ඉන්දීය ටෙස්ට් තරගාවලිය ගැන ඕස්ට්‍රේලියානු දඟයෙක් සෑහෙන්න උනන්දුවෙන්

97
Nathan Lyon

නේතන් ලයන් තරම් චේටේශ්වර් පුජාරා දවා ගත් කිසිඳු පන්දු යවන්නෙකු නොමැත. මේ වන විට එම සංඛ්‍යාව 9ක් වී ඇත්තේ ටෙස්ට් තරග 14ක දීය. නමුත් වෙනත් බොහෝ අවස්ථාවන් හිදී මෙන් නොව සෑම අවස්ථාවක දීම ඕස්ට්‍රේලියානු පිට දඟපන්දු යවන නේතන් ලයන්, ඉන්දියාවේ පළපුරුදු අංක 3 වන පුජාරා පරාජය කර ඇති බව නිගමනය කිරීම සාධාරණ නොවේ.

IPL ගැන තීරණය අගමැති මෝදි අතේ

මුළුමහත් ලෝකයම එක් තැනක නතර කරමින් මේ දිනවල පැතිර යන නව කොරෝනා හෙවත් COVID-19

මක්නිසාද යත්, ටෙස්ට් විශේෂඥයන් දෙදෙනා අතර පැවති මෙම සිත් ඇදගන්නා සුළු සටනේ දී පුජාරා ද අවස්ථා කීපයක දීම ජයග්‍රහණය කර ඇති නිසාවෙනි. ලයන් විසින් පුජාරා දවා ගත් ඉනිම වලදී ලකුණු 79.33 ක සාමාන්‍යයක් රඳවා ගැනීමට පුජාරා සමත්ව ඇත. 

2018 වසරේ අගභාගයේ දී ඉන්දියාවේ ඕස්ට්‍රේලියානු සංචාරයේ දී දෙදෙනා අවසන් වරට එකිනෙකාට මුහුණ දුන් විට වැඩි ගෞරව ලබා ගෙන සිටියේ පුජාරා ය. අවස්ථා කිහිපයක දීම ලයන්ට ගොදුරු වී සිටියද, පුරසාරම් දෙඩීමේ අයිතිවාසිකම් සමඟ ආපසු සිය රටට පැමිණියේ පුජාරාය. තරගාවලිය තුළ ලකුණු 521ක් සමඟ ලකුණු 74.42ක සාමාන්‍යයක් රඳවා ගැනීමට ඔහු සමත් විය. එය ඉන්දියාවට ඔවුන්ගේ පළමු තරගාවලිය ජයග්‍රහණය කිරීමට උපකාරි විය. 

මේ මොහොතේ පවතින තත්ත්වය අනුව ඉන්දියානුවන් මෙම වසර අගදී ඕස්ට්‍රේලියාවට ගුවන් යානයකින් ගොඩ බසිනු ඇති බවට සහතික වීම දුෂ්කරය. ලයන් එම තරගාවලිය විස්තර කර ඇත්තේ “අළු බඳුන තරගාවලියට පසු විශාලතම තරගමාලාව” ලෙසය.  

කෙසේවෙතත් ඉන්දීය තරගාවලිය පැවැත්වීමට හැකි වුවහොත් තම කණ්ඩායමට පුජාරාට එරෙහිව සටන් කිරීමට නව සැලසුම් කිහිපයක් ඇති බව, දැනට ඕස්ට්‍රේලියාවේ සර්වකාලීන ටෙස්ට් කඩුලු දවා ගැනීමේ ලැයිස්තුවේ තෙවැනි ස්ථානයේ පසුවන 32 හැවිරිදි නේතන් ලයන් කියා සිටියේය. 

“මම හිතන්නේ ඔබ ඉන්දීය ක්‍රිකට් පැත්ත දෙස බලන විට පුජාරා මඳක් අවධානයෙන් තොරව ක්‍රීඩා කරනවා. නිසැකවම, ඔබ අජින්ක්‍යා රහනේ සහ විරාට් කෝලි දෙස පමණයි බලන්නේ. නමුත් පුජාරා තාප්පයක්. ඔහු නව තාප්පයක්.” 

“අන්තිම වතාවට ඔහු මෙහි හොඳින් ක්‍රීඩා කළා. ඒ අපි ඔහුව එතරම් තැකුවේ නැති නිසා. ඔහු තම ක්‍රීඩාව අනුවර්තනය කළා. ඔහුට ඉහළ වාසනාවක් තියෙනවා. ඔබ ඉහළ මට්ටමේ ක්‍රීඩා කරන විට ඔබට අවශ්‍ය වන්නේ එයයි. ඔහු පැහැදිලිවම ඔහුගේ නිරපේක්ෂ පැත්තෙන් ක්‍රීඩා කළා.” ලයන් පැවසීය. 

ඉන්දියාවට එරෙහි සැලසුම් සකස් කරන අනෙකුත් සෑම ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයෙකු මෙන් නේතන් ලයන් ද විරාට් කෝලි සහ කණ්ඩායම පරාජය කිරීමේ ස්ථිර අධිෂ්ඨානයෙන් පසුවෙයි. ඒ නැවත වරක් වාර්තාව නිවැරදි කිරීමට පමණක් නොව ක්‍රිකට් ක්‍රීඩාවේ ඉහළ ගුණාත්මකභාවය රඳවා ගැනීමටය. ඉන්දීය තරගාවලිය ප්‍රේක්ෂකයන් සහිතව හෝ ප්‍රේක්ෂකයන් නොමැතිව සංවෘත ක්‍රීඩාංගණයක ක්‍රීඩා කිරීම සඳහා වුවද ඔවුන් සූදානමින් සිටියි. 

“ඔවුන් ක්‍රිකට් ලෝකයේ පරම බලවතෙක්. ඔවුන් මෙහි තරගාවලියකට එක්වීම අපූරුයි. මම කිසිම ප්‍රේක්ෂකයෙක් නොමැතිව ක්‍රීඩා කිරීම හෝ විශාල ප්‍රේක්ෂකයන් පිරිසක් ඉදිරියේ ක්‍රීඩා කිරීම ගැන සිතුවේ නැහැ. නැවත ඉන්දියාවට එරෙහිව ක්‍රීඩා කිරීමේ අවස්ථාව ගැන පමණයි මම සිතුවේ.” 

“අන්තිම වතාවට ඔවුන් මෙහි පැමිණි විට ඔවුන් අපට වඩා ශක්තිමත් වුනත්, අපි මේ මොහොතේ වඩා ශක්තිමත් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමක්. මම ඔවුන් සමඟ ඕස්ට්‍රේලියාවේ දී ක්‍රීඩා කරන්න ලැබීම ගැන ඇදහිය නොහැකි තරම් සතුටට පත්වෙනවා.” යයි තවදුරටත් අදහස් දක්වමින් නේතන් ලයන් පැවසීය.

ඩිවිලියර්ස්ට ඉදිරිය ගැන දෙගිඩියාවක්

දකුණු අප්‍රිකානු හිටපු නායක මෙන්ම දක්ෂ පිතිකරුවෙක් වන ඒ. බී ඩිවිලියර්ස් 2020 වසරේ පැවැත්වෙන පන්දුවාර

පසුගිය තරගාවලියේ දී ඔහුගේ කණ්ඩායමට බලාපොරොත්තු සුන් වූ ප්‍රතිඵලයක් ලැබුන ද, ලයන් කඩුලු 21ක් දවා ගනිමින් සාමාන්‍ය 30.42ක් ලෙස රඳවා ගැනීමට සමත් විය. 2007 වසරේ දී ෂේන් වෝන් ක්‍රිකට් ක්‍රීඩාවට සමුදුන් පසුව ඕස්ට්‍රේලියාව අපේක්ෂා කළ තරග ජයග්‍රහණය කරන දඟපන්දු යවන්නා ලෙස නේතන් ලයන් ක්‍රීඩා කළේය. 

ෆිල් හියුස්ගේ අවාසනාවන්ත අභාවයෙන් සති කිහිපයකට පසුව පැවැත්වූ චිත්තවේගීය ටෙස්ට් තරගයේ දී ඕස්ට්‍රේලියා කණ්ඩායම කඩුලු 7කට ලකුණු 152ක් රැස්කර ගෙන ඉනිම නවතා දැමීමෙන් පසුව කෝලිගේ නායකත්වයෙන් යුත් ඉන්දියාව ලකුණු 364ක් පසුපස හඹා යෑමට පිවිසියේය. සිව්වන ඉනිමේ දී ලයන් කඩුලු 5ක් දවා ගත් අතර ඔහු එම දස්කම දැක්වූ පළමු අවස්ථාව එය විය. ඔහු තම කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යාමට ද සමත් විය. 

“එම තරගය හා තරගමාලාව පුරාම මට විශාල විශ්වාසයක් ඇතිකර ගැනීමට හැකි වුනා. 2014 වසරේ සිට මේ දක්වා සසඳන විට මම සම්පූර්ණයෙන්ම වෙනස් පන්දු යවන්නෙක් ලෙස මට හැඟෙනවා.” ඔහු පැවසීය.

එවකට නායක මයිකල් ක්ලාක් මෙම තරුණ දඟපන්දු යවන්නා මත වගකීම් විශාල ප්‍රමාණයක් තැබූ බවක් පෙනෙන්නට තිබුනත්, නේතන් ලයන් ඒ සියල්ල සාර්ථක කිරීමට බොහෝ සෙයින් වැදගත් විය. වර්තමාන නායක ටිම් පේන් සමඟ විශාල සම්බන්ධතාවයක් ගොඩනඟා ගැනීමට පෙර ඔහු ස්ටීව් ස්මිත් යටතේ සාර්ථක පන්දු ‍යවන්නෙකු වීමට සමත් විය. ඔහු තවදුරටත් බොහෝ කාලයක් ඕස්ට්‍රේලියා දඟපන්දු බලඇණිය භාරව කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කළ හැක. 

“ටිම් පේන් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමට කිසිසේත්ම ඇදහිය නොහැකි තරම් නායකයෙක්. ඔහු පිටතට ගොස් මෙම කණ්ඩායම මෙහෙය වූ ආකාරය අවංක වීමට විශ්වාස කළ නොහැකි තරම්. නිසැකවම ඔහු නැවත ඕස්ට්‍රේලියානු කණ්ඩායමට පැමිණෙන විට ඉතා ගෞරවනීය ක්‍රීඩකයෙක්. දේශීය තරගයෙන් පවා ඔහු තමාගේම ගෞරවයට පාත්‍ර වූ ක්‍රීඩකයෙක්.”  

“ඔහු ටෙස්ට් නායකයෙකු ලෙස වැඩෙන ආකාරය බැලුවම මම හිතන්නේ ඔහු මයිකල් ක්ලාක්, ස්ටීව් ස්මිත්, ආරොන් ෆින්ච්ට වඩා බොහෝ වෙනස්. ඔහු දිනපතාම දියුණු වෙන බව මට පේනවා.” 

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩාව සොලවා දැමූ ‘පන්දුව පළුදු කිරීමේ’ සිදුවීමෙන් පසුව කණ්ඩායම භාර ගැනීමට සුදුසුම පුද්ගලයා පේන් බව නේතන් ලයන් විශ්වාස කළේය. 

“මම හිතන්නේ ඔබ ඒ අවස්ථාවේ අපේ කාමරය වටේ බැලුවොත්, ඇත්ත වශයෙන්ම නැගී සිටිමින් එම අභියෝගය භාරගත හැකි කෙනෙක් විදිහට මම දැක්ක එකම කෙනා තමයි ටිම් පේන්.” 

“ඔහු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩාවේ දුෂ්කරම කාලය තුළ නායකත්වය දැරුවා. ඒ සියල්ල සමඟම පුදුමාකාර වැඩක් කළා. එහි වාඩි වී බලා සිටීම හා එහි කොටසක් වීම පුදුම සහගතයි.”  

කඩුලු රකින්නා සහ දඟපන්දු යවන්නා ලෙස දෙදෙනා නිතරම පිටියේ විශාල සම්බන්ධතාවයක් පවත්වා ගෙන ගිය ආකාරය ගැන ලයන් කතා කළ අතර පේන් නිරන්තරයෙන් තමාට උපදෙස් ලබා දුන් බවද ඔහු පවසා සිටියේය. 

“අපි ඉතා හොඳ සහකරුවෝ. මගේ පන්දු යැවීම සහ ඔහුගේ පන්දු ‍රැකීම පිළිබඳව අපි එකිනෙකාගෙන් බොහෝ ප්‍රශ්න ඇසීමට නැඹුරු වුනා. මම විශ්වාස කරන්නේ මා පන්දු යැවූ හොඳම කඩුලු රකින්නා ඔහු. මම පන්දු යැවීමට දුවන විට මට විශ්වාසය ගේන්න ඒක ගොඩක් උපකාරි වුනා. ඔහුගේ ක්‍රීඩාව පිළිබඳ දැනුම සහ කඩුල්ල පිටුපස ඇති ඔහුගේ පිරිසිදු දැක්ම විශේෂ දෙයක්. මම හොඳින් පන්දු යවන විට සහ විවිධ ප්‍රදේශ වල මඳක් දියුණු වීමට අවශ්‍ය විට ඔහු ඒ ගැන මට කිව්වා.” 

2014 වසරේ දී ඇඩිලේඩ් ටෙස්ට් තරගයේ දී නායකත්වය දැරූ මයිකල් ක්ලාක් තමන් භාවිතා කළ ආකාරය හා පේන් තමා භාවිතා කළ ආකාරය පිළිබඳ බැලීමේ දී ඒ බව හොඳින් පෙනෙන බව ලයන් පැවසීය. තරගයේ මුල් අවධියේ දී ඔහුව පන්දු ‍යැවීමට ගෙන ඒමෙන් දැඩි ඕස්ට්‍රේලියානු තණතීරුවල පවා කඩුලු ලබා ගැනීමේ විකල්පයක් ලෙස ඔවුන් දෙදෙනාම ලයන් භාවිතා කළ බව ලයන්ගේ මතය යි. 

“මගේ පන්දු යැවීම ගැන ටිම්ට විශාල විශ්වාසයක් ඇති බව මට හැඟීම ගැන මම ඉතා වාසනාවන්තයි. එමඟින් මට පන්දු යවන්නෙකු ලෙස පිටතට ගොස් පන්දු ‍යවන්න වැඩි විශ්වාසයක් ලබා දුන්නා. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරය අතරතුර අබුඩාබියේ දෙවන ටෙස්ට් තරගයේ පළමු උදෑසන කිහිපවතාවක් ඔහු මට පන්දුව ලබා දුන්නා. ඒ තරග සැසිය අපිට ගොඩක් වාසි වුනා. මම හිතන්නේ අපි එම සැසියේ කඩුලු 5ක් පමණ දවා ගත්තා.” ලයන් පැවසීය. 

පේන්ගේ නායකත්වයේ තවත් පැතිකඩක් තමා පුදුමයට පත්කරවන බව නේතන් ලයන් පැවසීය. ඒ ඔහුගේ හාස්‍යය මඟින් ප්‍රතිවාදීන්ගේ අවධානය වෙනතකට යොමු කිරීමට හෝ තරමක පීඩනයකට ලක්කිරීමට ඔහුට ඇති හැකියාවයි. ඉන්දියාවේ මීට පෙර සංචාරයේ දී එය දැකිය හැකි අවස්ථා ඕනෑ තරම් තිබිනි. එය සෑම විටම කෝලි සමඟ සාර්ථක නොවූ බව ද දක්නට ලැබිනි.

තෙන්දුල්කාර්ගෙන් විශාල සමාජ සත්කාරයක්

ඉන්දීය හිටපු ප්‍රවීණ පිතිකරු සචින් තෙන්ඩුල්කාර් විසින් මුම්බායි හි 5000ක පමණ

සටන්කාමී ඉන්දීය නායකයා වසර ගණනාවක් පුරා ඕස්ට්‍රේලියානු ප්‍රේක්ෂකයන් සමඟ නාටකාකාර ප්‍රේම-වෛර සම්බන්ධතාවයක් භුක්ති වින්දේය. ඕස්ට්‍රේලියාව ක්‍රීඩා කිරීම නැරඹීම සඳහා රසිකයන්ට ක්‍රීඩාංගණයට පැමිණීමට නොහැකි වීම, ටෙස්ට් තරගයක් එහි ප්‍රධාන අංගයක් නොමැතිව ක්‍රීඩා කිරීමක් වැනිය. 

නේතන් ලයන් විශ්වාස කරන්නේ කෝලි යනු ඕනෑම අවස්ථාවකට අනුවර්තනය වීමට හැකි සුපිරි තරුවක් බවයි. ඇත්ත වශයෙන්ම මෑතක දී කණ්ඩායමේ මිචෙල් ස්ටාර්ක් සමඟ ඒ සම්බන්ධයෙන් විහිළුවක් පවා බෙදාගෙන ඇති බව ඔහු පැවසීය.

“මම අනෙක් දවසේ මිච් ස්ටාර්ක් සමඟ කතා කරමින් සිටියා. ඇත්ත වශයෙන්ම අපි කීවේ අපි ප්‍රේක්ෂකයන් නොමැතිව සෙල්ලම් කරනවා නම් විරාට් ලකුණු මැශිම ක්‍රියාත්මක කිරීම පුදුම සහගත වේවි කියලා.”

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<