Home Sinhala ඉන්දියාව හමුවේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අසරණ වෙයි

ඉන්දියාව හමුවේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අසරණ වෙයි

19න් පහළ බාලිකා විස්සයි විස්ස ලෝක කුසලානය 2023

682
POTCHEFSTROOM, SOUTH AFRICA - JANUARY 22: Soumya Tiwari of India plays a shot as Sumudu Nisansala of Sri Lanka keeps during the ICC Women's U19 T20 World Cup 2023 Super 6 match between India and Sri Lanka at JB Marks Oval on January 22, 2023 in Potchefstroom, South Africa. (Photo by Matthew Lewis-ICC/ICC via Getty Images)

දකුණු අප්‍රිකාවේ දී පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ බාලිකා විස්සයි විස්ස ලෝක කුසලානයේ සුපිරි හය දෙනාගේ ලීග් වටයේ ශ්‍රී ලංකාව සහභාගී වූ පළමු තරගය අද (22) පැවැත්වුණේ ප්‍රබල ඉන්දියාව සමඟයි.

එම තරගයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පරදවා කඩුලු 03ක ජයක් ලබා ගැනීමට ඉන්දීය ක්‍රීඩිකාවන් සමත් වුනා.

මෙම තරගයේ තීරණාත්මක කාසියේ වාසිය දිනූ ඉන්දීය නායිකාව පළමුවෙන් පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළා.

තරගය ක්‍රීඩා කළ කණ්ඩායම්

  • ශ්‍රී ලංකාව: නෙත්මි සෙනවිරත්න, සුමුදු නිසංසලා, විශ්මි ගුණරත්න (නායිකා), දෙව්මි විහංඟා, මනුදි නානායක්කාර, උමායා රත්නායක, දුලංගා දිසානායක, විහාරා සෙව්වන්දි, රශ්මි නේත්‍රාංජලී, විඳුශිකා පෙරේරා, රශ්මි සංජනා.
  • ඉන්දියාව: Shweta Sehrawat, Shafali Verma (c), Soumya Tiwari, Gongadi Trisha, Richa Ghosh (wk), Hrishita Basu, Titas Sadhu, Mannat Kashyap, Archana Devi, Parshavi Chopra, Sonam Yadav

සිය නායිකාවගේ තීරණයට උපරිම සාධාරණයක් ඉටු කළ ඉන්දීය පන්දු යවන්නියන් ශ්‍රී ලංකා පළමු කඩුලු දෙක ලකුණු 8ක් තුළ දවා ගත්තේ නෙත්මි සෙනවිරත්න ලකුණු නොලබා සහ සුමුදු නිසංසලා ලකුණු 02කට දවා ගනිමිනුයි.

දෙව්මි විහංඟා ලකුණු 02ක් ලබා සිටිය දී Mannat Kashyapගේ පන්දුවක් හමුවේ දැවී ගිය අතර ලකුණු 25ක් ලබා සිටි විශ්මි ගුණරත්න Parshavi Chopraගේ පන්දුවක් හමුවේ දැවී යන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව දිස්වුණේ කඩුලු 4ක් දැවී 31ක් ලෙසයි.

ශ්‍රී ලංකා ලකුණු පුවරුව 39ක් වන විට ලකුණු 5ක් ලබා සිටි මනුදි නානායක්කාර සහ විහාරා සෙව්වන්දි ලකුණු නොලබා පිටියෙන් ඉවත් කළේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් තවත් අසරණ කරමිනුයි.

ශ්‍රී ලංකා ඉනිමේ අවසන් කඩුලු 4 ලකුණු 20ක් තුළ දවා ගැනීමට ඉන්දීය පන්දු බල ඇණියට හැකි වුනේ පන්දුවාර 20 අවසානයේ ශ්‍රී ලංකා ඉනිම ලකුණු 59කට සීමා කරමිනුයි.

ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් කැපී පෙනෙන පන්දු යැවීමක නිරත වූ Parshavi Chopra ලකුණු 5කට කඩුලු හතරක් දවා ගනිද්දී, Mannat Kashyap ලකුණු 16ක් ලබා දෙමින් කඩුලු දෙකක් දවා ගත්තා.

ලකුණු 60ක පහසු ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායමේ පළමු කඩුලු දෙක ලකුණු 20ක් වන විට දවා ගැනීමට දෙව්මි විහංඟාට හැකි වුනේ Shafali Verma ලකුණු 15කට සිට Richa Ghosh ලකුණු 4කට දවා ගෙනයි.

නමුත් ඉන්පසුව පිටියේ එක් වූ Shweta Sehrawat සහ Soumya Tiwari තුන් වැනි කඩුල්ල සඳහා ලකුණු 35ක සම්බන්ධතාවක් ගොඩ නගමින් සිය කණ්ඩායම ජයග්‍රහණයට සමීප කළා.

එම සම්බන්ධතාව සමඟ ඉන්දීය ක්‍රීඩිකාවන් ජයග්‍රාහී සීමාව කඩුලු 3ක් පමණක් දැවී පසු කළේ පන්දුවාර 7.2ක් පමණක් වැය කරමිනුයි.

ඉන්දීය කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභි ක්‍රීඩිකාව වෙමින් නොදැවී ලකුණු 28ක් ලබා ගැනීමට Soumya Tiwari සමත් වෙද්දී, සටන්කාමී පන්දු යැවීමක නිරත වූ දෙව්මි විහංඟා කඩුලු තුනක් දවා ගත්තා.

Result


India Women U19
60/3 (7.2)

Sri Lanka Women U19
59/9 (20)

Batsmen R B 4s 6s SR
Nethmi Senarathna c Archana Devi b Titas Sadhu 0 1 0 0 0.00
Sumudu Nisansala c Soumya Tiwari b Mannat Kashyap 2 5 0 0 40.00
Vishmi Gunarathne c & b Parshavi Chopra 25 28 2 0 89.29
Dewmi Vihanga lbw b Mannat Kashyap 2 10 0 0 20.00
Umaya Rathnayake c Titas Sadhu b Archana Devi 13 36 1 0 36.11
Manudi Nanayakkara c Archana Devi b Parshavi Chopra 5 16 0 0 31.25
Vihara Sewwandi lbw b Parshavi Chopra 0 3 0 0 0.00
Dulanga Dissanayke c Shweta Sehrawat b Parshavi Chopra 2 7 0 0 28.57
Rashmi Nethranjali not out 6 10 0 0 60.00
Vidushika Perera run out (Shafali Verma) 3 4 0 0 75.00


Extras 1 (b 0 , lb 0 , nb 0, w 1, pen 0)
Total 59/9 (20 Overs, RR: 2.95)
Bowling O M R W Econ
Titas Sadhu 3 0 10 1 3.33
Mannat Kashyap 4 1 16 2 4.00
Sonam Yadav 3 0 7 0 2.33
Parshavi Chopra 4 1 5 4 1.25
Archana Devi 4 0 15 1 3.75
Shafali Verma 2 0 6 0 3.00


Batsmen R B 4s 6s SR
Shafali Verma lbw b Dewmi Vihanga 15 10 1 1 150.00
Shweta Sehrawat c & b 13 17 2 0 76.47
Richa Ghosh c Vihara Sewwandi b Dewmi Vihanga 4 2 1 0 200.00
Soumya Tiwari not out 28 15 5 0 186.67
Gongadi Trisha not out 0 0 0 0 0.00


Extras 0 (b 0 , lb 0 , nb 0, w 0, pen 0)
Total 60/3 (7.2 Overs, RR: 8.18)
Bowling O M R W Econ
Dewmi Vihanga 4 0 34 3 8.50
Vidushika Perera 3.2 1 26 0 8.12



2023 19න් පහළ බාලිකා විස්සයි විස්ස ලෝක කුසලානයේ සියලු තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<