හිරුණි ඔලිම්පික් සටනින් ඉවතට

298

ඇමරිකාවේ වාසය කරමින් දිගුදුර ධාවනයේ නිරත වන ශ්‍රී ලාංකික ක්‍රීඩිකා හිරුණි විජයරත්න හට 2021 ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලබා ගැනීමට අවස්ථාව හිමි වුනේ නැහැ. 

මැරතන් ඉසව්ව සඳහා ඔලිම්පික් සුදුසුකම් ලබා ගැනීමේ කාලසීමාව මේ මස 31 වැනිදායින් අවසන් වන අතර තමන් අවසාන කාලසීමාවේ දී ඇතිවූ ආබාධ සහ තරගාවලි නොමැති වීම නිසා මෙවර ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබා ගැනීමට නොහැකි වූ බව ඇය ප්‍රකාශ කර සිටියා.

“මට ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා තරග කරන්න ලැබෙන්නේ නැහැ. සීත සෘතුවේ පුහුණුවීම් කටයුතු අතරතුර ඇතිවූ ආබාධ නිසා මට මාස තුනක් පුහුණුවීම් කරන්න වුනේ නැහැ.

ඒ වගේම පසුගිය මාස 6ක කාලය තුළ ඇමරිකාවේ කිසිදු තරගයක් පැවැත්වුනේ නැහැ. ඔය හේතූන් නිසා මට ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබා ගන්න ලැබුණේ නැහැ. මැරතන් ඉසව්වේ ඔලිම්පික් සුදුසුකම් ලබා ගැනීමේ කාලසීමාව මැයි 31න් අවසන් වෙනවා.

ඒ නිසා මම මීළඟ (2024) වසරේ පැවැත්වෙන ලෝක ශූරතාවය, ආසියානු ක්‍රීඩා උළෙල සහ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ගැනයි මේ වෙලාවේ අවධානය යොමු කරලා තියෙන්නේ’”

තවත් මලල ක්‍රීඩා පුවත්

මැරතන් ඉසව්වේ මෙන්ම මීටර් 10,000 සහ 5,000 ඉසව්වන්හී ජාතික වාර්තාවේ හිමිකාරිය ද වන හිරුණි විජයරත්න ශ්‍රී ලංකාව නියෝජනය කරමින් 2019 දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දී මැරතන් ඉසව්වේ දකුණු ආසියානු ශූරිය වීමට ද සමත් වුනා.

එමෙන්ම 2018 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ මැරතන් ඉසව්ව 11 වැන්නා ලෙස අවසන් කළ හිරුණි අවසාන වශයෙන් අර්ධ මැරතන් ලෝක ශූරතාවයේ දී මෙරට නියෝජනය කළා.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<