10 වැනි කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් තරග ත්‍රිත්වයක් නිමා වූ රාත්‍රියේ දී අවසන් වූ අතර එහි දී මෙවර තරගාවලියේ මංගල ජයග්‍රහණ වාර්තා කිරිමට පාකිස්තාන සහ අයර්ලන්ත කණ්ඩායම් සමත් වෙද්දී එංගලන්තය තම 5 වැනි ජයග්‍රහණයත් වාර්තා කිරීමට සමත් වූවා.
- 26වැනි තරගය, 1 වැනි කාණ්ඩය, පාකිස්තානය සහ නෙදර්ලන්තය, Bristol හී County ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
කාසියේ වාසිය – පාකිස්තානය
කාසියේ වාසිය ජයග්‍රහණය කළ පාකිස්තාන ක්‍රීඩිකාවෝ පළමුවෙන් පන්දුවට පහර දෙමින් කඩුලු 6ක් දැවී ලකුණු 126ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිමට නෙදර්ලන්ත ක්‍රීඩිකාවෝ ලබා ගන්නේ සියලුම දෙනා දැවී ලකුණු 89ක් පමණයි.
ඒ අනුව ලකුණු 37ක ජයග්‍රහණයක් ලබා ගත් පාකිස්තාන ක්‍රීඩිකාවෝ මෙම තරගාවලියේ තමන් ලැබූ පළමු ජයග්‍රහණය වාර්තා කළා.
පාකිස්තාන ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වූයේ Gull Feroza. ඇය පන්දු 52කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සමඟින් ලකුණු 63ක් ලබා ගන්නවා. එය ඇයගේ ලෝක කුසලාන තරග දිවියේ මංගල අර්ධ ශතකයයි.
ඊට අමතර ව Ayesha Zafar පන්දු 29කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 29ක් ලබා ගත්තා.
කඩුලු දවා ගැනිමේ දී Iris Zwilling ලකුණු 19කට කඩුලු 2ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා.
නෙදර්ලන්ත පිළිතුරු ඉනිමේ දී නායිකා Babette de Leede පන්දු 41කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 30ක් ලබා ගත් අතර ඊට අමතර ව Heather Siegers පන්දු 16කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 24ක් ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී Fatima Sana සහ Ayesha Zafar කඩුලු 3ක් බැගින් දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
පාකිස්තානකාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 6ක් දැවී 126 (20.0) Gull Feroza 63, Ayesha Zafar 32, Iris Zwilling 2/19
නෙදර්ලන්තකාන්තා ක්‍රිකට් කණ්ඩායම – සියලුම දෙනා දැවී 89 (18.0) Heather Siegers 24, Babette de Leede 30, Fatima Sana 3/12, Ayesha Zafar 3/13
පාකිස්තානය කාන්තා ක්‍රිකට් කණ්ඩායමට කඩුලු 5ක ජයක්.
තරගයේ වීරයා – Gull Feroza (පාකිස්තානය)
- එංගලන්තය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගනී
- චමරි ආවේශ වෙයි, අයර්ලන්තයට එරෙහිව කඩුලු 9ක ජයක්
- එංගලන්තය අපරාජිත වෙද්දී දකුණු අප්‍රිකාව ඉන්දියාව පරාජය කරයි
- Sooryavanshi අවසන් මහා තරගය සංදර්ශනයක් කරයි
- ගියවර ශූරියෝ අමාරුවෙන් පළමු ජය ලබයි
2. 27වැනි තරගය, 2 වැනි කාණ්ඩය, බටහිර ඉන්දීය කොදෙව් සහ අයර්ලන්තය, Bristol හී County ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
කාසියේ වාසිය – අයර්ලන්තය
කාසියේ වාසිය ජයග්‍රහණය කළ ප්‍රතිවාදීන්ගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩිකාවෝ කඩුලු 7ක් දැවී ලකුණු 128ක් ලබා ගත් අතර ඊට පිළිතුර ඉනිමට පිටියට පිවිසි අයර්ලන්ත ක්‍රීඩිකාවෝ කඩුලු 4ක් පමණක් දැවී තවත් පන්දු 11ක් ඉතිරි කර ගනිමින් ප්‍රතිවාදී ඉලක්කය සපුරා ගන්නවා.
මෙය ඔවුන් මෙවර තරගාවලියේ ලත් පළමු ජයග්‍රහණයයි.
එම ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වෙන්නේ Orla Prendergast. ඇය පන්දු 44කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 63ක් ලබා ගත්තා. ඊට අමතර ව Amy Hunter පන්දු 32කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 28ක් ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී Ashmini Munisar ලකුණු 28කට කඩුලු 2ක් දවා ගත්තා.
තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ වැඩිම ලකුණුලාභිනිය වූයේ Chinelle Henry. ඇය පන්දු 21කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 27ක් ලබා ගන්නවා.
ඊට අමතර ව නායිකා Hayley Matthews පන්දු 25කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුනු 22ක් ද සහ Deandra Dottin පන්දු 28කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 21ක් ද ලබා ගන්නවා.
කඩුලු දවා ගැනීමේ දී Cara Murray සහ Aimee Maguire කඩුලු ද්විත්වය බැගින් දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
බටහිර ඉන්දීයකොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 7ක් දැවී 128 (20.0) Hayley Matthews 22, Deandra Dottin 21, Chinelle Henry නොදැවී 27, Aimee Maguire 2/22, Cara Murray 2/13
අයර්ලන්තකාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 4ක් දැවී 129 (18.1) Amy Hunter 28, Orla Prendergast 63, Ashmini Munisar 2/28
අයර්ලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමට කඩුලු 6ක ජයක්.
තරගයේ වීරයා – Orla Prendergast (අයර්ලන්තය)
3. 29වැනි තරගය, 2 වැනි කාණ්ඩය, නවසීලන්තය සහ එංගලන්තය, London හී Kennington Oval ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
කාසියේ වාසිය – නවසීලන්තය
කාසියේ වාසිය ජයග්‍රහණය කළ නවසීලන්ත ක්‍රීඩිකාවෝ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසෙමින් කඩුලු 6ක් දැවී ලකුණු 163ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි එංගලන්ත ක්‍රීඩිකාවෝ කඩුල්ලක් පමණක් දැවී තවත් පන්දු 16ක් ද ඉතිරි කර ගනිමින් ප්‍රතිවාදී ඉලක්කය සපුරා ගනිමින් තරගය ජයග්‍රහණය කරනවා.
ඒ සමඟින් ඔවුන් මෙවර තරගාවලියේ පළමු වටය අවසන් කරන්නේ අපරාජිතවයි.
එම ඉනිමේ දී ආරම්භක පිතිකාරිනී Danni Wyatt-Hodge පන්දු 53කට මුහුණ දෙමින් හතරේ පහර 15ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 89ක් ලබා ගත්තා. එය ඇයගේ 185ක් වන විස්සයි විස්ස ජාත්‍යන්තර තරග පිටියේ 3 වැනි අර්ධ ශතකයයි.
ඊට අමතර ව Sophia Dunkley පන්දු 38කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සමඟින් නොදැවී ලකුණු 49ක් ලබා ගත් අතර ඔවුන් දෙදෙනා එක් ව 2 වැනි කඩුල්ලට පන්දු 80ක දී නොදැවුණ ලකුණු 128ක සබඳතාවක් ගොඩ නගනවා.
ඉනිමේ දැවී ගිය එක ම කඩුල්ලේ හිමිකාරීත්වය Nensi Patel සතු වුණා.
තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්ත ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වූයේ නායිකා Melie Kerr. ඇය පන්දු 34කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 42ක් ලබා ගත්තා.
ඊට අමතර ව Sophie Devine පන්දු 14ක දී හතරේ පහරක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 30ක් ද සහ Isabella Gaze පන්දු 27කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 28ක් ද ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී Dani Gibson ලකුණු 30කට කඩුලු 2ක් දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
නවසීලන්තකාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 6ක් දැවී 163 (20.0) Melie Kerr 42, Isabella Gaze 28, Sophie Devine 30, Brooke Halliday 20, Dani Gibson 2/30
එංගලන්තකාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුල්ලක් දැවී 164 (17.2) Danni Wyatt-Hodge නොදැවී 89, Sophia Dunkley නොදැවී 49
එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමට කඩුලු 9ක ජයක්.
තරගයේ වීරයා – Danni Wyatt-Hodge (එංගලන්තය)
කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















