නිකිල් රිච්මන්ඩ්වරුන් ඔසවා තබයි

U 19 Division one Tournament 2023/24

76
U 19 Division one Tournament 2023/24

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ Tier A කොටසේ අවසන් මහා තරගයේ දෙවැනි දිනය නිමා වන විට තම දෙවැනි ඉනිම ක්‍රීඩා කරන මහනුවර ත්‍රිත්ව විද්‍යාලය, ප්‍රතිවාදී ගාල්ල රිච්ම්න්ඩ් විද්‍යාලයට වඩා තවත් ලකුණු 63ක් පිටුපසිනුයි පසු වෙන්නේ.

තුන් දින තරගයක් ලෙසින් ක්‍රියාත්මක මෙම තරගයේ දී අද (09) දවසේ කැපී පෙණෙන පිතිකරු බවට පත් වූයේ රිච්මන්ඩ් විද්‍යාලයේ ආරම්භක පිතිකරු නිකිල් ජයවීර. ඔහු ප්‍රතිවාදීන්ට එරෙහි ව ශතකයක් ලබා ගනිමින් දක්ෂතා දැක් වූවා.

අවසන් තරගය, කොළඹ, 08-10 අප්‍රේල්, U 19 Division one Tournament 2023/24

o කාසියේ වාසිය – රිච්මන්ඩ් විද්‍යාලය

o ක්‍රීඩාංගණය – SSC, කොළඹ.

රිච්මන්ඩ් විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම: මල්ෂ තරුපති (නායක), චෙහාන් සුබසිංහ (කඩුලු රකින්නා), නිකිල් ජයවීර, තමිඳු ප්‍රදීප්ත, සෙනෙත් සිසාන්, ශෙහාන් ද සොයිසා, ශැරොන් අභිශේක්, කවීෂ ඉඳුවර, සිහත් රාමනායක, යූරි කොත්තිගොඩ, මලිත් ද සිල්වා.

ත්‍රිත්ව විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම: මනුල කුලරත්න (නායක), දිමන්ත මහවිතාන, විදුක ධම්මගේ, දිනූෂ පීරිස් (කඩුලු රකින්නා), සුපුන් වඩුගේ, ජනිත් රවිශ්ක, වතිල උදාර, තරණ විමලධර්ම, දිනුක තෙන්නකෝන්, මලිත් රත්නායක, තිසල් යාපා.

කාසියේ වාසිය දිනා ගත් ත්‍රිත්ව නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ත්‍රිත්ව ක්‍රීඩකයන්ගේ ඉනිම ලකුණු 203කට සීමා වූවා. එම ඉනිම වෙනුවෙන් ආරම්භක පිතිකරු දිමන්ත මහවිතාන පන්දු 121කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 54ක් ලබා ගත්තා. ඊට අමතර සුපුන් වඩුගේ ද පන්දු 96කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 40ක් ලබා ගත්තා.

කඩුලු ලබා ගැනීමේ දී ශැරොන් අභිශේක් ලකුණු 71කට කඩුලු 4ක් ලබා ගනිමින් දක්ෂතා දැක් වූවා. ඊට අමතර ව සිහත් රාමනායක කඩුලු 3ක් ද සහ කවීෂ ඉඳුවර කඩුලු 2ක් ද දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ත්‍රිත්ව විද්‍යාලය තම පළමු ඉනිම වෙනුවෙන් සියලුම දෙනා දැවී ලකුණු 304ක් ලබා ගන්නවා. එම ඉනිම වෙනුවෙන් ආරම්භක පිතිකරු නිකිල් ජයවීර පන්දු 235කට මුහුණ දෙමින් හතරේ පහර 13ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 139ක් ලබා ගන්නවා.

ඊට අමතර ව ශෙහාන් ද සොයිසා ද පන්දු 74කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 50ක් ලබා ගන්නවා.

කඩුලු දවා ගැනීමේ දී තරණ විමලධර්ම ලකුණු 82කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කරන ලද අතර ඊට අමතර ව සුපුන් වඩුගේ ලකුණු 16කට කඩුලු 2ක් දවා ගන්නවා.

ලකුණු 101ක් පිටුපස සිටිමින් තම දෙවැනි ඉනිම ආරම්භ කළ ත්‍රිත්ව විද්‍යාලය තරගය දෙවැනි දිනයට නතර කරන විට කඩුල්ලක් දැවී ලකුණු 38ක් ලබා සිටියා. ඒ අනුව ඔවුන් ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා රිච්මන්ඩ් විද්‍යාලය පළමු ඉනිමේ දී ලබා ගත් ලකුණුවලට වඩා තවත් ලකුණු 63ක් පිටුපසින් සිටිනවා.

එම ඉනිම වෙනුවෙන් මේ වෙද්දී විදුක ධම්මගේ නොදැවී ලකුණු 14ක් සහ දිනූෂ පීරිස් නොදැවී ලකුණු 13ක් ලබා ගනිමින් පිටියේ රැදී සිටිනවා.

දවාගත් කඩුල්ලේ හිමිකාරීත්වය සිහත් රාමනායක සතු වූනා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

 

ත්‍රිත්ව විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 203 (89.5) දිමන්ත මහවිතාන 54, විදුක ධම්මගේ 31, සුපුන් වඩුගේ 40, තරණ විමලධර්ම 19, කවීෂ ඉඳුවර 2/46, සිහත් රාමනායක 3/38, ශැරොන් අභිශේක් 4/71

 

රිච්මන්ඩ් විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 304 (89.1) චෙහාන් සුබසිංහ 31, නිකිල් ජයවීර 139, සෙනෙත් සිසාන් 39, ශෙහාන් ද සොයිසා 50, තරණ විමලධර්ම 4/82, සුපුන් වඩුගේ 2/16

 

ත්‍රිත්ව විද්‍යාලය – දෙවැනි ඉනිම කඩුල්ලක් දැවී 38 (10.0)

මෙම තරගය හෙට (10) තෙවැනි සහ අවසන් දිනයට ක්‍රියාත්මකයි.

දෙස් විදෙස් පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<