ඉන්දීය ක්‍රිකට් ආයතනයේ ප්‍රබලයෙක් ඉල්ලා අස්වෙයි

57

ඉන්දීය ක්‍රිකට් ආයතනයේ උප සභාපති ලෙස කටයුතු කළ මහීම් වර්මා එම ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. 

උත්තර්කන්ඩ් ප්‍රාන්තයේ ප්‍රාන්ත ක්‍රිකට් සංගමයේ ලේකම් ධුරයට පත්වීමෙන් පසු ඔහු සිය ඉල්ලා අස්වීම ප්‍රධාන විධායක රාහුල් ජොහ්රි වෙත ඉදිරිපත් කර තිබේ. වර්මා පසුගිය මාසයේ පැවති රාජ්‍ය මණ්ඩල මැතිවරණයට ඉදිරිපත් වෙමින් එම ධූරය සඳහා තේරී පත් විය. 

තෙන්දුල්කාර්ගෙන් විශාල සමාජ සත්කාරයක්

ඉන්දීය හිටපු ප්‍රවීණ පිතිකරු සචින් තෙන්ඩුල්කාර් විසින් මුම්බායි හි 5000ක පමණ පිරිසක් සඳහා මාසයකට ප්‍රමාණවත්……………..

ඉන්දීය ක්‍රිකට් ආයතනයේ ව්‍යවස්ථාවට අනුව පුද්ගලයෙකුට එකවර රාජ්‍ය හෝ මධ්‍ය මට්ටමින් තනතුරු දෙකක් දැරීමට අවසර නැත.

PTI වෙත අදහස් දක්වමින් වර්මා කියා සිටියේ, “මගේ රාජ්‍ය සංගමය නිසි ලෙස පවත්වා ගෙන නොයෑම ගැන මම සැලකිලිමත් විය යුතුයි. මම ඉල්ලා අස්වීම ප්‍රධාන විධායක රාහුල් ජොහ්රි වෙත යවා තිබෙනවා. ජ්‍යේෂ්ඨ නිලධාරීන් සිටින බැවින් එය පිළිගනු ඇතැයි මට විශ්වාසයි.”

හිටපු ඉන්දීය ක්‍රිකට් ආයතනයේ උපසභාපති මහීම් වර්මා පවසා සිටියේ උත්තරාකන්ඩ් රාජ්‍ය සංගමය දැඩි අවුල් ජාලයක පවතින බවත්, එය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ඔහු එහි තනතුරක් ගෙන ඇති බවත්ය.

“මම දැනටමත් ලේකම්ට (ජේ ෂා) මේ තීරණය ගැන පවසා තියනවා. මම ආපසු ගොස් රාජ්‍ය මණ්ඩලය භාර නොගත්තේ නම්, සංගමය අවුල් ජාලයකට පත්වීමට ඉඩ තිබුණා. ඒ නිසා මම ඒ මැතිවරණයට ඉදිරිපත් වුනා.”

කෙසේ වෙතත් ඉන්දියාව මේ වන විට සම්පූර්ණ වසාදැමීමකට යොමුව ඇති හෙයින් ඉන්දීය ක්‍රිකට් ආයතනයේ තනතුරක් පුරප්පාඩු වී දින 45ක් ඇතුළත කැඳවිය යුතු විශේෂ මහා සභා රැස්වීම කැඳවීම ඉතා දුෂ්කර වනු ඇත. 

මුම්බායි හි සචින් – විනෝද් ඉන්දියාව කැලඹූ හැටි

1988 වසරේ පෙබරවාරි මස දිනක ඉන්දියාවේ පාසල් අතර පැවැත්වෙන හැරිස් පලිහ කුසලානයේ තරගයක් බොම්බායේ ………………..

මාධ්‍ය වෙත අදහස් දක්වමින් එහි ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ මහ සභා රැස්වීම මෙම තත්ත්වය සාමාන්‍ය වීමෙන් පසු පවත්වන බවයි.

“අපි COVID-19 වසංගතය හමුවේ දෙවන අගුළු දැමීමකට යොමු වෙනවා. ඉතින් දින 45ක් තුළ මහ සභා රැස්වීමක් තිබීම ගැන අප සිතන්නේ කෙසේ ද? නිසැකවම පුරප්පාඩුව පුරවන්න අපි බලාපොරොත්තු වෙනවා. ව්‍යවස්ථාමය සම්මතයන් මත ඒ දේවල් සිදු කරනවා. නමුත් ඒ සියල්ල කරන්නේ දේවල් සාමාන්‍ය තත්වයට පත්වීමෙන් පසුව පමණයි.” 

කෙසේ වෙතත් පුරප්පාඩු වූ එම තනතුර සඳහා සුදුසුකම් සහිත පුද්ගලයන් හෝ සලකා බලන පුද්ගලයන් පිළිබඳව තවමත් කිසිදු සඳහනක් සිදු කර නොමැත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<