ශ්‍රී ලංකාවට එරෙහි පාකිස්තාන කණ්ඩායම් නම් කරයි

Sri Lanka tour of Pakistan 2026

3
Sri Lanka tour of Pakistan 2026

ශ්‍රී ලංකාව සමඟින් පැවැත්වෙන විස්සයි විස්ස සහ එක්දින ජාත්‍යන්තර තරගාවලි ද්විත්වය සඳහා එක් වෙන පාකිස්තාන සංචිත පසුගියාදා නම් කෙරුණා. එහි විස්සයි විස්ස කණ්ඩායමේ නායකත්වය Sahibzada Farhan වෙත පවරා ඇති අතර එක්දින කණ්ඩායමේ නායකත්වය බාර දී ඇත්තේ Shaheen Shah Afridi වෙතයි.

ආරම්භක දකුණත් පිතිකරු Sahibzada Farhan ආසියානු ක්‍රීඩා උළෙල සඳහා ද පාකිස්තාන කණ්ඩායම මෙහෙයවූ නායකයායි.

ශ්‍රී ලංකා සහ පාකිස්තානය අතර පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලිය මේ මස 9 වැනිදා ආරම්භ වෙන අතර ඉතිරි තරග ද්විත්වය මේ මස 11 වැනිදා සහ 13 වැනිදා පැවැත්වීමට නියමිතයි. සියලුම තරග Rawalpindi ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

මෙම තරගාවලියෙන් පසුව මේ මස 18 වැනිදා සිට ශ්‍රී ලංකාව, පාකිස්තානය සමඟින් එංගලන්තය ද එක්වෙන තරග 7කින් යුත් ජාත්‍යන්තර එක්දින තුන්කොන් තරගාවලියක් පැවැත්වෙන අතර එහි පළමු තරග ත්‍රිත්වය විස්සයි විස්ස තරගාවලිය පැවැත්වෙන Rawalpindi ක්‍රීඩාංගණයේ දී ද අනෙකුත් තරග සහ අවසන් මහා තරගය Lahore ක්‍රීඩාංගණයේ දී ද පැවැත්වීමට නියමිතයි.

මෙම තරගාවලිය සඳහා එක් වෙන පාකිස්තාන කණ්ඩායමේ නායකත්වයට සුපුරුදු ලෙසින් ම Shaheen Shah Afridi නම් කර තිබෙනවා.

15 දෙනෙක්ගෙන් යුත් පාකිස්තාන විස්සයි විස්ස සංචිතය

 

Sahibzada Farhan (captain), Abdul Samad, Abrar Ahmed, Arafat Minhas, Fakhar Zaman, Hasan Nawaz, Muhammad Imran Randhawa, Khawaja Nafay (wk), Maaz Sadaqat, Naseem Shah, Razaullah, Saim Ayub, Mohammad Salman Mirza, Shadab Khan, Sufiyan Moqim.

16 දෙනෙක්ගෙන් යුත් පාකිස්තාන එක්දින සංචිතය

 

Shaheen Shah Afridi (captain), Abrar Ahmed, Salman Ali Agha, Arafat Minhas, Babar Azam, Faheem Ashraf, Fakhar Zaman, Muhammad Ghazi Ghori (wk), Haris Rauf, Hasan Nawaz, Naseem Shah, Razaullah, Saad Baig (wk), Saim Ayub, Shadab Khan, Sufiyan Moqim.

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<