10 වැනි කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නිමා වූ 22 වැනි තරගයේ දී සත්කාරක එංගලන්ත ක්‍රීඩිකාවෝ, බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහි ව ලකුණු 38ක ජයග්‍රහණයක් වාර්තා කරමින් මෙවර තරගාවලියේ පිට පිට ලත් සිව් වැනි ජයග්‍රහණයත් වාර්තා කිරීමට සමත් වෙනවා. ඒ සමඟින් ඔවුන් කිසිදු අපහසුවකින් තොරව මෙවර තරගාවලියේ අවසන් පූර්ව වටය නියෝජනය කිරීමට සුදුසුකම් ලබා ගත්තා.
- 22 වැනි තරගය, 2 වැනි කාණ්ඩය, එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව්, London හී Lord’s ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
කාසියේ වාසිය – බටහිර ඉන්දීය කොදෙව්
කාසියේ වාසිය ජයග්‍රහණය කළ ප්‍රතිවාදී ක්‍රීඩිකාවන්ගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි එංගලන්ත ක්‍රීඩිකාවෝ කඩුලු 7ක් දැවී ලකුණු 186ක් ලබා ගන්නවා. ඊට පිළිතුර ඉනිමට පිටියට පිවිසි බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩිකාවන්ට ලබා ගැනිමට හැකි වෙන්නේ කඩුලු 5ක් දැවී ලකුණු 148ක් පමණයි.
එම ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වෙන්නේ Chinelle Henry. ඇය ඉනිම අවසන් වන විට පන්දු 30කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 51ක් ලබා සිටියා. එය ඇය ගේ 76ක් වන විස්සයි විස්ස ජාත්‍යන්තර තරග පිටියේ මංගල ශතකයයි.
ඇය Jahzara Claxton හා එක් ව 5 වැනි කඩුල්ලටපන්දු 52ක දී ලකුණු 63ක සබඳතාවක් ද ගොඩ නගමින් තරගය ජයග්‍රහණය කරා ගෙන යෑමට උත්සාහ කරනවා. Jahzara Claxton පන්දු 34කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 21කට දැවී යෑමත් සමඟින් එම උත්සාහය අසාර්ථක වූවා.
ඔවුන් දෙදෙනාට අමතර ව Shemaine Campbelle පන්දු 18කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 20ක් ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී Charlie Dean ලකුණු 31කට කඩුලු 2ක් දවා ගත්තා.
පළමුවෙන් පන්දුවට පහර දුන් එංගලන්ත ඉනිමේ වැඩිම ලකුණුලාභියා බවට පත් වෙන්නේ Danni Wyatt-Hodge. ඇය පන්දු 42කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් ලකුණු 65ක් ලබා ගත්තා. එය ඇයගේ 33ක් වන ලෝක කුසලාන තරගවල 3 වැනි අර්ධ ශතකයයි.
ඇය එම ඉනිමේ දී Sophia Dunkley හා එක් ව 2 වැනි කඩුල්ලට පන්දු 16ක දී ලකුණු 30ක සබඳතාවක් ද, Alice Capsey හා එක් ව 3 වැනි කඩුල්ලට පන්දු 50ක දී ලකුණු 66ක සබඳතාවක් ද සහ Heather Knight හා එක් වෙමින් සිව් වැනි කඩුල්ලට පන්දු 24ක දී ලකුණු 40ක් ද එක් කරනවා.
එම සබඳතාවන් හි දී Sophia Dunkley පන්දු 11ක දී හතරේ පහර 3ක් සමඟින් ලකුණු 14ක් ද Alice Capsey පන්දු 23ක දී හතරේ පහර 3ක් සමඟින් ලකුණු 28ක් ද සහ Heather Knight පන්දු 26ක දී හතරේ පහර 7ක් සමඟින් ලකුණු 43ක් ද ලබා ගන්නවා.
කඩුලු දවා ගැනීමේ දී Ashmini Munisar ලකුණු 42කට කඩුලු 2ක් දවා ගත් අතර ඊට අමතර ව Karishma Ramharack, Chinelle Henry සහ Hayley Matthews කඩුල්ල බැගින් දවා ගත්තා.
- චමරි ආවේශ වෙයි, අයර්ලන්තයට එරෙහිව කඩුලු 9ක ජයක්
- ඉන්දීය ක්‍රීඩිකාවන්ට ලකුණු 93ක ජයක්
- අඩු ලකුණු ශ්‍රී ලංකාවට වින කටියි
- ඉන්දියාව, එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අපරාජිතයි
- ලෝක කුසලාන ඉහළ ම ලකුණු සංඛ්‍යාව ලබා දී ශ්‍රී ලංකාව පරාජය වෙයි
මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ස්කොට්ලන්ත ක්‍රීඩිකාවෝ කඩුලු 7ක් දැවී ලකුණු 131ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි නවසීලන්ත ක්‍රීඩිකාවෝ කඩුලු 4ක් දැවී ප්‍රතිවාදී ඉලක්කය සපුරා ගන්නේ තවත් පන්දු 8ක් ද ඉතිරි කර ගනිමිනුයි.
ජයග්‍රාහී එම ඉනිමේ දී 21 හැවිරිදි වියේ පසුවෙන ඉදිරි පෙළ පිතිකාරිනී Izzy Sharp පන්දු 43කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 62ක් ලබා ගන්නවා. එය ඇය ගේ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග පිටියේ මංගල අර්ධ ශතකයයි.
ඇය තම ඉනිම තුළ දී Brooke Halliday හා එක් වෙමින් 4 වැනි කඩුල්ලට පන්දු 75ක දී ලකුණු 101ක සබඳතාවක් ද ගොඩ නගනවා. Brooke Halliday තරගය ජයග්‍රහණයෙන් අවසන් වෙද්දී පන්දු 38කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 41ක් ලබා සිටියා .
කඩුලු දවා ගැනීමේ දී Kathryn Bryce සහ Rachel Slater කඩුලු ද්විත්වය බැගින් දවා ගත්තා.
තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ස්කොට්ලන්ත ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වෙන්නේ ආරම්භක පිතිකාරිනී Darcey Carter. ඇය පන්දු 52කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 72ක් ලබා ගත්තා.
ඊට අමතර ව Sarah Bryce පන්දු 22කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 25ක් ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී Melie Kerr ලකුණු 19කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොදම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව Sophie Devine කඩුලු 2ක් දවා ගත්තා
තරගයේ කෙටි ලකුණු පුවරුව
එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 7ක් දැවී 186 (20.0) Danni Wyatt-Hodge 65, Alice Capsey 28, Heather Knight 43, Ashmini Munisar 2/42
බටහිර ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 5ක් දැවී 148 (20.0) Shemaine Campbelle 20, Jahzara Claxton 21, Chinelle Henry 51, Charlie Dean 2/31
එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ලකුණු 38ක ජයක්.
තරගයේ වීරයා – Danni Wyatt-Hodge (එංගලන්තය)
කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















