ආසියානු කුසලානයේ ශ්‍රී ලංකා ප්‍රතිවාදීන් තීන්දුයි

ආසියානු කුසලාන එක්දින ක්‍රිකට්‍ තරගාවලිය 2023

518
Sri Lanka's team members celebrate with the Asia Cup trophy during the final of the DP World Asia Cup 2022 between Sri Lanka and Pakistan at the Dubai International Cricket Stadium, Dubai in the United Arab Emirates on the September 11th, 2022. Photo by Deepak Malik / Creimas for Asian Cricket Council RESTRICTED TO EDITORIAL USE

සැප්තැම්බර් මාසයේ දී පැවැත්වීමට නියමිත ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ කණ්ඩායම් කාණ්ඩගත වූ ආකාරය සහ තරග පැවැත්වෙන ආකාරය පිළිබඳව ආසියානු ක්‍රිකට් සභාපති Jay Shah විසින් දැනුම් දී තිබෙනවා.

තරගාවලියේ සත්කාරකත්වය දරන පාකිස්තානය පළමු කාණ්ඩයෙන් තරගාවලියට එක් වන අතර ඔවුන්ගේ ප්‍රබලතම ප්‍රතිවාදීන් වන ඉන්දියාව ද එම කාණ්ඩයට ඇතුළත් වීම විශේෂත්වයක්.

ඒ අනුව පළමු කාණ්ඩයට ඉන්දියාව සහ පාකිස්තානයට අමතරව සුදුසුකම් ලබා ගැනීමේ තරගවලින් තේරී පත් වන කණ්ඩායම ඇතුළත් වනු ඇත.

නිමා වූ ආසියානු කුසලාන විස්සයි විස්ස තරගාවලියේ ශූරයින් වන ශ්‍රී ලංකාව දෙවැනි කාණ්ඩයෙන් තරගාවලියට එක් වන අතර එම කාණ්ඩය සඳහා ඇෆ්ගනිස්ථානය සහ බංග්ලාදේශය ඇතුළත්.

තරගාවලියේ පළමු වටය සඳහා තරග 13ක් ඇතුළත් වන අතර එක් එක් කාණ්ඩයේ පෙරමුණ ගන්නා කණ්ඩායම් ද්විත්වය සුපිරි අට දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගනු ලබනවා.

Image Credit: ACC

සුපිරි හතර කාණ්ඩයේ තරග හයක් පැවැත්වීමට නියමිත අතර එම වටය අවසානයේ පෙරමුණ ගන්නා කණ්ඩායම් ද්විත්වය 2023 ආසියානු කුසලාන අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගනු ඇත.

2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සැප්තැම්බර් 02 සිට 17 දක්වා පාකිස්තානයේ දී පැවැත්වීමට සැලසුම් කර තිබෙන නමුත් පාකිස්තානයේ ක්‍රීඩා කිරීමට ඉන්දීය කණ්ඩායම අකමැත්ත පල කිරීම නිසා තරගාවලිය මධ්‍යස්ථ රටක පැවැත්වීමට බොහෝ ඉඩක් තිබෙනවා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<