“මම මේ තැනට ආවේ ක්‍රිස් ගේල් නිසා” – ඔන්ඩ්‍රේ රසල්

968
Getty Images

ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමඟ පැවති තරගය ලකුණූ 10 කින් ජය ගැනීමට රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම ඊයේ (19) දිනයේදී සමත් විය.

වසර 5කට පසුව යොවුන් කණ්ඩායමක් ලෝක කුසලානයට

එක්සත් අරාබි එමීර් වයස අවුරුදු 19න් පහළ යොවුන් ක්‍රිකට් කණ්ඩායම එළඹෙන 2020 යොවුන් ලොකු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමට සමත්ව තිබේ.

රෝයල් චැලේන්ජර්ස් කණ්ඩායම වෙනුවෙන් නායක විරාත් කෝලි ශතකයක් වාර්තා කළ අතර එම තරගයේදී කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක ඔන්ඩ්‍රේ රසල්ගේ හයේ වරුසාව කැපී පෙණුනි.

මෙවර ඉන්දීය ප්‍රිිමියර් ලීග් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේදී ඔන්ඩ්‍රේ රසල් මේ වනවිට ලකුණු 377 ක් රැස් කරගෙන සිටින්නේ 220.46ක ප්‍රහාරාත්මක වේගයක් පවත්වාගෙන වීම විශේෂත්වයකි.

ඊයේ තරගයේදී ඔන්ඩ්‍රේ රසල් අවසන් පන්දුවාරයේදී දැවී යාම තුළින් කොල්කටා කණ්ඩායම සතුව තිබූ ජයග්‍රහණයක් ගිලිහී ගිය බව කිව හැක.

කෙසේ වෙතත් වර්තමාන ක්‍රිකට් පිටියේදී ඔන්ඩ්‍රේ රසල්, ප්‍රහාරාත්මක පිතිකරුවෙකු වී අවසන්ය.

ඔන්ඩ්‍රේ රසල් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේදී හයේ පහරවල් 39 ක් එල්ල කර තිබේ. ඔහු දෙවැනි වන්නේ ඔහුගේ කොදෙව් ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි ආරම්භක පිතිකරු ක්‍රිස් ගේල් ට පමණි.

වත්මන් ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ප්‍රහාරාත්මක පිතිකරුවෙකු වන ඔන්ඩ්‍රේ රසල්ට මෙලෙස වේගයෙන් පන්දුවට පහර දෙන ආකාරය දියුණු කරගැනීම සඳහා ක්‍රිස් ගේල්ගේ සහයෝගය මනා පිටුවහලක් වූ බව ඔන්ඩ්‍රේ රසල් ප්‍රකාශ කර තිබේ.

2016 ලෝක කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේදී ක්‍රිස් ගේල් තමන්ට මනා උපදේශනයක් ලබාදුන් බව ඔන්ඩ්‍රේ රසල් පවසා තිබේ.

තෙවැනි කොටසේ පෙරළිකාර වමතා “ජනිත ලක්ෂිත”

කාගේත් කතා බහ ක්‍රිකට් ලෝක කුසලානය ගැන ය. මේ නිසා මෙරට පාසල් ක්‍රිකට් පිටියේ පෙළහර පෑ දක්ෂයන් ගැන කතා කිරීමක් සිදු වේ නම් ඒ ඉතාම කලාතුරකිනි. එවන් තත්ත්වයක…

මම පන්දුවට ප්‍රහාරාත්මකව පහර දෙන ආකාරය ක්‍රිස් ගේල් වෙනස් කළා. මං ඔහුගෙන් බොහෝ දේ ඉගෙන ගත්තා යැයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔන්ඩ්‍රේ රසල් ප්‍රකාශ කර තිබේ.

මං මුලින් සැහැල්ලු පිති භාවිතා කළා. නමුත් මට ක්‍රිස් ගේල් පැවසුවා බරින් වැඩි පිත්තක් යොදාගත හොත් මීට වඩා දෙයක් කරන්න පුළුවන් කියලා යැයි වැඩිදුරටත් රසල් මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ.

ඔහු සඳහන් කර ඇත්තේ 2016 ලෝක කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරගයේදී තමන් පන්දු 43කින් රැස්කළ ලකුණු 48, සිය ක්‍රිකට් දිවිය උඩු යටිකුරු කළ බවයි.

කෙසේ වෙතත් 2017 වසරේදී ඔන්ඩ්‍රේ රසල්ට තහනම් උත්තේජක භාවිත කිරීමේ චෝදනාවක් මත ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියට සහභාගී වීමට නොහැකි විය.

මෙම වසරේදී ඔහු නැවතත් ඉන්දීය ප්‍රිමියර් ලීග් පිටියට පිවිසුණු අතර මේ වනවිට ඔහු මෙවර තරග වාරයේ වැඩිම ලකුණූ ලාභින් අතර සිව්වන ස්ථානයද හිමිකර ගැනීමට සමත්ව තිබේ.

මංජුල ජයවර්ධන අවුරුදු කඩුලු දඩයමක

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Tier B ක්‍රිකට් තරගාවලියේ අද (19) නිමා වූ තරග අතරින් දක්ෂ පන්දු යැවීමක නිරත වීමට පොලිස් ක්‍රීඩා සමාජය නියෝජනය…

ඔහු මෙවර තරගාවලියේදී තරග 9කදී ඉනිම් 8ක් ක්‍රීඩා කරමින් ලකුණු 377ක් රැස්කර ගැනීමට සමත්ව ඇත. මෙම තරගවාරයේ අවස්ථා තුනකදී නොදැවී කඩුල්ලේ රැඳී සිටිමට සමත්ව සිටින ඔන්ඩ්‍රේ රසල් අර්ධ ශතක 3 ක් වාර්තා කිරීමට සමත් වීම විශේෂත්වයකි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<