IPL දින නියමයක් නොමැතිව කල් දමයි

165

ඉන්දියාව තවදුරටත් වසාදැමීමකට යොමුවීමත් සමඟින් අප්‍රේල් 15 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබූ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය දින නියමයක් නොමැතිව කල් දැමීමට ඉන්දීය ක්‍රිකට් ආයතනයට සිදුව ඇත. 

මේ වසර අගදී වෙනස් මුහුණුවරක් සමඟින් තරගාවලිය ක්‍රීඩා කිරීම පිළිබඳව ඉන්දියාවේ ක්‍රිකට් මණ්ඩලය සුබවාදීව සිටින බව කණ්ඩායම් නිලධාරියෙක් AFP පුවත් සේවයට පවසා තිබුණි. 

ඉන්දීය ටෙස්ට් තරගාවලිය ගැන ඕස්ට්‍රේලියානු දඟයෙක් සෑහෙන්න උනන්දුවෙන්

නේතන් ලියොන් තරම් චේටේශ්වර් පුජාරා දවා ගත් කිසිඳු පන්දු යවන්නෙකු නොමැත…

මේ දිනවල පැතිර යන නව කොරෝනා හෙවත් COVID-19 වයිරසය නිසා සියලු ක්‍රීඩා තරග හා තරගාවලි අවලංගු කිරීමට සිදුව ඇති අතර ලොව ප්‍රධාන පෙළේ තරගාවලි රැසක් ඒ අනුව කල් දැමා ඇත. එයට ටෝකියෝ ඔලිම්පික් උළෙල, යුරෝපා පාපන්දු තරගාවලි මෙන්ම ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ද ඇතුළත් විය.

ක්‍රිකට් ක්‍රීඩාවේ මේ වන විට පැවැත්වෙන ධනවත්ම ක්‍රිකට් ලීග් තරගාවලිය බවට ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය පත්ව ඇති අතර එමඟින් ඉන්දීය ආර්ථිකයට එක්කරන බලපෑම ද අතිවිශාලය. කෙසේ වෙතත් ඉන්දියාව තුල කොරෝනා රෝගීන්ගේ ප්‍රබල වර්ධනයක් සිදුවීමත් සමඟින් එරට සම්පූර්ණ වසාදැමීමකට යොමුකිරීම රජය තීරණය කළේය. ඒ අනුව මාර්තු මස 29 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබූ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය අප්‍රේල් මස 15 දක්වා කල්දැමීමට සංවිධායකයන් තීරණය කළේය. 

ඉන්දීය ක්‍රිකට් ආයතනය විසින් නිල වශයෙන් එය මෙම බදාදා එනම් 15 වැනිදා දක්වා කල් දැමූ නමුත් ඉන්දියාව සහ ලෝකයේ බොහෝ රටවල් අගුළු දමා තිබීම නිසා ක්‍රීඩකයින්ට සංචාරය කිරීම සහ ප්‍රේක්ෂකයන්ට තරගවලට සහභාගී වීම අවදානම් වී තිබීම නිසා තරගාවලිය මෙලෙස දින නියමයක් නොමැතිව කල් දැමීමට ඉන්දීය ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත. 

ඉන්දියාව තම අගුළු දැමීමේ ක්‍රියාවලිය පසුගිය අඟහරුවාදා (14) සිට තවත් සති 3කින් දීර්ඝ කිරීමට තීරණය කර තිබුණි. ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ඉන්දීය ප්‍රිමියර් ලීග් කණ්ඩායම් අයිතිකරුවන් අට දෙනා වෙත පැවසුවේ තරගාවලිය දින නියමයක් නොමැතිව කල් දමා ඇති බවයි.

“ඔව්, මේ වන විට ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය අත්හිටුවා ඇති බව ඔවුන් අපට දන්වා තිබෙනවා” කණ්ඩායම් නිලධාරියෙක් නිර්නාමික කොන්දේසියක් මත AFP වෙත පවසා ඇත. 

“කෙසේ වෙතත්, තරගාවලිය පැවැත්වීම සඳහා මේ වසර අග දී ඔවුන් දිනයක් යොදාගන්නා බවත් පවසා තිබෙනවා.” 

ඉන්දීය ක්‍රිකට් ආයතනයේ ප්‍රබලයෙක් ඉල්ලා අස්වෙයි

ඉන්දීය ක්‍රිකට් ආයතනයේ උප සභාපති ලෙස කටයුතු කළ මහීම් වර්මා එම ධූරයෙන් ඉල්ලා අස්වීමට…

ඉන්දීය ප්‍රිමියර් ලීග් හි අනාගතය පිළිබඳව ඉන්දීය ක්‍රිකට් මණ්ඩලයෙන් කිසිදු නිවේදනයක් නිකුත් කර තිබුණේ නැත. පසුගිය සති අන්තයේ දී ඉන්දීය ක්‍රිකට් ආයතනයේ සභාපති සෞරව් ගංගුලිද මේ පිළිබඳව අනාවැකි පළ කිරීමෙන් වැළකී සිටියේය.

“ප්‍රායෝගිකව කිවහොත්, ලෝකයේ සෑම තැනකම ජීවිත ඇණ හිට ඇති විට, ක්‍රීඩාවට අනාගතයක් ඇත්තේ කොහේද?”  යැයි ඔහු පවසා තිබුණි. 

මෙම ලීගය ඉන්දීය ක්‍රිකට් ආයතනය සඳහා විශාල ආදායමක් උපයා දෙන අතර ඉන්දීය ආර්ථිකය සඳහා වසරකට ඩොලර් බිලියන 11කට වඩා උපයනු ඇතැයි ගණන් බලා තිබේ.

ඕස්ට්‍රේලියාවේ ස්ටීව් ස්මිත් ලීග් තරගාවලිය යම් අවධියක දී පැවැත්වෙනු ඇතැයි තමා විශ්වාස කරන බව පවසා තිබුණි. තරගාවලිය සඳහා සහභාගි වන විදේශීය තරු කීපදෙනෙකුම තරගාවලිය පසුව හෝ පවත්වනු ඇති බව පවසා තිබිණි. 

එංගලන්තයේ කෙවින් පීටර්සන් ඇතුළු හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් යෝජනා කර ඇත්තේ මෙම තරගාවලිය සති අටක සාමාන්‍ය කාල සීමාවෙන් කෙටි කර සංවෘත දොරවල් පිටුපස එනම් ප්‍රේක්ෂකයන් නොමැතිව ක්‍රීඩා කරන ලෙසයි.

කලක් තිස්සේ මෙම තත්ත්වය සඳහා සූදානම් වෙමින් සිටි ඉන්දීය ක්‍රිකට් ආයතනය මාසයක කාලයක් සඳහා සංශෝධනය කෙරුණු තරගාවලිය ජුනි මස පළමු සතියේ ප්‍රේක්ෂකයන් නොමැතිව ආරම්භ කිරීමට මීට පෙර සැලසුම් කර තිබුණි.

එහි දී තරගාවලිය මුළුමනින්ම එක් ප්‍රාන්තයක හෝ එක් ක්‍රීඩාංගණයක පැවැත්වීමට ඔවුන් තීරණය කර තිබුණි. 

රට පුරා කොරෝනා වයිරස් ආසාදන සංඛ්‍යාව වැඩි වීමෙන් පසුව එම සියලු සැලසුම් පසුපසට තල්ලු කිරීමට සිදු විය. පසුගිය අඟහරුවාදා (14) වන විට ඉන්දියාවේ 11,000කට අධික පිරිසකට මෙම රෝගයට ආසාධනය වී ඇති (positive) බව තහවුරු වී ඇති අතර මරණ සංඛ්‍යාව ලකුණු 400ට ආසන්න විය. 

සමාජ දුරස්ථභාවය සහ සංචාරක තහනම සම්බන්ධයෙන් ඉන්දීය රජය විසින් සීමාවන් කිහිපයක් පනවා ඇති අතර, විදේශීය ක්‍රීඩකයින්ට තම රටවල්වල අගුළු දැමීමේ වැඩපිළිවෙළ නිසා ඉන්දීය ක්‍රිකට් ආයතනයට තරගාවලිය කල් දැමීම හැර වෙනත් විකල්පයක් නොතිබුණි.

මෙලෙස තරගාවලිය පැවැත්වීම අවිනිශ්චිත වීමත් සමඟින් ක්‍රීඩකයින්ට හා තරගාවලියේ පාර්ශවකරුවන්ට විශාල පසුබෑමකට මුහුණ දීමට සිදුව ඇත. පසුගිය දෙසැම්බරයේ පැවති ක්‍රීඩක වෙන්දේසියේ දී කණ්ඩායම් 8 විසින් ක්‍රීඩකයන් 62ක් මිලදී ගෙන තිබුණේ ඉන්දීය රුපියල් කෝටි 140.30ක මුදලකටය.

ඕස්ට්‍රේලියානු වේගපන්දු යවන ක්‍රීඩක පැට් කමින්ස් ඉන්දීය ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ වඩාත්ම මිල අධික විදේශීය මිලදී ගැනීම බවට පත්වූයේ කොල්කටා නයිට් රයිඩර්ස් විසින් ඔහු රුපියල් කෝටි 15.5කට මිලදී ගැනීමත් සමඟිනි. 

IPL ගැන තීරණය අගමැති මෝදි අතේ

මුළුමහත් ලෝකයම එක් තැනක නතර කරමින් මේ දිනවල පැතිර යන නව කොරෝනා හෙව…

තරගාවලිය සැබවින්ම පැවැත්වෙන තුරු කමින්ස්ට හෝ වෙනත් ක්‍රීඩකයෙකුට මුදල් ලැබෙන්නේ නැත. සම්මතයට අනුව, කණ්ඩායම් පාර්ශවකරුවන් ක්‍රීඩකයන්ට වාරික දෙකකින් ගෙවීම් කරනු ලබයි. ඒ තරගාවලිය ආරම්භ වීමට සතියකට පෙර සහ තරගාවලිය අවසන් වීමෙන් පසුවය. 

ඉන්දීය ප්‍රිමියර් ලීග්හි වාණිජ ආදායම මත දැඩි ලෙස විශ්වාසය තබන බැවින් කණ්ඩායම් වල පාර්ශවකරුවන්ට ද මෙහි බලපෑම දැඩි ලෙස දැනෙනු ඇත. එයට 2017 දී වසර පහක කාලයක් සඳහා වාර්තාගත මුදලකට ස්ටාර් ඉන්දියා විසින් මිලදී ගත් විකාශන අයිතිවාසිකම් ද ඇතුළත් ය. එතැන් පටන් සෑම පාර්ශවකරුවෙකුටම ඉන්දීය රුපියල් කෝටි 150ක ආදායමක් ලැබෙනු ඇතැයි සහතික කර තිබුණි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<