ඉන්දියාව කොදෙව්වන්ගෙන් දික්‌කසාද වෙයි

118

බටහිර ඉන්දීය කොදෙව් කණ්‌ඩායමේ ඉන්දීය තරග සංචාරය අතරමග නවතා දැමීම මත උරණ වී සිටින ඉන්දීය ක්‍රිකට්‌ පාලක මණ්‌ඩලය ඉදිරි වසර කීපය තුළදී බටහිර ඉන්දීය කොදෙව් කණ්‌ඩායම සමග තරග වැදීමට නියමිත වූ සියලුම ද්වීපාර්ශ්වික තරගාවලි වහාම ක්‍රියාත්මක වන පරිදි අහෝසි කිරීමට ඊයේ තීරණය කර තිබේ.

ඉකුත්දා අත්සන් තැබුණු ජගත් ක්‍රිකට්‌ කවුන්සිල කෙටුම්පතට බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට්‌ ආයතනය සහාය දැක්‌වීම මත ඉදිරි වසර 8 ක කාලය තුළදී සිව් වතාවක්‌ බටහිර ඉන්දීය කොදෙව් දේශයේ තරග කිරීමට ඉන්දියාව බලාපොරොත්තු වූ නමුත්, ඒ සියල්ල මේ න විටත් අහෝසි වී තිබේ.

එමෙන්ම තරගාවලිය අතර මග ඇණ හිටීම මත ඉන්දීය ක්‍රිකට්‌ පාලක මණ්‌ඩලයට විශාල පාඩුවක්‌ වූ බැවින් ඒ පිළිබඳව කොදෙව් ක්‍රිකට්‌ ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ද ඉන්දීය ක්‍රිකට්‌ පාලක මණ්‌ඩලය තීරණය කර තිබේ./p>

>කෙසේ වෙතත් තරගාවලිය අතරමග නවතා දැමීමට පියවර ගනු ලැබූ කොදෙව් ක්‍රීඩකයන් අතර අයි. පී. එල්. තරගාවලිය සහ වෙනත් පෞද්ගලික තරගාවලිවලට සහභාගිවන ක්‍රීඩකයන් බහුතරයක්‌ ඇතුළත් වුණත්, ඔවුන්ට එරෙහිව කුමන පියවරක්‌ ගනු ලබන්නේද යන්න ඉන්දීය ක්‍රිකට්‌ පාලක මණ්‌ඩලය විසින් නිකුත් කරනු ලැබූ නිවේදනයේ සටහන් නොවීමද විශේෂත්වයක්‌ වේ.