COVID නිසා ජීවිතය වෙනස් වූ අයුරු – පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩකයෙකුගෙන් ලිපියක්

පරිවර්තනය තරිඳු ජයසූරිය

101

මම මෙම ලිපිය ලියන්නේ (15/04/2020) මට එක්සත් රාජධානියට ක්‍රිකට් තරගාවලියක් සඳහා පියාසර කිරීමට නියමිතව තිබූ දිනකය. නමුත් අප කවුරුත් හොඳින් දන්නා පරිදි මාරාන්තික කොරෝනා වයිරසය ක්‍රීඩා ඇතුළුව ලෝකය මුළුමනින්ම පාහේ අස්ථාවර කර ඇත. 

මාර්තු/ අප්‍රේල් මාසවල ක්‍රිකට් තරග වාරය අවසන් වීමත් සමඟින් බොහෝ ශ්‍රී ලංකා පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ පුරුද්ද වනුයේ සාමාන්‍යයෙන් අප්‍රේල් සිට සැප්තැම්බර් දක්වා ක්‍රිකට් ගිම්හානය සඳහා එක්සත් රාජධානියට සංචාරය කිරීමයි. 

IPL ගැන සංවිධායකයින් අවසන් තීරණයකට!

ඉන්දියාව තවදුරටත් වසාදැමීමකට යොමුවීමත් සමඟින් අප්‍රේල් 15 වැනිදා ආරම්භ වීමට ….

නමුත් එක්සත් රාජධානියේ බොහෝ ලීග් තරගාවලි දැනටමත් අවලංගු කර හෝ දින නියමයක් නොමැතිව කල් දමා ඇත. එයින් අදහස් කරන්නේ සංචාරය කිරීමට නියමිතව සිටි මගේ අනෙක් සගයන් බොහෝ දෙනෙකුට ශ්‍රී ලංකාවේ රැඳී සිටීමට සිදුවී ඇති බවයි. 

ශ්‍රී ලංකාවේ දේශීය වාරය 2019/2020 සමයේ දී සීමිත පන්දුවාර සහ විස්සයි විස්ස තරගාවලි වලින් ආරම්භ වූ අතර කොරෝනා වයිරසය හේතුවෙන් රට අගුළු දැමීමට සිදුවන විට අපි දිගු ආකෘති තරගාවලිය මැද සිටියෙමු. මාර්තු 15 වැනිදායින් අවසන් වූ අපගේ අවසන් තරගයත් සමඟින් පළමු වටය අවසන් වුනා. එතැන් පටන් ජීවිතය සම්පූර්ණ හැරීමකට ලක්වෙලා තියනවා.

අගුළු දැමීමට පෙර අපගේ සුපුරුදු පුරුද්ද වූයේ සතියකට දෙවරක් පුහුණුවීම් කිරීම සහ සිකුරාදා සිට ඉරිදා දක්වා සති අන්තයේ තරග සඳහා එක්වීමයි. වෙනත් බොහෝ වෘත්තීන් හා සසඳන විට ක්‍රීඩකයෙකු සඳහා නිවසේ සිරවී සිටීම සම්පූර්ණයෙන්ම වෙනස් අභියෝගයක් යැයි මම සිතමි. 

මෙම අසීරු කාලවල දී යෝග්‍යතාවය පවත්වා ගැනීම සහ ක්‍රීඩාව සමඟ සම්බන්ධතාවය නැති කර නොගැනීම යන අභියෝගය ඉතා වැදගත් වේ. මම විශ්වාස කරන්නේ පළමු පන්තියේ ක්‍රිකට් ක්‍රීඩකයින් බොහෝ දෙනෙක් සමාජ මාධ්‍යවල එකිනෙකාට අභියෝග කිරීම පවා දකින බැවින් නිරෝගීව සිටීමට නිවසේ විවිධ පුහුණු ක්‍රම අත්හදා බලා ඇති බවයි. මෙම කාලවල දී කළ යුතු වඩාත් දුෂ්කර දේවලින් එකක් වන්නේ පිතිකරණය, පන්දු යැවීම සහ පන්දු රැකීම සඳහා ක්‍රිකට් කුසලතා පුහුණුවයි.

ඉන්දීය ටෙස්ට් තරගාවලිය ගැන ඕස්ට්‍රේලියානු දඟයෙක් සෑහෙන්න උනන්දුවෙන්

නේතන් ලියොන් තරම් චේටේශ්වර් පුජාරා දවා ගත් කිසිඳු පන්දු යවන්නෙකු නොමැත. …

ලොව පුරා සිටින ක්‍රිකට් ක්‍රීඩකයින් එල්ලෙන බෝලයකට පහර දීම හෝ ඔබේ ගෙවත්තේ ස්ථානීය පන්දු යැවීම වැනි මූලික දේ ඉදිරිපත් කර ඇත. නමුත් ක්‍රිකට් ක්‍රීඩාව වැනි වේගයෙන් ගමන් කරන ක්‍රීඩාවක් සමඟ වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයෙකුට අවශ්‍ය වන්නේ එය නොවේ. 

මට පෞද්ගලිකව මෙය බොහෝ සාදරයෙන් පිළිගත හැකි විවේකයක් වී ඇත. මන්දයත් මම මෑතක දී රළු කාලයක් පසුකරමින් සිටින බැවින් මගේ ක්‍රීඩාව ගැන සිතා බැලීමට හා මෙනෙහි කිරීමට මට කාලය ලබා දී ඇත. 

නමුත් අනෙක් අතට හොඳ ස්වරූපයෙන් සිටි ක්‍රීඩකයින්ට මේක අමාරු කාලයක් වේවි. සියලුම ක්‍රිකට් දින නියමයක් නොමැතිව කල්දැමීම නිසා ඔවුන්ට අසීරු කාලයකට මුහුණ දීමට සිදුව තිබෙනවා. 

කෙසේ වෙතත් මෙම කාල පරිච්ඡේදය අපට කළ හැකි නව දේ ගැන දීර්ඝව හා දැඩි ලෙස සිතීමට හේතු වී ඇත. ක්‍රිකට් ක්‍රීඩකයින් ආහාර පිසීමට යොමුවීම, ගෙවතු වගාව වැනි විවිධ නව ක්‍රියාකාරකම් සමඟ ඉදිරියට එන බව අපි දැක ඇත්තෙමු. කලින් එය කිරීමට ක්‍රීඩකයන් පුරුදු වී නොමැත. ලොව පුරා මෙම අගුළු දැමීම් වලදී වායු දූෂණය අඩු වීම, අභයභූමිවල වන සතුන් සඳහා වැඩි නිදහසක්, දුප්පතුන්ට උපකාර කිරීමට මිනිසුන් යොමුවීම මෙම කාලය තුල අපි දුටු ධනාත්මක දේවල්. මා පෞද්ගලිකව මගේ දෙමව්පියන් සමඟ වැඩි කාලයක් ගත කරමින් සිටින අතර මෙම කාලය අපි ඉතා සාදරයෙන් පිළිගනිමු.

සෑම විටම කතාබහට ලක්වන තවත් වැදගත් අංගයක් වන්නේ ශ්‍රී ලංකාවේ පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ මූල්‍ය ආරක්ෂාවයි. බොහෝ ශ්‍රී ලාංකික පළමු පන්තියේ ක්‍රිකට් ක්‍රීඩකයින් ඔවුන්ගේ එදිනෙදා මූල්‍ය අවශ්‍යතා සපුරාලීම සඳහා ක්‍රිකට් ක්‍රීඩාව මත දැඩි ලෙස රඳා සිටිති. 

ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ ගිවිසුම්ගත නොවන මා වැනි පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩකයෙකුට එය ඉතා උපක්‍රමශීලී කාල පරිච්ඡේදයක් විය හැකිය. අපගේ ප්‍රධාන ආදායම් ප්‍රභවය වන අපගේ දේශීය සමාජ කොන්ත්‍රාත්තු සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ලබා ගත් ගෙවීම් වසංගතය නිසා මේ දක්වා ඇණහිට ඇත. 

ඊට අමතරව අපගේ අනෙක් ආදායම් ප්‍රභවය වනුයේ අපගේ එක්සත් රාජධානියේ ක්‍රීඩා සමාජ කොන්ත්‍රාත්තු වන අතර ඒවා මා ලිපියේ කලින් සඳහන් කළ පරිදි කල් දමා හෝ අවලංගු කර ඇත.  

ඉන්දීය ක්‍රිකට් ආයතනයේ ප්‍රබලයෙක් ඉල්ලා අස්වෙයි

ඉන්දීය ක්‍රිකට් ආයතනයේ උප සභාපති ලෙස කටයුතු කළ මහීම් වර්මා එම ධූරයෙන් ඉල්ලා …….

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ඔවුන්ගේ පළමු පන්තියේ ක්‍රිකට් ක්‍රීඩකයින් ආරක්‍ෂා කර ගත යුතු බවට වග බලා ගත යුතුය. එසේ නොවුවහොත් වෙනත් තැනකට වඩා හොඳ අවස්ථාවන් ලබා ගැනීම සඳහා ක්‍රිකට් ක්‍රීඩකයින් කිහිප දෙනෙකු රට හැර යාම ගැන මා පුදුම නොවනු ඇත. 

මෙම වසංගතය අවසන් වන සෑම අවස්ථාවකම පුහුණු කිරීම හෝ වෙනත් වැඩ වැනි විකල්පයන් දෙසට යොමුවිය යුතුය. මෙහි ප්‍රතිඵලය වනුයේ රටට වඩාත් වටිනා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයින් අහිමි වන අතර පළමු පන්තියේ ව්‍යුහයේ විවාදාත්මක ප්‍රමිතිය දිගටම පහත වැටෙනු ඇත.

මෙම ලිපියේ මා බෙදා ගත් ඕනෑම දෙයක් ශ්‍රී ලංකාවේ බොහෝ පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩකයින්ට අදාළ වනු ඇතැයි මම විශ්වාස කරමි. ඔබ සැවොම දිගටම නිවසේ රැඳී සිටිමින් මෙම මාරාන්තික කොරෝනා වයිරසයට එරෙහිව එක් ජාතියක් ලෙස සටන් කරන අතර, අපට අපි ආදරය කරන ක්‍රීඩාව නැරඹීමට හෝ ක්‍රීඩා කිරීමට නුදුරු අනාගතයේ දී හැකි වනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි.

How life has changed due to COVID-19 – a letter from a first-class cricketer ලිපියේ පරිවර්තනයකි. 

>> විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<