පන්දු යවන 24 හැවිරිදි අකිල ධනංජයට ටෙස්ට් වරම් හිමිකර දෙමින් කැඳවා තිබුණි.

බංග්ලාදේශය වෙනුවෙන් මොසදක් හුසේන් වෙනුවට ටෙස්ට් තරග 10කට ක්‍රීඩා කරමින් තවමත් කිසිදු කඩුල්ලක් ලබා ගැනීමට වාසනාවන්ත නොවූ වමතින් දඟ පන්දු යවන සබීර් රහමන් ද සුන්සමුල් ඉස්ලාම් වෙනුවට වමතින් දඟ පන්දු යවන අබ්දුර් රසාක් කැදවා තිබුණි. අබ්දුර් රසාක් ටෙස්ට් තරගයකට ඇරයුම් ලබන්නේ වසර 4කට පසුව වීම වැදගත් වන්නා සේ ම ඔහු බංග්ලාදේශ වෙනුවෙන් පළමු පෙළ කඩුලු 500 පසු කළ එක ම පන්දු යවන්නා ද වේ. ඔහු හරියට ම අදට වසර හතරකට පෙර ශ්‍රී ලංකාවට එරෙහිව ටෙස්ට් තරගයකට ක්‍රීඩා කළාට පසුව ය මෙම තරගයට පිවිසෙන්නේ.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණ කළ ද පළමු ඉනිම වෙනුවෙන් එය එතරම් ම හිතකර වූයේ නැත. දිවා විවේකය වෙනුවෙන් තරගය නතර කරන විටත් ශ්‍රී ලංකා ඉනිම පැවැතියේ දුර්වල තත්ත්වයේ ය. ඒ වෙද්දී ඉනිමේ ප්‍රධාන පිතිකරුවෝ සිවු දෙනෙක් ම ක්‍රීඩා විවේකාගාරයේ අසුන් ගන්වා තිබුණි. ලකුණු තත්ත්වය වූයේ 105කි.

ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න පළමු තරගයේ දී මෙන් ම මෙම තරගයේ දී ද අසාර්ථක වීම ඉනිමේ කඩා වැටීම ආරම්භ කරන්නක් විණි. අබ්දුර් රසාක්ගේ පන්දුවකට කඩුලු රකින ලිටන් ඩාස් විසින් ස්ටම්ප් කිරීමකට හසු කරගනිමින් දිමුත් දැවී යද්දී ඔහු ලබා සිටියේ ලකුණු 3ක් පමණි.

අනතුරුව පිටියේ ක්‍රියාත්මක වෙමින් තිබූ 17 වැනි පන්දු වාරයේ දී ඉනිමේ දෙවැනි කඩුල්ල ලෙසින් ධනංජය ද සිල්වා (19) දැවි ගියේ ය. ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් තරමක ස්ථාවර වෙමින් කඩුල්ල ආරක්ෂා කරගනිමින් පන්දුවට පහර දෙමින් සිටිය දී අනෙක් අන්තය බිඳ දැමීමට බංග්ලාදේශ පන්දු යවන්නෝ සමත් වූ හ. ඒ අනුව පිට පිට පන්දු දෙකක දී ධනුෂ්ක ගුණතිලක (13) සහ දිනේෂ් චන්දිමාල් (00) දවා ගැනීමට අබ්දුර් රසාක් සමත් විය.

කුසල් මෙන්ඩිස් අද තමන්ගේ 5 වැනි අර්ධ ශතකය දිවා විවේකයට පෙර ලබා ගත්තේ පන්දු 81කට මුහුණ දෙමිනි. නමුත් ඔහුගේ ඉනිම දිවා විවේකයෙන් පසුව යැවුණ දෙවැනි පන්දුවේ දී නිමා කිරීමට අබ්දුර් රසාක් සමත් විය. ඒ වෙද්දී කුසල් පන්දු 98කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 68ක් ලබා සිටියේ ය. ඉන් පසුව එළැබි පන්දු වාරයේ දී නිරෝෂන් දික්වැල්ල(01) ගේ කඩුල්ල ද ඩැහැ ගැනීමට තයිජුල් ඉස්ලාම් සමත් විය.

පිතිකරුවන් සේ කණ්ඩායමට නම් ලද සියල්ලෝ එකිනෙකා කඩුල්ල හැර යද්දී තම කඩුල්ල ආරක්ෂා කරගනිමින් හුදකලා ඉනිමක් ගොඩනැගීමට රොෂේන් සිල්වාට සිදු වුණි. ඒ අනුව ඔහු දිල්රුවන් පෙරේරා (31) සමගින් 7 වැනි කඩුල්ලට ලකුණු 52ක් ද අකිල ධනංජය (20) සමගින් 8 වැනි කඩුල්ලට 43ක ද සම්බන්ධතා ගොඩනැගුවේ ය. ඉනිමේ අවසන් පිතිකරු ලෙසින් අෂේන් සිල්වා දැවී යන විට ඔහු පන්දු 124කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 56ක් ලබා සිටියේ ය. අද ඔහු ලබා ගත්තේ තමන්ගේ දෙවැනි ටෙස්ට් අර්ධ ශතකයයි.

ශ්‍රී ලංකා ලකුණු පුවරුවට “ඩබල් නෙල්සන් පැමිණෙද්දී ඉනිම අවසන් කිරීමට අබ්දුර් රසාක් සහ තයිජුල් ඉස්ලාම් කඩුලු 4 බැගින් දවා ගත් අතර මුස්ටෆිසුර් රහමන් කඩුලු 2ක් දවා ගත්තේ ය.

පිළිතුරු ඉනිමට පිටියට පිවිසි බංග්ලාදේශ ක්‍රීඩකයන්ට ද වැඩි දක්ෂතා දැක්වීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ ද ඉඩ ලබා දුන්නේ නැත. එකට එක කරන්නාක් සේ ඔවුන් ද වැඩි පීඩනයක් යොදමින් තරගයට අවතීරණ වුණි. තම පළමු පන්දු වාරයේ තෙවැනි පන්දුවේ දී ආරම්භක පිතිකරු තමීම් ඉක්බාල් (04) දවා ගනිමින් සුරංග ලක්මාල් තරගයේ වාසිය තමන් වෙත නතු කර ගත්තේ තමන්ගේ ටෙස්ට් තරග දිවියේ සිය වැනි කඩුල්ල ද දවා ගනිමිනි.

අකිලගේ අලුත් කසාදය

කසාදය යනු තනිකඩයාට මැජික් එකකි. විවාහකයාට කැපකිරීම් කිරීම අනිවාර්ය කරන්නකි. ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවත් එසේමය. තරුණ මදය වැනි සීමිත පන්දුවාර ක්‍රිකට් සැණකෙළි පසෙක ලා, පරිණතභාවය…

අනතුරුව යැවුණ පන්දු වාරයේ දී ධනංජය ද සිල්වා සහ නිරෝෂණ දික්වැල්ල එක්ව පළමු ටෙස්ට් තරගයේ දී ඉනිම දෙකේ දී ම ශතක ලැබූ මොමිනුල් හක්ට කිසිදු ලකුණක් නොදී දුවද්දී දැවී යෑමට හසු කර ගත්තේ ය. නැවත ක්‍රියාත්මක වූ ලක්මාල් මුස්ෆිකර් රහීම්ගේ කඩුල්ල දවා ත්තේ ලකුණු පුවරු 12 රැදි තිබෙද්දී ය. එතැන් සිට 33ක සබඳතාවක් එක් කිරීමට ඉම්රුල් කයිස් සහ ලිටන් ඩාස් සමත් වෙති. එම සබඳතාව බිඳ දැමුවේ දිල්රුවන් පෙරේරා ය. දිනය අවසාන වන විට ලිටන් ඩාස් (24) සහ මෙහෙදි හසන් (05) නොදැවී කඩුල්ලේ රැදි සිටිති.

කඩුලු ලබා ගැනීමේ දී සුරංග ලක්මාල් කඩුලු 2ක් ද දිල්රුවන් පෙරේරා කඩුල්ලක් ද ලබා ගත්තේ ය.

ශ්‍රී ලංකාව; පළමු ඉනිම සියලුම දෙනා දැවී 222 (65.3) කුසල් මෙන්ඩිස් 68, ධනංජය ද සිල්වා 19, රොෂේන් සිල්වා 56, දිල්රුවන් පෙරේරා 31, අකිල ධනංජය 20, අබ්දුර් රසාක් 4/63, තයිජුල් ඉස්ලාම් 4/83, මුස්ටෆිසුර් රහමන් 2/17

බංග්ලාදේශය; පළමු ඉනිම කඩුලු 4ක් දැවී 56 (22.0) ඉම්රුල් කයිස් 19, ලිටන් ඩාස් නොදැවී 24, සුරංග ලක්මාල් 2/15

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<