ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවය කල් යයි

280

රටේ පවතින කොරෝනා වසංගත තත්වය නිසාවෙන් මෙම වසරේ පැවැත්වීමට නියමිත ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවය පෙර සැලසුම් කළ පරිදි නොපවත්වා කල් දැමීමට ජාතික මලල ක්‍රීඩා සංගමය තීරණය කර ඇත.

ඒ අනුව තරගාවලිය දින නියමියකින් තොරව කල් දැමීමට කටයුතු කරන අතර නව දිනයන් පිළිබඳව, තරගාවලිය පැවැත්වීමට සති හයකට පෙර ක්‍රීඩකයන්ට දැනුම් දීමට කටයුතු කරන බව ද මලල ක්‍රීඩා සංගමය ප්‍රකාශ කර සිටියා. 

කෙසේ නමුත් මෙම වසරේ කෙන්යාවේ දී පැවැත්වීමට නියමිතව ඇති යොවුන් ලෝක මලල ක්‍රීඩා ශූරතාවය ඉලක්ක කරගනිමින් තේරීම් තරගාවලියක්, ජාතික ශූරතාවයට පෙර පැවැත්වීමට සැලසුම් කරමින් සිටී. 

තරගාවලිය ජූලි මාසයේ දී පැවැත්වීමට සැලසුම් කරන බවත්, තරගාවලිය පැවැත්වීමට යොදා ගන්නා දිනයන් පිළිබඳව පුහුණුකරුවන්ට සති හතරකට පෙර දැනුම් දෙන බව ද ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය ප්‍රකාශ කළා. 

තවත් ක්‍රීඩා පුවත් කියවන්න

මෙම තරගාවලිය සඳහා ලෝක යොවුන් මලල ක්‍රීඩා ශූරතාවයට සුදුසුකම් ලබා ගැනීමට හැකියාවක් පවතින ඉසව් පමණක් ඇතුළත් කිරීමට සැලසුම් කර ඇති අතර තරගාවලිය දැඩි සෞඛ්‍යාරක්ෂිත නීති අනුගමනය කරමින් පැවැත්වෙනු ඇත. 

මෙවර ලෝක යොවුන් මලල ක්‍රීඩා ශූරතාවය අගෝස්තු මාසයේ දී පැවැත්වීමට නියමිත අතර එයට සුදුසුකම් ලබා ගැනීමේ කාලසීමාව අගෝස්තු 06 වැනි දිනෙන් අවසන් වේ. 

එමෙන්ම 99 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවයේ ඉතිරි අදියරයන්හි තරග ඉදිරියේ දී පැවැත්වීමට කටයුතු සූදානම් කරමින් පවතින අතර තවත් ඉසව් 29ක් පැවැත්වීමට නියමිතව ඇත. 

කෙසේ නමුත් තරගාවලියේ ඉදිරි අදියරයන් පැවැත්වෙන දිනයන් පිළිබඳව තවමත් තීරණය කර නොමැති නමුත් ක්‍රීඩක ක්‍රිඩීකාවන්ට පුහුණුවීම් කටයුතු සිදු කිරීම සඳහා තරගාවලිය පැවැත්වෙන දිනය, මසකට පෙර දැනුම් දීමට කටයුතු කරන බව ද මලල ක්‍රීඩා සංගමය ප්‍රකාශ කර සිටියා. 

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්නමලල ක්‍රීඩා පිටුවට <<