සුඛිත, ඉෂාන් සහ නලින් පළමු පෙළ හොඳම දක්ෂතා අතරට

SLC Major League Cricket Tournament 2022

918

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major League තුන් දින ක්‍රිකට් තරගාවලියේ 11 වැනි සතියේ තෙවැනි දිනය වූ අද (29) දවස නිමාවේ දී සුඛිත මනෝජ්, ඉෂාන් රංගන සහ නලින් ප්‍රියදර්ශන තම පළමු පෙළ තරගවල හොඳම දක්ෂතා දැක්වීමට සමත් වුනා.

කලුතර නාගරික කණ්ඩායමේ 19 හැවිරිදි වමත් පිතිකරු සුඛිත මනෝජ් මුවර්ස් ක්‍රීඩා සමාජයට එරෙහිව අද දක්ෂතා දැක්වූයේ පන්දු 252කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සහ හයේ පහර 8ක් සමඟින් ලකුණු 152ක් ලබා ගනිමින්. ඔහු සමඟින් එක් වූ සවන් කංකානම්ගේ ද පන්දු 187කට මුහුණ දෙමින් හතරේ පහර 13ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 105ක් රැස් කරගත්තා.

සෙබස්තියනයිට්ස් කණ්ඩායමේ ඉෂාන් රංගන ද අද තම පළමු පෙළ ඉහළම දක්ෂතාව දැක්වූවා. ඒ ලංකන් කණ්ඩායමට එරෙහිව පන්දු 212කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 109ක් රැස් කරගනිමින්.

පොලිස් ක්‍රීඩා සමාජයේ දකුණතින් පිට දඟපන්දු යවන නලින් ප්‍රියදර්ශන, ගාල්ලට එරෙහිව ලකුණු 85කට කඩුලු 6ක් දවා ගත් අතර එය ඔහුගේ පළමු පෙළ තරගවල හොඳම පන්දු යැවීම බවට ද පත් වූවා.

ශ්‍රී ලංකා යුද හමුදාවේ 25 හැවිරිදි දකුණත් ආරම්භක පිතිකරු තුලින දිල්ශාන් හලාවත මේරියන්ස් කණ්ඩායමට එරෙහිව පන්දු 236කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 112ක් රැස් කරගත් අතර පෙර දින නොදැවී ලකුණු 91ක් රැස් කරගෙන සිටි CCC කණ්ඩායමේ මිනෝද් භානුක කැන්ඩි කස්ටම්ස් කණ්ඩායමට එරෙහිව අද තම ශතකය වාර්තා කිරීමට සමත් වුනා. ඔහු CCC ඉනිම අත්හිටුවන විට පන්දු 123කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 118ක් වාර්තා කරගත්තා.

මේ අතර නුගේගොඩ කණ්ඩායමේ සුවත් මෙන්ඩිස්, බදුරලිය කණ්ඩායමේ අනුක් ප්‍රනාන්දු, යුද හමුදාවේ හිමාෂ ලියනගේ, කැන්ඩි කස්ටම්ස් කණ්ඩායමේ ඉමේෂ් උදයංග සහ මිතුන් ජයවික්‍රම, කෝල්ට්ස් කණ්ඩායමේ ඇන්ජලෝ මැතිව්ස් සහ ප්‍රියමාල් පෙරේරා, SSC කණ්ඩායමේ ක්‍රිශාන් සංජුල සහ රොෂේන් සිල්වා, කුරුණෑගල යූත් කණ්ඩායමේ ගයාන් මනීෂාන්, NCC කණ්ඩායමේ උපුල් තරංග සහ සහන් ආරච්චිගේ, ගුවන් හමුදාවේ මොවින් සුබසිංහ, නාවික හමුදාවේ සවින් ගුණසේකර, සෙබස්තියනයිට්ස් කණ්ඩායමේ තරිඳු රත්නායක, ටැමිල් යුනියන් කණ්ඩායමේ නවෝද් පරණවිතාන සහ පොලිස් කණ්ඩායමේ මධුරංග සොයිසා අද දවසේ දී අර්ධ ශතක වාර්තා කරගත් ලැයිස්තුවට එක් වූවා.

පන්දු යැවීමේ දී CCC කණ්ඩායමේ 21 හැවිරිදි වමතින් දඟපන්දු යවන සොනාල් දිනූෂ කැන්ඩි කස්ටම්ස් කණ්ඩායමට එරෙහිව කඩුලු 6ක් දවා ගනිද්දී කෝල්ට්ස් කණ්ඩායමේ රොහාන් සංජය රාගමට එරෙහිව ද, බදුරලිය කණ්ඩායමේ අලංකාර අසංක නුගේගොඩට එරෙහිව ද කඩුලු 5 බැගින් දවා ගත්තා.

Group A

CCC සහ කැන්ඩි කස්ටම්ස් අතර තරගය CCC ක්‍රීඩා පිටියේ දී

  • CCC – පළමු ඉනිම සියලු දෙනා දැවී 201 (76.1): මාලිංග අමරසිංහ 92, චමිඳු විජේසිංහ 65, සහන් අදීශ 6/32, සචිත්‍ර පෙරේරා 2/59
  • කැන්ඩි කස්ටම්ස් – පළමු ඉනිම සියලු දෙනා දැවී 144 (45.5): හර්ෂ රාජපක්ෂ 62, Ian Dev Singh 30, මාලින්ද පුෂ්පකුමාර 5/62, ලක්ෂාන් සඳකැන් 3/36.
  • CCC – දෙවැනි ඉනිම කඩුලු 4ක් දැවී 305 (59.1): මිනෝද් භානුක නොදැවී 118, නිමේෂ ගුණසිංහ 97, පවන් රත්නායක 27, ලසිත් අබේරත්න 39, උමේග චතුරංග 2/78.
  • කැන්ඩි කස්ටම්ස් – දෙවැනි ඉනිම සියලු දෙනා දැවී 264 (71.4): ඉමේෂ් උදයංග 61, මිතුන් ජයවික්‍රම 59, Ian Dev Singh 34, හර්ෂ රාජපක්ෂ 38, රශ්මික මධුශංක 31, සොනාල් දිනූෂ 6/81.

CCC කණ්ඩායමට ලකුණු 98ක ජයක්.

කෝල්ට්ස් සහ රාගම අතර තරගය කෝල්ට්ස් ක්‍රීඩා පිටියේ දී

  • කෝල්ට්ස් – පළමු ඉනිම කඩුලු 6ක් දැවී 486 (110): ධනංජය ලක්ෂාන් 154, ඇන්ජලෝ මැතිව්ස් 61, හෂාන් දුමිඳු 60, සංගීත් කුරේ 64, ප්‍රියමාල් පෙරේරා 58, විශාද් රන්දික නොදැවී 52, සංජුල බණ්ඩාර 3/97, නිපුන් මාලිංග 2/63.
  • රාගම – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 322 (81): ජනිත් ලියනගේ 70, අවිශ්ක තරිඳු 61, නිශාන් මධුශ්ක 51, ලහිරු දවටගේ 49, දිනෙත් තිමෝද්‍ය 29, නිපුන් මාලිංග 21, රොහාන් සංජය 5/101, අකිල ධනංජය 2/104.
  • කෝල්ට්ස් – දෙවැනි ඉනිම කඩුලු 6ක් දැවී 233 (70): ඇන්ජලෝ මැතිව්ස් 60, ප්‍රියමාල් පෙරේරා 51, සංගීත් කුරේ 45, දුනිත් වෙල්ලාලගේ 26, හෂාන් දුමිඳු 22, ශෂික දුල්ශාන් 3/86, දිනෙත් තිමෝද්‍ය 2/24.

තරගයේ විසඳුමක් නොමැත.

කුරුණෑගල යූත් සහ SSC අතර තරගය කුරුණෑගල වෙළගෙදර ක්‍රීඩාංගණයේ දී

  • SSC – පළමු ඉනිම සියලු දෙනා දැවී 375 (96.5): මනෝජ් සරත්චන්ද්‍ර 113, රොෂේන් සිල්වා 100, ප්‍රභාත් ජයසූරිය 57, නිපුන් ධනංජය 29, නුවනිඳු ප්‍රනාන්දු 24, දිනුෂ්ක මාලන් 3/70, නවීන් ගුණවර්ධන 3/83, ලහිරු ජයරත්න 2/74.
  • කුරුණෑගල යූත් – පළමු ඉනිම සියලු දෙනා දැවී 262 (74.4): දමිත් පෙරේරා 95, සනෝජ් දර්ශික 71, මුදිත ප්‍රේමදාස 34, ලහිරු ජයරත්න 25, ප්‍රභාත් ජයසූරිය 4/80, කළණ පෙරේරා 2/33, නිසල තාරක 2/69.
  • SSC – දෙවැනි ඉනිම කඩුලු 5ක් දැවී 169 (37.5): ක්‍රිශාන් සංජුල 76, රොෂේන් සිල්වා 51, දිනූෂ මාලන් 3/40, ලහිරු ජයරත්න 2/33.
  • කුරුණෑගල යූත් – දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී 137 (27): ගයාන් මනීෂාන් 66, දමිත් පෙරේරා 43, ප්‍රභාත් ජයසූරිය 2/51.

තරගයේ විසඳුමක් නොමැත.


මුවර්ස් සහ කලුතර අතර තරගය මූවර්ස් ක්‍රීඩා පිටියේ දී

  • මුවර්ස් – පළමු ඉනිම කඩුලු 8ක් දැවී 427 (108.3): පසිඳු සූරියබණ්ඩාර 181, කවිඳු කුලසේකර 65, සොහාන් ද ලිවේරා 61, මොහොමඩ් ශමාස් 38, ජනිශ්ක පෙරේරා 24, දිනුක ඩිල්ශාන් 23, සුදාර දක්ෂිණ 2/84.
  • කලුතර – පළමු ඉනිම සියලු දෙනා දැවී 197 (59.1): ඉෂාන් අබේසේකර 50, සුකිත මනෝජ් 43, නිපුන ගමගේ 35, යොහාන් මෙන්ඩිස් 27, රමේෂ් මෙන්ඩිස් 5/90, තීසාන් විතුසාන් 4/64.
  • කලුතර – දෙවැනි ඉනිම කඩුලු 5ක් දැවී 341 (97): සුකිත මනෝජ 152, සවන් කංකානම්ගේ 105, මාධව නිමේෂ් 35, රමේෂ් මෙන්ඩිස් 4/88.
  • මුවර්ස් – දෙවැනි ඉනිම කිසිවෙක් නොදැවී 45 (4): ජනිශ්ක පෙරේරා නොදැවී 22, මොහොමඩ් ශමාස් නොදැවී 19.

තරගයේ විසඳුමක් නොමැත.


පොලිසිය සහ ගාල්ල අතර තරගය පොලිස් උද්‍යාන පිටියේ දී

  • ගාල්ල – පළමු ඉනිම සියලු දෙනා දැවී 223 (63.2): Nishant Kushwah 74, විනුර දුල්සර 39, ශාලිත් ප්‍රනාන්දු 34, යශෝද ලංකා 20, චතුර රන්දුණු 4/71, නුවන් ප්‍රදීප් 2/33, සුපුන් මධුශංක 2/20.
  • පොලිසිය – පළමු ඉනිම සියලු දෙනා දැවී 269 (77.3): දුලාශ් උදයංග 55, චාමර සිල්වා 50, මධුරංග සොයිසා 43, නදීර බාලසූරිය 24, සුපුන් මධුශංක නොදැවී 39, මංජුල ජයවර්ධන 20, හරීන් බුද්ධිල 3/63, Raghu Sharma 3/88.
  • ගාල්ල – දෙවැනි ඉනිම සියලු දෙනා දැවී 190 (59.1): ඩිල්ශාන් කාංචන 32, විනුර දුල්සර 32, ශාලිත් ප්‍රනාන්දු 25, කවිඳු එදිරිවීර 20, නලින් ප්‍රියදර්ශන 6/85, චතුර රන්දුණු 4/51.
  • පොලිසිය – දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී 145 (31.3): මධුරංග සොයිසා 57, චතුරංග කුමාර නොදැවී 38, නදීර බාලසූරිය 27.

පොලිස් ක්‍රීඩා සමාජයට කඩුලු 7ක ජයක්.

ලංකන් සහ සෙබස්තියනයිට්ස් අතර තරගය පී. සරා Oval ක්‍රීඩා පිටියේ දී

  • ලංකන් – පළමු ඉනිම සියලු දෙනා දැවී 414 (133.1): කසුන් අබේරත්න 111, ඉසිවර දිසානායක 67, ප්‍රසන්සන ජයමාන්න 22, රිසිත් උපමාල් 108, දමිත සිල්වා 32, ලහිරු දිල්ශාන් 40, තරුෂ ප්‍රනාන්දු 5/79චාමිකර එදිරිසිංහ 2/150.
  • සෙබස්තියනයිට්ස් – පළමු ඉනිම කඩුලු 8ක් දැවී 425 (128.2): ඉෂාන් රංගන 109, සචිත ජයතිලක 70, තරිඳු රත්නායක 50, මනෙල්ක ද සිල්වා 46, රයන් ප්‍රනාන්දු 46, සචා ද අල්විස් 25, ලොහාන් ද සොයිසා 27, දමිත සිල්වා 4/75, ගීත් කුමාර 3/87.

තරගයේ විසඳුමක් නොමැත.

Group B

බදුරලිය සහ නුගේගොඩ අතර තරගය මග්ගොන Surry ක්‍රීඩාංගණයේ දී

  • නුගේගොඩ – පළමු ඉනිම සියලු දෙනා දැවී 185 (48.3): Karan Kaila 37, සුවත් මෙන්ඩිස් 35, නවීන් ප්‍රනාන්දු 20, ලහිරු ගමගේ 4/12, රුචිර කෝශිත 2/43, චලන ද සිල්වා 2/67.
  • බදුරලිය – පළමු ඉනිම සියලු දෙනා දැවී 304 (62.4): මලිඳු මධුරංග 129, චලන ද සිල්වා 52, අනුක් ප්‍රනාන්දු 24, මිතිර තෙනුර 23, සුවත් මෙන්ඩිස් 4/121, සහන් නානායක්කාර 2/58, Karan Kaila 3/67.
  • නුගේගොඩ – දෙවැනි ඉනිම කඩුලු 8ක් දැවී 334 (91.4): අභිශේක් ලියනාරච්චි 89, පැතුම් ඩිල්ශාන් 55, Karan Kaila 56, දිල්හාර පොල්ගම්පොළ 52, සුවත් මෙන්ඩිස් නොදැවී 36, අලංකාර අසංක 5/56.
  • බදුරලිය – දෙවැනි ඉනිම කඩුලු 9ක් දැවී 217 (52.4): අනුක් ප්‍රනාන්දු 67, රනේෂ් සිල්වා නොදැවී 44, චලන ද සිල්වා 22, මිතිර තේනුර 31, Karan Kaila 5/56, සහන් නානායක්කාර 2/78, රුමේෂ් බුද්ධික 2/23.

බදුරලිය ක්‍රීඩා සමාජයට කඩුල්ලක් ජයක්.

හලාවත මේරියන්ස් සහ යුද හමුදාව අතර තරගය ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී

  • ශ්‍රී ලංකා යුද හමුදාව – පළමු ඉනිම සියලු දෙනා දැවී 376 (100.1): ලක්ෂාන් එදිරිසිංහ 112, මහේෂ් කුමාර 106, තුලින ඩිල්ශාන් 50, අශාන් රන්දික 35, සුමින්ද ලක්ෂාන් 24, Swapnil Gugale 4/104, අවිඳු තීක්ෂණ 3/109.
  • හලාවත මේරියන්ස් – පළමු ඉනිම සියලු දෙනා දැවී 272 (81): තික්ෂිල ද සිල්වා 61, ලසිත් ලක්ෂාන් 60, රවීන් යසස් 43, Swapnil Gugale 20, කසුන් විදුර 25, Anuj Jotin 23, කවිඳු දිල්හාර 20, සීක්කුගේ ප්‍රසන්න 5/69, යශෝද මෙන්ඩිස් 2/19, සුමින්ද ලක්ෂාන් 2/46.
  • ශ්‍රී ලංකා යුද හමුදාව – දෙවැනි ඉනිම කඩුලු 4ක් දැවී 248 (77.5): තුලින දිල්ශාන් නොදැවී 112, හිමේෂ ලියනගේ 70, අශාන් රන්දික 32, ලක්ෂාන් එදිරිසිංහ 22.

තරගයේ විසදුමක් නොමැත.

NCC සහ බ්ලූම්ෆීල්ඩ් අතර තරගය NCC ක්‍රීඩා පිටියේ දී

  • NCC – පළමු ඉනිම සියලු දෙනා දැවී 130 (37.3): උපුල් තරංග 26, අහන් වික්‍රමසිංහ 24, ලහිරු මධුශංක 5/70, මධුක ලියනපතිරණගේ 3/18, චානක කොමසාරු 2/20.
  • බ්ලූම්ෆීල්ඩ් – පළමු ඉනිම සියලු දෙනා දැවී 319 (91.3): Hasnain Bokhari 196, ලහිරු මධුශංක 21, මධුක ලියනපතිරණගේ 22, අම්ෂි ද සිල්වා 3/60, ඩිල්ශාන් අරඹෙගෙදර 3/103, නිපුන් රන්සික 2/48.
  • NCC – දෙවැනි ඉනිම සියලු දෙනා දැවී 328 (105.4): සහන් ආරච්චිගේ 92, උපුල් තරංග 68, සඳුන් වීරක්කොඩි 33, අහන් වික්‍රමසිංහ 34, අශේන් ඩැනියෙල් නොදැවී 25, නිපුන් රන්සික 28, ලහිරු උදාර 25, Hasnain Bokhari 3/67, මධුක ලියනපතිරණගේ 2/97, චානක කොමසාරු 2/90, මාධව වර්ණපුර 2/31.
  • බ්ලූම්ෆීල්ඩ් – දෙවැනි ඉනිම කිසිවෙක් නොදැවී 32 (8):

තරගයේ විසඳුමක් නොමැත.

ගුවන් හමුදාව සහ මීගමුව අතර තරගය කටුනායක ගුවන් හමුදා ක්‍රීඩා පිටියේ දී

  • මීගමුව – පළමු ඉනිම සියලු දෙනා දැවී 315 (94.3): ඩිල්ශාන් මුණවිර 85, Jatin Saxena 82, ජීවක ශෂීන් 31, උපුල් ඉන්ද්‍රසිරි 26, දුලාංජන මෙන්ඩිස් 5/94, මධුශාන් රවිචන්ද්‍රකුමාර් 2/50, මොවින් සුබසිංහ 2/29.
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාව – පළමු ඉනිම සියලු දෙනා දැවී 276 (83): කසුන් ඒකනායක 79, උදයවංශ පරාක්‍රම 53, මොවින් සුබසිංහ 50, සචින් ජයවර්ධන 28, මිශේන් සිල්වා 22, උපුල් ඉන්ද්‍රසිරි 3/92, Jatin Saxena 4/63, දනුශ්ක සඳරුවන් 3/38.
  • මීගමුව – දෙවැනි ඉනිම කඩුලු 7ක් දැවී 171 (58): ජීවක ශෂීන් 42, කෙවින් අල්මේදා 38, දිමුත් සඳරුවන් 23, උපුල් ඉන්ද්‍රසිරි නොදැවී 23, මොවින් සුබසිංහ 3/46, සචින් ජයවර්ධන 2/30.
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාව – දෙවැනි ඉනිම කඩුලු 2ක් දැවී 69 (16): කසුන් ඒකනායක 34.

තරගයේ විසඳුමක් නොමැත.

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ටැමිල් යුනියන් අතර තරගය වැලිසර නාවික හමුදා ක්‍රීඩා පිටියේ දී

  • නාවික හමුදාව – පළමු ඉනිම සියලු දෙනා දැවී 282 (85.3): සහන් කෝසල 94, අදීශ නානායක්කාර 63, අසන්ත සිංගප්පුලි 41, මාලිංග මලිගස්පේ 40, රවීන් ද සිල්වා 4/86, ශිරාන් ප්‍රනාන්දු 3/33, නවොද් පරණවිතාන 2/20.
  • ටැමිල් යුනියන් – පළමු ඉනිම සියලු දෙනා දැවී 338 (90.2): රවිඳු ප්‍රනාන්දු 61, නවෝද් පරණවිතාන 48, රොන් චන්ද්‍රගුප්ත 43, රවීන් ද සිල්වා 41, දිලුම් සුධීර 38, සදීර සමරවික්‍රම 36, කමේෂ් නිර්මාල් 31, නවීන් කවිකාර 6/100.
  • නාවික හමුදාව – දෙවැනි ඉනිම සියලු දෙනා දැවී 206 (43.4): සවින් ගුණසේකර 63, බුද්ධික මධුශාන් 34, අදීශ නානායක්කාර 24, ශිරාන් ප්‍රනාන්දු 3/23, රවීන් ද සිල්වා 3/39, දිලුම් සුධීර 2/44.
  • ටැමිල් යුනියන් – දෙවැනි ඉනිම කඩුලු 4ක් දැවී 151 (20): නවෝද් පරණවිතාන 61, සදීර සමරවික්‍රම 30, රොන් චන්ද්‍රගුප්ත නොදැවී 21, නවින් කවිකාර 2/66.

ටැමිල් යුනියන් ක්‍රිකට් සමාජයට කඩුලු 6ක ජයක්.  

දවසින් දවස උණුසුම් වන තරගාවලියේ නවතම තොරතුරු දැනගැනීමට රැඳී සිටින්න, ThePapare.com අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<