Home Sinhala ශහීන් පාකිස්තානය බබළවයි

ශහීන් පාකිස්තානය බබළවයි

300
(Photo by OLLY GREENWOOD / AFP)

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (05) ලන්ඩන් නුවර ලෝඩ්ස් පිටියේ දී පැවති පාකිස්තානය සහ බංග්ලාදේශය අතර තරගයේ දී ලකුණු 94ක ජයග්‍රහණයක් ලබා ගැනීමට පාකිස්තානය සමත් විය.

අන්තිමයා තේරෙන තරගයේ ජය කොදෙව්වන්ට

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් ස්ථානයට කවුරුන් පත්වේදැයි සැක හැක දැනගත හැකි තරගය….

කාසියේ වාසිය දිනා ගත් පාකිස්තාන ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දෙමින් කඩුලු 9ක් දැවී ලකුණු 315ක් ලබා ගත්හ. ඊට පිළිතුරු ලෙසින් බංග්ලාදේශ ක්‍රීඩකයන්ට ලබා ගත හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 221ක් පමණි. 

එම තරග ප්‍රතිඵලයත් සමඟින් පාකිස්තාන ප්‍රසාද ලකුණු සටහනේ ලකුණු 11ක් ලබා ගනිමින් නවසීලන්තය සමඟින් සම තත්ත්වයට පැමිණියේය. එහෙත් ලකුණු ලබා ගැනීමේ වේගය අනුව ඔවුන්ට සිව්වැනි ස්ථානයට පිවිසිමට නොහැකි විය. 

පාකිස්තානය වෙනුවෙන් ෆකාර් සාමන් සහ ඉමාම් උල් හක් ඉනිම ආරම්භ කළ ද ඔවුන්ට රිසි සේ පහරවල්වලට යෑමට බංග්ලාදේශ පන්දු යවන්නෝ ඉඩ තැබුවේ නැත. ඔවුන්ට පළමු කඩුල්ලට ලබා ගත හැකි වූයේ ලකුණු 23ක් පමණි. ඒ සඳහා පන්දු 44ක් වැය කිරීමට සිදු විය.

>> 2019 ක්‍රිකට් ලෝක කුසලානයේ Hub එකට මෙතැනින් පිවිසෙන්න <<

ෆාකර් සාමන් ලකුණු 13කට දැවී ගිය පසු පිටියට එක් වූයේ බාබර් අසාම් ය. එවර නම් බංග්ලාදේශ පන්දු යවන්නන්ට අස්වැසිල්ලක් ලැබුණේ නැත. ඔවුන් දෙදෙනා එක්ව දෙවැනි කඩුල්ලට ලකුණු 157ක සබඳතාවක් එක් කළහ. බාබර් අසාම් මෙවර ලෝක කුසලානයේ තම දෙවැනි ශතකය අද අහිමි කර ගත්තේ ලකුණු 4ක් අඩුවක් නිසාය. ඔහු පන්දු 98කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සමඟින් ලකුණු 96ක් ලබා ගත්තේය.

ඔහුගේ දැවී යෑමත් සමඟින් ඉමාම් උල් හක්ට එකතු වූයේ මොහොමඩ් හෆීස් ය. ඔවුන් දෙදෙනා එක්ව පාකිස්තාන ලකුණු පුවරුව 200 සීමාව පසු කරමින් ලකුණු 246ක් දක්වා රැගෙන ආහ. එවර ඉමාම් උල් හක් අවාසනාවන්ත ලෙස කඩුල්ලට තමා විසින්ම ගසාගෙන දැවී යන විට පන්දු 100කට මුහුණ දී හතරේ පහර 7ක් සමඟින් ලකුණු 100ක් ලබා සිටියේය. එය මේ 23 හැවිරිදි වමත් පිතිකරුවා මෙවර ලෝක කුසලානයේ රැස් කරන ලද මංගල ශතකයයි.

මාලිංගගේ අවසන් ලෝක කුසලාන තරගය කෙසේ නිමා වෙයි ද?

ශ්‍රී ලංකා කණ්ඩායම 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සහභාගී වන අවසන් තරගය සඳහා හෙට (6) ඉන්දීය…

ඔහුගේ දැවී යෑමෙන් අනතුරුව මොහොමඩ් හෆීස් ලකුණු 27කට දැවි ගියේ තවත් ලකුණු 2ක් පමණක් පාකිස්තාන ඉනිමට එක් වෙද්දීය. පාකිස්තාන ඉනිම ශක්තිමත් කිරීමේ දී ඉමාඩ් වසීම් පන්දු 26කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 43ක් ලබා ගත්තේය. 

ඊට අමතරව අනෙක් කිසිදු පිතිකරුවෙක්ට ලකුණු 10 සීමාව පසු කිරීමට බංග්ලාදේශ පන්දු යවන්නෝ ඉඩ තැබුවේ නැත. ඒ පිතිකරුවන් 6 දෙනෙකි. 

අවසන් පන්දුවාරයේ පිට පිට පන්දු දෙකක දී කඩුලු 2ක් ද දවා ගත් වමතින් වේගපන්දු යවන මස්ටෆිසුර් රහ්මන් ලකුණු 75කට කඩුලු 5ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළේය. ඔහු මෙවර තරගාවලියේ කඩුලු 5ක් දවා ගත් අවස්ථා දෙවැනි අවස්ථාවයි මේ. ඊට අමතරව මොහොමඩ් සයිෆුඩීන් කඩුලු 3ක් දවා ගත්තේය. 

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි බංගලියන්ට ආරම්භයේ සිට ම මුහුණ දෙන්නට සිදු වූයේ පාකිස්තාන පන්දු යවන්නන්ගේ ප්‍රබල තර්ජනයන්ට මුහුණ දෙන්නටය. ඔවුන්ට ලකුණු 100 වාර්තා කිරීමට ද කඩුලු 3ක් බිලි දීමට සිදු වූහ.

ශ්‍රී ලංකා නැගී එන පිළ අඛණ්ඩව තෙවැනි ජයත් වාර්තා කරයි!

මනා පාලනයකින් යුතු වූ පන්දුකරණයත්, මැදපෙළ පිතිකරුවන් පෙන්වූ විශ්වසනීය පිතහරඹයත් නිසා දකුණු අප්‍රිකානු…

එසේ වෙද්දී ශකීබ් අල් හසන් පන්දු 77කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 64ක් ලබා ගත්තේය. එය ශකීබ්ගේ මෙවර ලෝක කුසලානයේ 5 වැනි අර්ධ ශතකයයි. ශකීබ් තරග 9කට සහභාගී වෙමින් මේ වෙද්දී ලකුණු 606ක් ලබා ගනිමින් 2019 ලෝක කුසලාන තරගාවලියේ වැඩිම ලකුණු ලබා ගත් පිතිකරුවා බවට මේ වන විට පත්ව තිබේ. ශකීබ්ගේ ලකුණු ගිණුමට ශතක දෙකක් ද අඩංගුය.

ඔවුන්ට අමතරව ලිටන් දාස් (32) සහ මහමුදුල්ලා (29) ද ලකුණු අතරට පිවිසෙමින් බංග්ලාදේශ ඉනිම ගොඩ ගැනීමට උත්සාහ කළහ. පාකිස්තාන ඉනිමේ මෙන්ම බංග්ලාදේශ ඉනිමේ දී ද අවසන් ක්‍රීඩකයන් 5 දෙනා ලකුණු 10ට මෙපිටින් තැබීමට පාකිස්තාන පන්දු යවන්නෝ සමත් වූහ. 

කඩුලු ලබා ගැනීමේ දී 19 හැවිරිදි වමතින් වේග පන්දු යවන ශහීන් අෆ්රිඩි ලකුණු 35කට කඩුලු 6ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළේය. එය මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩකයෙක් විසින් වාර්තා කරන ලද හොඳම පන්දු යැවීම ද වන්නේය. ඔහු තරගයේ වීරයා ලෙසින් ද නම් කෙරුණි. 

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මීළඟ තරගය හෙට (6) ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වීමට නියමිතය.

>>තවත් ක්‍රිකට් පුවත් සඳ හා පිවිසෙන්න<<

Result


Pakistan
315/9 (50)

Bangladesh
221/10 (44.1)

Batsmen R B 4s 6s SR
Fakhar Zaman c Mehidy Hasan Miraz b Mohammad Saifuddin 13 31 1 0 41.94
Imam-ul-Haq hit-wicket b Mustafizur Rahman 100 100 7 0 100.00
Babar Azam lbw b Mohammad Saifuddin 96 98 11 0 97.96
Mohammad Hafeez c Shakib Al Hasan (vc) b Mehidy Hasan Miraz 27 25 3 0 108.00
Haris Sohail c Soumya Sarkar b Mustafizur Rahman 6 6 1 0 100.00
Imad Wasim c Mahmudullah b Mustafizur Rahman 43 26 6 1 165.38
Sarfaraz Ahmed not out 3 3 0 0 100.00
Wahab Riaz b Mohammad Saifuddin 2 4 0 0 50.00
Shadab Khan c & b Mustafizur Rahman 1 2 0 0 50.00
Mohammad Amir c Mushfiqur Rahim b Mustafizur Rahman 8 6 1 0 133.33
Shaheen Shah Afridi not out 0 0 0 0 0.00


Extras 16 (b 0 , lb 3 , nb 1, w 12, pen 0)
Total 315/9 (50 Overs, RR: 6.3)
Fall of Wickets 1-23 (7.2) Fakhar Zaman, 2-180 (31.6) Babar Azam, 3-246 (41.5) Imam-ul-Haq, 4-248 (42.4) Mohammad Hafeez, 5-255 (43.5) Haris Sohail, 6-288 (46.5) Wahab Riaz, 7-289 (47.1) Shadab Khan, 8-314 (49.4) Imad Wasim, 9-314 (49.5) Mohammad Amir,

Bowling O M R W Econ
Mehidy Hasan Miraz 10 0 30 1 3.00
Mohammad Saifuddin 9 0 77 3 8.56
Mustafizur Rahman 10 0 75 5 7.50
Mashrafe Mortaza 7 0 46 0 6.57
Shakib Al Hasan (vc) 10 0 57 0 5.70
Mosaddek Hossain 4 0 27 0 6.75


Batsmen R B 4s 6s SR
Tamim Iqbal b Shaheen Shah Afridi 8 21 0 0 38.10
Soumya Sarkar c Fakhar Zaman b Mohammad Amir 22 22 4 0 100.00
Shakib Al Hasan (vc) c Sarfaraz Ahmed b Shaheen Shah Afridi 64 77 6 0 83.12
Mushfiqur Rahim b Wahab Riaz 16 19 2 0 84.21
Liton Das c Haris Sohail b Shaheen Shah Afridi 32 40 3 0 80.00
Mahmudullah b Shaheen Shah Afridi 29 41 3 0 70.73
Mosaddek Hossain c Babar Azam b Shadab Khan 16 21 1 0 76.19
Mohammad Saifuddin c Mohammad Amir b Shaheen Shah Afridi 0 1 0 0 0.00
Mehidy Hasan Miraz not out 7 6 1 0 116.67
Mashrafe Mortaza st Sarfaraz Ahmed b Shadab Khan 15 14 0 2 107.14
Mustafizur Rahman b Shaheen Shah Afridi 1 3 0 0 33.33


Extras 11 (b 0 , lb 5 , nb 0, w 6, pen 0)
Total 221/10 (44.1 Overs, RR: 5)
Fall of Wickets 1-26 (5.5) Soumya Sarkar, 2-48 (10.4) Tamim Iqbal, 3-78 (17.2) Mushfiqur Rahim, 4-136 (28.1) Liton Das, 5-154 (32.1) Shakib Al Hasan (vc), 6-197 (39.4) Mosaddek Hossain, 7-197 (40.1) Mohammad Saifuddin, 8-198 (40.3) Mahmudullah, 9-219 (43.4) Mashrafe Mortaza, 10-221 (44.1) Mustafizur Rahman,

Bowling O M R W Econ
Mohammad Hafeez 6 1 32 0 5.33
Mohammad Amir 7 0 31 1 4.43
Shaheen Shah Afridi 9.1 0 35 6 3.85
Wahab Riaz 7 0 33 1 4.71
Imad Wasim 6 0 26 0 4.33
Shadab Khan 9 0 59 2 6.56