Home Sinhala දෙව්මිගේ කඩුලු ත්‍රිත්වයට විශ්මිගෙන් අගනා පිතිකරණයක්

දෙව්මිගේ කඩුලු ත්‍රිත්වයට විශ්මිගෙන් අගනා පිතිකරණයක්

19න් පහළ බාලිකා ලෝක කුසලානය 2023

319

දකුණු අප්‍රිකාවේ දී පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ විස්සයි විස්ස බාලිකා ලෝක කුසලාන තරගාවලියේ දෙවැනි පුහුණු තරගයෙන් ද ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුනා. එහි දී ශ්‍රී ලංකාව ස්කොට්ලන්තයට කඩුලු 6කින් පරාජය කළා.

Midrand හිදී පැවැත්වුණු මේ තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායිකාව පළමුව පන්දු යැවීමට තීරණය කළා. ස්කොට්ලන්තය සිය ආරම්භය ස්ථාවර කරගනිමින් පළමු පන්දුවාර 2කුත් පන්දු 3ක් තුල ලකුණු 25 සීමාව පසු කළා. එම සබඳතාවය බිඳ දමමින් Ailsa Listerගේ කඩුල්ල දවා ගැනීමට පමෝදා ශයිනි සමත් වුනා.

ඒ නමුත් ස්කොට්ලන්තය එතැන් සිට ද පන්දුවාරයකට ලකුණු 5-6 බැගින් ලබා ගනිමින් ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු ලබා ගැනීම සිදු කළ අතර, ලකුණු 56කට කඩුලු 4ක් බිඳ වැටී තිබිය දී ක්‍රියාත්මක වුනු පිට දඟපන්දු යවන ක්‍රීඩිකා දෙව්මි කඩුලු ත්‍රිත්වයේ දස්කමක් දක්වමින් ස්කොට්ලන්ත මැදපෙළ සුන් කළා.

ආරම්භක පිතිකාරිණී Darcy Carter ලබා ගත් ලකුණු 16 ඉක්මවා යාමට ඔවුන්ගේ කිසිදු ක්‍රීඩිකාවක් හට අවස්ථාව නොලැබුණු අතර අවසානයේ දී ස්කොට්ලන්ත ඉනිම පන්දුවාර 16කුත් පන්දු 3ක් හමුවේ ලකුණු 87කට සීමා වුනා.

පන්දු යැවීමේ දී දෙව්මි විහංගා ලකුණු 17කට කඩුලු 4ක් දවා ගන්නා විට වමතින් දඟපන්දු යවන විදූෂිකා පෙරේරා ලකුණු 18කට කඩුලු 3ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම දියත් කළ ශ්‍රී ලංකා ආරම්භක පිතිකරිණියන් යුගලය වන නෙත්මි සේනාරත්න සහ සුමුදු නිසංසලා පළමු පන්දුවාර 5 තුලම දැවී ගිය නමුත්, ශ්‍රී ලංකා නායිකා විශ්මි ගුණරත්න (නොදැවී ලකුණු 39) විහංගා සහ මනුදි නානායක්කාර සමඟ එක්ව ශ්‍රී ලංකාවේ ජයග්‍රහණය තහවුරු කළා.

ඒ අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍ය සහ ස්කොට්ලන්තයට එරෙහිව පැවැත්වුණු පුහුණු තරග දෙකම ජයගෙන ශ්‍රී ලංකාව මේ ලෝක කුසලාන තරගාවලියට අවතීර්ණ වෙනවා.

මේ මස 14 වැනිදා සිට ආරම්භ වීමට නියමිත මේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ දී ශ්‍රී ලංකාව මුහුණ දෙනු ලබන පළමු තරගය ජනවාරි 14 වැනිදා ඇමරිකා එක්සත් ජනපද කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිතයි

  • ස්කොට්ලන්තය – 87/10 (16.3) – Darcy Carter 16, දෙව්මි විහංගා 4/17, විදූෂිකා පෙරේරා 3/18
  • ශ්‍රී ලංකාව – 91/3 (18.1) – විශ්මි ගුණරත්න 39*, මනුදි නානායක්කාර 17*, Katherine Fraser 1/13

ශ්‍රී ලංකාවට කඩුලු 7ක ජයක්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<

Result


Sri Lanka Women U19
91/3 (18.1)

Scotland Women U19
87/10 (16.3)

Batsmen R B 4s 6s SR
Ailsa Lister lbw b Pamoda Shaini 5 6 1 0 83.33
Darcey Carter c Manudi Nanayakkara b Vihara Sewwandi 16 11 1 1 145.45
Emma Walsingham c Dulanga Dissanayke b Vidushika Perera 10 9 2 0 111.11
Nayma Sheikh b Dewmi Vihanga 9 23 0 0 39.13
Katherine Fraser lbw b Dewmi Vihanga 7 9 0 0 77.78
Olivia Bell c Umaya Rathnayake b Vidushika Perera 10 14 0 0 71.43
Molly Paton c Sumudu Nisansala b Dewmi Vihanga 0 1 0 0 0.00
Emily Tucker b Dewmi Vihanga 0 1 0 0 0.00
Maryam Faisal b Vihara Sewwandi 13 15 1 0 86.67
Orla Montgomery b Vidushika Perera 0 1 0 0 0.00
Niamh Muir not out 7 11 0 0 63.64


Extras 10 (b 1 , lb 2 , nb 2, w 5, pen 0)
Total 87/10 (16.3 Overs, RR: 5.27)
Bowling O M R W Econ
Pamoda Shaini 2 0 16 1 8.00
Rashmi Nethranjali 3 0 19 0 6.33
Vihara Sewwandi 2.3 0 11 2 4.78
Vidushika Perera 4 0 18 3 4.50
Dewmi Vihanga 4 0 17 4 4.25
Dulanga Dissanayke 1 0 3 0 3.00


Batsmen R B 4s 6s SR
Nethmi Senarathna b Nayma Sheikh 6 11 1 0 54.55
Sumudu Nisansala c Niamh Robertson Jack b Katherine Fraser 6 13 0 0 46.15
Vishmi Gunarathne not out 39 54 3 0 72.22
Dewmi Vihanga run out () 9 12 1 0 75.00
Manudi Nanayakkara not out 17 21 2 0 80.95


Extras 14 (b 0 , lb 2 , nb 3, w 9, pen 0)
Total 91/3 (18.1 Overs, RR: 5.01)
Bowling O M R W Econ
Olivia Bell 4 1 10 0 2.50
Nayma Sheikh 4 1 20 1 5.00
Niamh Muir 1.1 0 10 0 9.09
Katherine Fraser 4 0 13 1 3.25
Lorna Jack 3 0 22 0 7.33
Orla Montgomery 2 0 14 0 7.00