ලියුකේමියාව පරාජය කරමින් රග්බි තරුවක් නැවත කණ්ඩායමට

240

වසර තුනක නිහැඬියාවකින් පසුව සුපිරි ඕස්ට්‍රේලියානු රග්බි ක්‍රීඩක Christian Lealiifano නැවතත් ඕස්ට්‍රේලියා රග්බි සංචිතයට නම් කර තිබෙනවා. ඔහු 2016 වසරේ ලියුකේමියා රෝගයට ගොදුරු වූ අතර ඒ නිසාවෙන් ඔහුට ඕස්ට්‍රේලියානු සංචිතයෙන් ඉවත් වීමට සිදු විය.

රග්බි කියන්නේ චණ්ඩින්ගේ ක්‍රීඩාවක් නෙවෙයි – සුපිරි ක්‍රීඩක ඩෑන් කාටර්

ඩෑන් කාටර්ගේම සුන්දර සටහනක්… මට යාන්තමින් ………..

බ්‍රම්බීස් කණ්ඩායමේ ෆ්ලයි හාෆ් ක්‍රීඩකයා ලෙස ක්‍රීඩා කළ ඔහු ලියුකේමියා රෝගයට ප්‍රතිකාර ලබා ගත් අතර දැනට වසර දෙකකට ආසන්න කාලයක් පුරාවට කිසිදු රෝග ලක්ෂණයක් නෙපෙන්වීම නිසාවෙන් ඔහුව නැවතත් ඕස්ට්‍රේලියා රග්බි කණ්ඩායමට බඳවා ගැනීමට තීරණය කර ඇත. ඔහු අවසන් වරට ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ක්‍රීඩා කළේ 2016 වසරේ ජුනි මාසයේ දීයි.

ඒ අනුව ජූලි 20 වැනිදා ආරම්භ වීමට නියමිත, දකුණු අප්‍රිකාව සමඟ පැවැත්වෙන රග්බි ශූරතා තරගාවලියේ පළමු තරගයට සහභාගී වන “වොලබීස්” සංචිතයට ඇතුළත් වීමට 31 හැවිරිදි Christian Lealiifanoට අවස්ථාව හිමිව තිබේ.  

“ඔහු කණ්ඩායමේ ඉන්න ඕන ක්‍රීඩකයෙක්” ඕස්ට්‍රේලියානු පුහුණුකරු මයිකල් චෙයිකා පවසා සිටියා.

“ඔහු හොඳින් රග්බි ක්‍රීඩා කරනවා, ඔහු මේ වන විට ගොඩක් දේවල් දිනා ගෙන තිබෙනවා.”

“ක්‍රිස්ටියන්ට වුණු දේ ගැන සහ ඔහු අත්විඳපු කටුක අත්දැකීම් ගැන කතා කරන්න මම සුදුසු පුද්ගලයෙකු නොවෙයි, ඔහු හා ඔහුගේ පවුලේ අය තමයි ඒ ගැන වඩාත් හොඳින් දන්නේ. නමුත් ඔබට ඔහු සුපර් රග්බිවල ක්‍රීඩා කළ ආකාරය නොසලකා හරින්නට බැහැ.”

Christian Lealiifano මේ වන විට ඕස්ට්‍රේලියාව වෙනුවෙන් තරග 19ක් ක්‍රීඩා කර ඇති අතර ඔහු කණ්ඩායමට ඇතුළු වීම නිසා මෙල්බර්න් රෙබල්ස් කණ්ඩායමේ ෆ්ලයි හාෆ් ක්‍රීඩක Quade Cooper හට කණ්ඩායමේ ස්ථානය අහිමි වීමේ අවදානමක් ද මතුව තිබේ. ඔහු ඔස්ට්‍රේලියාව වෙනුවෙන් තරග 70ක් ක්‍රීඩා කර තිබෙන ක්‍රීඩකයෙක්.

ඕස්ට්‍රේලියාව එළඹෙන ජූලි 27 වැනිදා ආර්ජන්ටිනාව සමඟින් සහ අගෝස්තු 10 වැනිදා නවසීලන්තය සමඟින් වාර්ෂික සිව්කොන් – රග්බි ශූරතාවේ තරග සඳහා ක්‍රීඩා කරනු ඇත. ඕස්ට්‍රේලියාව එළඹෙන සැප්තැම්බර් 21 වැනිදා ෆීජි සමඟින් රග්බි ලෝක කුසලානයේ මංගල තරගය සඳහා ක්‍රීඩා කරනු ඇත.

BBC ඇසුරෙනි.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<