ශ්‍රී ලංකාවේ බේස්බෝල් ක්‍රීඩාවට ජපානයෙන් සහාය

491

ජපානයේ ප්‍රමුඛ පෙළේ විශ්ව විද්‍යාලයක බේස්බෝල් කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ සහාය මත ශ්‍රී ලංකාව තුළ බේස්බෝල් ක්‍රීඩාව ප්‍රචලිත කිරීම සහ දියුණු කිරීමේ අරමුණින් වැඩසටහන් කිහිපයක් පැවැත්වීමට නියමිතව ඇත. මෙම වසරේ දී තෙවැනි වරට පැවැත්වෙන මෙම වැඩසටහන කොළඹ රාජකීය විද්‍යාලයේ බේස්බෝල් උපදේශන හා කළමනාකරණ කමිටුවේ සහ Royal Blues බේස්බෝල් සමාජයේ සහයෝගය මත පැවැත්වේ.

දශකයක් පුරා ක්‍රීඩාවට හදවතින්ම

ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com අපි, විජයග්‍රාහී 10 වසරක ගමන් මග අභිමානයකින් යුතුව සැමරීමට සූදානමින් සිටින බව ලාංකීය ක්‍රීඩාශීලී රසිකයන්ට සතුටින් දැනුම්…

ඒ අනුව ජපානයේ Ritsumeikan Asia Pacific University හි බේස්බෝල් කණ්ඩායමේ ක්‍රීඩකයින් මෙලෙස ලංකාවට පැමිණෙන අතර ඔවුන් එළඹෙන පෙබරවාරි මස 14 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි. පුරා සතියක් මුළුල්ලේ කොළඹ, මහනුවර සහ හබරණ යන ප්‍රදේශ මුල් කරගනිමින් පැවැත්වෙන මෙම බේස්බෝල් වැඩසටහන් වලදී ඔවුන් බේස්බෝල් උපකරණ බෙදා දීම, පුහුණු කඳවුරු පැවැත්වීම සහ සුහද තරග පැවැත්වීමට නියමිතව ඇත.

2015 වසරේ දී මෙම වැඩසටහන ආරම්භ කළේ Asia Pacific University හි ශිෂ්‍යයෙකු සහ කොළඹ රාජකීය විද්‍යාලයීය බේස්බෝල් කණ්ඩායමේ හිටපු උපනායකයෙකු වන ශානක ජයරත්න විසිනි. එම වසරේ දී කොළඹ සහ මහනුවර යන ප්‍රදේශවල බේස්බෝල් ක්‍රීඩා කරන පාසල් සඳහා අවශ්‍ය උපකරණ බෙදා දීම සිදු වූ අතර පුහුණු කඳවුරු සඳහා පාසල් මට්ටමේ ක්‍රීඩකයින් 200කට අධික සංඛ්‍යාවක් සහභාගී විය. ඉන්පසු 2016 වසරේ දී ද මෙම වැඩසටහන සාර්ථකව පැවැත්වුණු අතර එහි දී පාසල් බේස්බෝල් කණ්ඩායම් වලට අමතරව ශ්‍රී ලංකා ජාතික බේස්බෝල් කණ්ඩායමට ද උපකරණ ලබා දීම සිදු විය.

මැදිරිගිරියේ අපරාජිතභාවය ගලේවෙල හමුවේ බිඳවැටේ

ශ්‍රී ලංකා පාසල් බේස්බෝල් සංගමයේ අනුදැනුම මත ගාල්ල සිරිධම්ම විද්‍යාලයීය බේස්බෝල් සංගමය විසින් සංවිධානය කරනු ලැබූ සමස්ත ලංකා වයස අවුරුදු 14න් පහළ බේස්බෝල් ශූරතා තරගාවලිය ඊයේ…

කොළඹ රාජකීය විද්‍යාලයීය බේස්බෝල් කණ්ඩායමේ හිටපු සාමාජිකයෙකු සහ Asia Pacific University හි ශිෂ්‍යයෙකු වන ලක්ෂාන් දිසානායක විසින් මෙවර වැඩසටහන සංවිධානය කරනු ලැබේ. මෙම වසරේ දී බේස්බෝල් උපකරණ බෙදා දීම සහ පුහුණු කඳවුරු පැවැත්වීමට අමතරව තෝරාගත් පාසල් දෙකක් සඳහා බේස්බෝල් පිටියකට අවශ්‍ය උපකරණ ද ලබා දීම සිදු වේ.


>> තවත් පුවත් සඳහා පිවිසෙන්නමුල් පිටුවට <<