10 වැනි කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තම මංගල ජයග්‍රහණය ලබා ගැනීමට ගියවර ශූරියන් වූ නවසීලන්තය සමත් වෙනවා. ඔවුන් මෙවර තරගාවලියේ තරග ද්විත්වයක් පරාජය විමෙන් අනතුරුවයි මේ ජයග්‍රහණය වාර්තා කරන්නේ.
- 13 වැනි තරගය, 2 වැනි කාණ්ඩය, නවසීලන්තය සහ අයර්ලන්තය, Southampton හී The Rose Bowl ක්‍රීඩාංගණයේ දී.
කාසියේ වාසිය – අයර්ලන්තය
මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්ත ක්‍රීඩිකාවෝ කඩුලු 6ක් දැවී ලකුණු 140ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි අයර්ලන්ත ක්‍රීඩිකාවන්ට ලබා ගැනීමට හැකි වෙන්නේ කඩුලු 4ක් දැවී ලකුණු 136ක් පමණයි.
දෙපිල ම කරට කර සටන් කළ මෙම තරගයේ හඹා යන ඉනිමේ දී අයර්ලන්ත ක්‍රීඩිකාවන් දැඩි තරගකාරීත්වයෙන් ක්‍රීඩා කිරීම පැසසුමට ලක් වුණා. එහි දී ඉනිමේ පළමු කඩුල්ල දැවී යෑමෙන් අනතුරු ව නායිකා Gaby Lewis සහ Orla Prendergast එක් ව තරගයේ පාලනය තරගයේ අවසන් පන්දුවාර ත්‍රිත්වය දක්වා ම තම කණ්ඩායම සතු කර ගෙන තිබුණා.
නමුත් ඉනිමේ යැවුණ 18 වැනි පන්දුවාරයේ සිව් වැනි පන්දුවේ දී Orla Prendergast දැවී යෑමත් සමඟින් එම රිද්මය තරමක් වෙනස් වුණා. ඒ වෙද්දී ඔවුන් දෙදෙනා එක් ව පන්දු 95ක දී ලකුණු 110ක සබඳතාවක් එක් කර තිබූ අතර ඔවුන්ගෙන් ජයග්‍රාහී යශ්ටිය ගිලිහෙන්නේ තවත් පන්දු 14ක දී ලකුණු 25ක් අවශ්‍ය ව තිබිය දී යි.
Orla Prendergast පන්දු 53කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 59ක් ලබා ගනිමින් 2 වැනි කඩුල්ල ලෙසින් පිටිය හැර යන්නේ ඇය ගේ ලෝක කුසලාන තරගවල 2 වැනි අර්ධ ශතකය ද තම ගිණුමට එක් කරගනිමිනුයි.
ඇය ගේ දැවී යෑමෙන් අනතුරු ව යැවුණ හය වැනි පන්දුවේ දී Gaby Lewis ට ද තම ඉනිම හැර යන්නට සිදු වෙනවා. ඒ වෙද්දී ඇය ගේ ඉනිම පන්දු 53ක් වැය ව තිබූ ලකුණු 58කින් සමන්විත ව තිබුණා. එය ඇයගේ විස්සයි විස්ස ලෝක කුසලාන තරගවල මංගල අර්ධ ශතකයයි.
ඔවුන්ගේ මෙම දැවී යෑම් ද සමඟින් තරගයේ පාලනය පළපුරුදු නවසීලන්ත ක්‍රීඩිකාවෝ සතු කර ගත්තා. අයර්ලන්ත ක්‍රීඩිකාවන්ට ඉනිමේ අවසන් පන්දුවාරයේ දී ජයග්‍රහණය සඳහා ලකුණු 15ක් අවශ්‍ය වූව ද ඔවුන් ඉන් ලබා දෙන්නේ ලකුණු 10ක් පමණයි.
කඩුලු දවා ගැනීමේ දී Melie Kerr ලකුණු 23කට කඩුලු 2ක් දවා ගන්නා ලද අතර ඊට අමතර ව Bree Illing සහ Rosemary Mair කඩුල්ල බැගින් දවා ගත්තා.
- ඉන්දියාව, එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අපරාජිතයි
- ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ගියවර ශූරියෝ පරාජය කරයි
- ශ්‍රී ලංකාව T20 තරගාවලිය සම කරමින් විශිෂ්ට ජයක් ලබයි!
- ගියවර ශූරියන් සහ අනුශූරියන් පරාජය වෙයි
- ශ්‍රී ලංකා A ක්‍රීඩකයෝ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගනී
තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්ත ක්‍රීඩිකාවන්ට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට අයර්ලන්ත ක්‍රීඩිකාවෝ ඉඩ ලබා දුන්නේ නැහැ. ඔවුන්ගේ ඉනිමේ පළමු කඩුලු ත්‍රිත්වය ලකුණු 10ක් වෙද්දී දවා ගැනීමට ඔවුන් සමත් වෙනවා.
අනතුරු ව 4 වැනි කඩුල්ලට පන්දු 31ක දී ලකුණු 38ක සබඳතාවක් ද, 5 වැනි කඩුල්ලට පන්දු 50ක දී ලකුණු 62ක සබඳතාවක් ද සහ 7 වැනි කඩුල්ලට පන්දු 8ක දී නොදැවුණ ලකුණු 30ක සබඳතාවක් ද එක් කරමින් නවසිලන්ත ඉනිම ගොඩ නැගෙනවා.
එහි දී Izzy Sharp පන්දු 28කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 36ක් ද, Brooke Halliday පන්දු 37කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 34ක් ද සහ නායක Melie Kerr පන්දු 24කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 30ක් ද ලබා ගත්තා. ඉනිම අවසන් වන විට Suzie Bates පන්දු 12ක දී හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 19ක් ලබා සිටියා.
කඩුලු දවා ගැනීමේ දී Orla Prendergast සහ Cara Murray කඩුලු ද්විත්වය බැගින් දවා ගත් අතර ඊට අමතර ව Arlene Kelly සහ Aimee Maguire කඩුල්ල බැගින් දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 6ක් දැවී 140 (20.0) Melie Kerr 30, Brooke Halliday 34, Izzy Sharp 36, Suzie Bates නොදැවී 19, Orla Prendergast 2/26, Cara Murray 2/26
අයර්ලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 4ක් දැවී 136 (20.0) Gaby Lewis 58, Orla Prendergast 59, Melie Kerr 2/23
නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ලකුණු 4ක ජයක්.
තරගයේ වීරයා – Melie Kerr (නවසීලන්තය)
කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















