17න් පහළ ශූරතා රුවන්වැල්ලට හා හුංගමට

721

DSI සුපර් ස්පෝර්ට්ස් පාසල් වොලිබෝල් ශූරතාවලියේ වයස අවුරුදු 17න් පහල බාලක අවසන් මහා තරගයේ ශූරතාවය දිනා ගැනීමට මාරවිල සාන්ත සේවියර් විද්‍යාලය පරාජය කළ රුවන්වැල්ල රාජසිංහ විද්‍යාලය සමත්වූ අතර එම වයස් කාණ්ඩයේ බාලිකා ශූරතාවය දිනා ගැනීමට ආනමඩුව මධ්‍ය විද්‍යාලය පරාජය කළ හුංගම විජයබා විද්‍යාලය සමත් විය. තරගාවලියේ අද (4) මහරගම යොවුන් කැදැල්ලේ දී පැවැත්වුණි.

වයස අවුරුදු 17න් පහල බාලක අවසන් මහා තරගය

දිනයට සුපිරි ආරම්භයක් ලබා දෙමින් විශිෂ්ට තරගයකින් පසු වට 3-0ක් ලෙස වයස අවුරුදු 17න් පහළ ශූරතාව දිනා ගැනීමට රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලය සමත් විය. කෙසේ වෙතත් තරගය පරාජය වුවද සාන්ත සේවියර් විද්‍යාලය ක්‍රීඩා කළ විලාසය සියලු දෙනාගේ ප්‍රසාදයට පාත්‍ර විය.

උහන ක්‍රීඩිකාවන්ගේ දෙවැනි ශූරතාවය සහ ඉඹුලාන ක්‍රීඩකයින් රාජකීයයින් පරාජය කළ ශූරතාවය

DSI සුපර් ස්පෝර්ට්ස් පාසල් වොලිබෝල් ශූරතාවලියේ අවසාන මහා තරග පැවැත්වෙන දෙවන හා අවසන් දිනය වනලය වයස අවුරුදු 13න් පහළ කාණ්ඩයේ ශූරයින් බවට පත්විය….

එම වයස් කාණ්ඩයේ තෙවන ස්ථානය දිනා ගැනීමට සීදූව දවිසමර විද්‍යාලය සමත් විය.

අවසන් මහා තරගයේ දක්ෂතම පන්දු ඔසවන්නා ලෙස සුජිත් ලක්ෂාන් සම්මාන දිනාගත් අතර දක්ෂතම ප්‍රහාරකයා ලෙස නවින් කෞශල්‍යත්, අවසන් මහා තරගයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස කවිෂ්ක මධුසංකත් සම්මාන දිනා ගන්නා ලදි. මෙම ක්‍රීඩකයින් තිදෙනාම රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලය නියෝජනය ක්‍රීඩකයින් වීම විශේෂත්වයක්.

සැබවින්ම සුපිරි තරගයක් වූ මේ තරගයේ දී ඉපිලීමේ හා වේගවත් ප්‍රහාරයන් ඉතා මනරම් විය. සාන්ත සේවියර් ක්‍රීඩකයින් ඉතා විශ්වාසයෙන් යුතුව තරගයේ පළමු ලකුණ ලබා ගනිමින් තරගය ආරම්භ කළ අතර පහරවල් ආවරණය කිරීමේ දී හා ඉපිලී ප්‍රහාර එල්ල කිරීමේ දී ඔවුන්ගේ උස ඉතාම ප්‍රයෝජනවත් විය.

සාන්ත සේවියර් කණ්ඩායම මෙන් වේගවත් නොවුවද රාජසිංහ ක්‍රීඩකයෝ ක්‍රමයෙන් ලකුණු පුවරුව ඉදිරියට රැගෙන යමින් සාන්ත සේවියර් ක්‍රීඩකයින් සම කළ අතර රාජසිංහ ක්‍රීඩකයෝ ද ඉතා ඉක්මනින් රිද්මයට පිවිසුණේ ආවරණ මගහරිමින් සිදු කළ විශිෂ්ට පන්දු ප්‍රහාර සමඟිනි.

කණ්ඩායම් දෙකම ද්විත්ව ආවරණ උපක්‍රම විශිෂ්ට ලෙස භාවිතා කළේ රැස්ව සිටි ප්‍රේක්ෂකයින් අමන්දානන්දයට පත් කරමිනි. කෙසේ වෙතත් කණ්ඩායම් දෙකම පන්දු පිරිනැමීම් කිහිපයක් අසාර්ථක කර ගත්තේ අවාසනාවන්ත ලෙස ප්‍රතිවාදීන්ට ලකුණු පූජා කරමිනි.

ලකුණු 15-16ක් ලෙස පළමු වතාවට රාජසිංහ ක්‍රීඩකයෝ සාන්ත සේවියර් ක්‍රීඩකයින් පසු කළ අතර කණ්ඩායම් දෙකේම ප්‍රවීණ පුහුණුකරුවන් තාක්ෂණික කෙටි විවේක ඉතා උපක්‍රමශීලී ලෙස ලබා ගත්තේ ප්‍රතිවාදීන්ගේ රිද්මය බිඳ දමමිනි.

Photos: DSI Super Sports Schools Volleyball 2018 – Under 15 Final

ThePapare.com | Hiran Weerakkody| 04/08/2018 Editing and re-using images without permission…

පසුගිය වසරේ මේ වයස් කාණ්ඩයේ ශූරතාවය දිනා ගත්තේ සාන්ත සේවියර් විද්‍යාලය වූ අතර වේගවත් මනරම් පන්දු ප්‍රහාරවලින් රාජසිංහ ක්‍රීඩකයෝ තව දුරටත් පළමු වටයේ පෙරමුණේ රැඳී සිටින්නට සමත් විය.

සාන්ත සේවියර් කණ්ඩායමේ ඉතා විශ්වාසයෙන් තරගය ආරම්භ කළත් පසුපසින් ඉවසීමෙන් හඹා ආ රුවන්වැල්ල කණ්ඩායම ලකුණු 21-25ක් ලෙස පළමු වටය ජය ගත්තේ පළමු වටයේම තරගයේ වාසිය තමන්ගේ දෙසට හරවා ගනිමින්ය.

පළමු වටය: මාරවිල සාන්ත සේවියර් විද්‍යාලය 21-25 රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලය

දෙවන වටයේ පළමු ලකුණ ආවරණ දෙකක් මගහරිමින් අනර්ඝ ප්‍රහාරයක් එල්ල කළ රුවන්වැල්ල ක්‍රීඩකයින්ට හිමි වූ අතර මේ වටයේදීත් කණ්ඩායම් දෙකම කරට කර සටනකට එළඹුණේ මනරම් ද්වන්ද සටනක් ආරම්භ කරමිනි.

සාන්ත සේවියර් කණ්ඩායම වෙනුවෙන් හිරුෂ තරිඳු මනරම් ඉපිලීමක් ලබාගෙන ප්‍රහාර එල්ල කළේ ප්‍රතිවාදීන් අසරණ කරමිනි. කෙසේ වෙතත් රාජසිංහ ක්‍රීඩක නවීන් කෞශල්‍යගේ ප්‍රහාරයන්ගේ වේගය හා ස්ථානගත වීම ද දෙවන වටය පුරා කැපී පෙනුණි.

දෙවන වටයේ දී සාන්ත සේවියර් ක්‍රීඩකයින් ඉතා දක්ෂ ලෙස පන්දු ගොඩ ගැනීම් සිදු කළේ දක්ෂ ශිල්පීය ක්‍රම  හාවිතා කරමිනි.

රාජසිංහ විද්‍යාලයේ පුහුණුකරු චමින්ද ජයරත්න විසින් කණ්ඩායම ලකුණු 20 සීමාවට ආසන්නවත්ම ආවරණය සඳහා ඉතා උස ක්‍රීඩකයෙකු ආදේශ කළ අතර එම ආදේශනය ඉතා සාර්ථක වූයේ පිට පිට ලකුණු දෙකක්ම රාජසිංහයින්ට හිමිකර දෙමිනි.

Photos: DSI Super Sports Schools Volleyball 2018 – Under 11 Finals

ThePapare.com | Hiran Weerakkody| 03/08/2018 Editing and re-using images without permission…

කෙසේ වෙතත් රාජසිංහ ක්‍රීඩකයින්ගේ සුපිරි ස්ථානගත වීම් හමුවේ තරගය කෙමෙන් කෙමෙන් සාන්ත සේවියර් ක්‍රීඩකයින්ගෙන් ගිලිහුණු අතර රාජසිංහ නායක කවිෂ්කගේ ප්‍රහාරය හමුවේ දෙවන වටයේ ජය ද රාජසිංහ ක්‍රීඩකයින්ට හිමි වූයේ ලකුණු 21-25ක් ලෙසය.

දෙවන වටය: මාරවිල සාන්ත සේවියර් විද්‍යාලය 21-25 රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලය

තෙවන වටය රාජසිංහ ක්‍රීඩකයන්ට වඩා සාන්ත සේවියර් ක්‍රීඩකයින්ට ඉතා වැදගත් වූයේ තරගයේ රැඳී සිටින්නට නම් මේ වටයේ ජය ඔවුන්ට අත්‍යවශ්‍ය වූ නිසයි.

රාජසිංහ ක්‍රීඩකයින්ගේ සුරතින් තෙවන වටයේ පළමු ලකුණ වාර්තා වූ අතර ප්‍රතිප්‍රහාර එල්ල කළ සාන්ත සේවියර් ක්‍රීඩකයින් ලකුණු 7ක් පිට පිට රැස් කළේ රාජසිංහයින්ට ප්‍රබල අභියෝගයක් එල්ල කරමිනි.

සාන්ත සේවියර් විද්‍යාලය වෙනුවෙන් අංක 5 ක්‍රීඩක ගනිඳු ප්‍රබල ක්‍රීඩා විලාසයක නිරත වූයේ සාන්ත සේවියර් ක්‍රීඩකයින්ට ජය අවශ්‍යම වූ වටයකටය.

කෙසේ වෙතත් නැවත තරගයට අවතීර්ණ වූ රාජසිංහ ක්‍රීඩකයින් ලකුණු සමකළ අතර නැවත වතාවක් පෙර වටවල මෙන් තරගය කරට කර තරගයක් බවට පත් කරමිනි.

>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

වටයේ ජය අත්‍යවශ්‍ය වූ සාන්ත සේවියර් ක්‍රීඩකයෝ සෙමෙන් සෙමෙන් තරගය සිය ග්‍රහණයට ගැනීමට උත්සහ කළ නමුත් ඔවුන් ලකුණු 24 සීමාවේ රඳවමින් රාජසිංහ ක්‍රීඩකයෝ ලකුණු 20 සිට ඔවුන් හඹා ආවේ සුපිරි අවසානයකට වටය රැගෙන එමිනි.

24-25ක් ලෙස රාජසිංහ ක්‍රීඩකයින් පෙරමුණ ගත් නමුත් මාරවිල ක්‍රීඩකයින් ඉක්මනින්ම ලකුණු සමකළේ තරගය තවත් ඉදිරියට රැගෙන යමින්.

එලෙසම 26-26, 27-27, 28-28, 29-29, 30-30, 31-31, 32-32, 33-33 ලෙස ක්‍රීඩකයින් මෙන්ම ප්‍රේක්ෂකයින් අධික පීඩනයේ හෙළමිනි.

කෙසේ වෙතත් සාන්ත සේවියර් මහන්සිය අපතේ යවමින් ප්‍රබල රාජසිංහ ක්‍රීඩකයින් ලකුණු 35-33 ක් ලෙස සිය තෙවන වටය හා තරගයේ ජය හිමිකර ගත්තේ වයස අවුරුදු 17න් පහළ ශූරයින් බවට පත් වෙමින්.

තෙවන වටය: මාරවිල සාන්ත සේවියර් විද්‍යාලය 33-35 රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලය

උහන තිස්සපුර, හලාවත රදගුරු 11න් පහළ ශූරතා දිනති

ගමේ ක්‍රීඩා තරු ජාතික තලයට ගෙන එන්නට ඉමහත් සේවයක් ඉටු කරන DSI සුපර් ස්පෝර්ට්ස් පාසල් වොලිබෝල්…

වයස අවුරුදු 17න් පහල බාලිකා අවසන් මහා තරගය

අවුරුදු 17න් පහළ බාලිකා අවසන් මහා තරගය ආනමඩුව මධ්‍ය මහා විද්‍යාලය සහ හුංගම විජයබා ජාතික පාසෙල අතර පැවැත්වුනා. මෙහි දී තියුණු තරගයකට පසුව වට 3-0ක් ලෙස තරගයේ ජය ලබා එම වයස් කාණ්ඩයේ සමස්ත ශූරතාවය දිනා ගැනීමට හුංගම විජයබා ජාතික පාසල සමත් විය.

ඊයේ දිනයේ වයස අවුරුදු 11න් පහළ බාලක බාලිකා, 15න් පහළ බාලක බාලිකා හා 13න් පහළ බාලිකා තරග ඉසව් ද පැවැත්විය. වයස අවුරුදු 17න් පහළ බාලිකා තරග ඉසව්ව ඉතා උණුසුම් මුහුණුවරක් ගත් අතර තරගය පුරාවටම දෙ පිළේම ක්‍රීඩිකාවන් තාක්ෂණික ශිල්ප ක්‍රම උපරිම ලෙස භාවිතා කරනු කැපී පෙනුණි.

විජයබා ක්‍රීඩිකාවන්ට ප්‍රතිප්‍රහාර ලෙස ආනමඩුව මාධ්‍ය මහා විද්‍යාලය විසින් තරගයේ පළමු ලකුණ රැස් කරගත්තේ රැස්ව සිටි ක්‍රීඩාලෝලීන් විශ්මයට පත් කරමිනි. කෙසේ වෙතත් ඉතා ඉක්මනින් එම වටය සිය ග්‍රහණයට ගත් හුංගම විජයබා ක්‍රීඩිකාවෝ ලකුණු පරතරය වැඩි කරගත්ත ද තරගය අත් නොහළ ආනමඩුව ක්‍රීඩිකාවෝ විජයබා ක්‍රීඩිකාවන්ට ලෙහෙසියෙන් ලකුණු රැස් කගැනීමට අවස්ථා හිමි කරදුන්නේ නැත.

පළමු වටය: ආනමඩුව මධ්‍ය මහා විද්‍යාලය 16 – 25 හුංගම විජයබා ජාතික පාසල

දෙවන වටය ආරම්භයේ දී ද ආනමඩුව ක්‍රීඩිකාවන් හුංගම ක්‍රීඩිකාවන්ට ප්‍රබල අභියෝගයක් එල්ල කළ නමුත් එම රිද්මය දිගටම පවත්වා ගැනීමට ඔවුන් අසමත් විය. කෙසේ වෙතත් දෙවන වටයේ දී කණ්ඩායම් දෙකම කරට කර සටනක නිරත වුනත් කාලයත් සමඟ සිය රිද්මය හඳුනා ගත් හුංගම විජයබා ක්‍රීඩිකාවෝ ලකුණු 25 – 18ක් ලෙස දෙවන වටය ජයගන්නට සමත් විය.

දෙවන වටය: ආනමඩුව මධ්‍ය මහා විද්‍යාලය 18 – 25 හුංගම විජයබා ජාතික පාසල

තරගයේ දිගටම රැඳී සිටීමට නම් තෙවන වටයේ ජය ආනමඩුව මධ්‍ය විද්‍යාලයට අත්‍යාවශ්‍ය විය. කෙසේ වෙතත් තෙවන වටය ද සම්පූර්ණයෙන්ම සිය ග්‍රහණයට ගත් හුංගම ක්‍රීඩිකාවෝ ආනමඩුව ක්‍රීඩිකාවන්ට පිට පිට ප්‍රහාර එල්ල කළ අතර ආනමඩුව ක්‍රීඩිකාවන්ගේ පන්දු ගොඩ ගැනීමට තිබුණු දුර්වලතා හමුවේ තෙවන වටය ද ලකුණු 25 – 18ක් ලෙස ජය ගත් හුංගම විජයබා ක්‍රීඩිකාවන්ට වයස අවුරුදු 17න් පහළ වයස් කාණ්ඩයේ බාලිකා ශූරතාවය හිමි විය.

 තෙවන වටය: ආනමඩුව මධ්‍ය මහා විද්‍යාලය 18 – 25 හුංගම විජයබා ජාතික පාසල

>> තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට <<