හිරුනි තවත් ජාතික වාර්තාවක් අලුතින් ලියයි

310
Hiruni

ඇමරිකාවේ වාසය කරන ශ්‍රී ලංකා මැරතන් ක්‍රීඩිකා හිරුනි විජේරත්න ඇය සතුවම තිබූ කාන්තා අර්ධ මැරතන් ඉසව්වේ ජාතික වාර්තාව අලුත් කරන්නට සමත් විය. හිරුනි මෙම දක්ෂතාව වාර්තා කළේ ඇමරිකාවේ ඇරිසෝනා හී ඊයේ (24) පැවති මේසා – PHX – අර්ධ මැරතන් තරගයට එක් වෙමිනි.

පළමුවැනියා සමන්ත නමුත් පදක්කම චන්ද්‍රදාසන්ට

හතළිස් හතර වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේ පළමු ඉසව්ව වශයෙන් පැවති රට හරහා දිවීමේ තරගාවලිය නුවරඑළියේ දී ඊයේ (18) පැවැත්විය. එහි දී පිරිමි .

මේසා – PHX – අර්ධ මැරතන් තරගය අවසන් කරන්නට හිරුනි විජේරත්න ගත කළ කාලය පැය 1යි මිනිත්තු 14යි තත්ත්පර 07ක්. හිරුනි මෙහි දී ඉක්මවා ගියේ 2014 වසරේ එවන්ස්විල් අර්ධ මැරතන් තරගය පැය 1යි මිනිත්තු 17යි තත්ත්පර 34කින් අවසන් කරමින් ඇය විසින් ම පිහිටුවා තිබූ ජාතික වාර්තාවයි. ඇය මෙහි දී පැරණි වාර්තාව මිනිත්තු 3කටත් අධික කාලයකින් ඉක්මවා යාම විශේෂත්වයක්.

ශ්‍රී ලංකාවේ දිගු දුර ධාවන කරළියේ ප්‍රධාන බලාපොරොත්තුවක් වන හිරුනි විජේරත්න මේ වසර තුළ අලුත් කළ පළමු ජාතික වාර්තාව මෙය නොවේ. ඇය කාන්තා පූර්ණ මැරතන් ඉසව්වේ ජාතික වාර්තාව ද අලුත් කරන්නට සමත් වුනේ මේ වසරේ ජනවාරි මාසයේ පැවති හූස්ටන් මැරතන් තරගයේ දී පැය 2යි මිනිත්තු 36යි තත්ත්පර 35ක කාලයක් වාර්තා කරමිනි.

ශ්‍රී ලංකා වාර්තා පොතට හිරුණිගෙන් තවත් වාර්තාවක්

ඇමරිකා එක්සත් ජනපදයේ ජීවත් වන ශ්‍රී ලාංකික මැරතන් ක්‍රීඩිකාවක් වන හිරුණි විජේරත්න ඊයේ (14) ටෙක්සාස් හි හියුස්ටන් ප්‍රදේශයේ

වසර 17ක් පුරා ඇමරිකා එක්සත් ජනපදයේ වාසය කරන හිරුනිට පළමු වරට ශ්‍රී ලංකා වර්ණයෙන් තරග බිමට පිවිසීමේ වරම් හිමි වුණේ ඉයුජින් මැරතන් තරගය ජය ගෙන පසුගිය ලෝක ශූරතා මලල ක්‍රීඩා උළෙලේ පරිසාධන මට්ටම සපුරා ගැනීමත් සමඟයි. කෙසේ වෙතත් එම තරගය අවසන් කිරීමට ඇයට හැකියාව ලැබුණේ නැහැ. දිගින් දිගටම මතුවූ මස්පිඩු ආබාධ හේතුවෙන් ලන්ඩන් ක්‍රීඩා උළෙලේ කාන්තා මැරතන් ඉසව්වේ 21 වන කිලෝමීටරය අතරතුර තරගයෙන් ඉවත් වන්නට හිරුනිට සිදු විය.

පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ දී වසර 17කට පසු සිය මව් බිමට පා තැබූ හිරුනි LSR කලම්බු මැරතන් තරගය  සඳහා එක විය. එහි දී තම අර්ධ මැරතන් ජාතික වාර්තාව අලුත් කිරීමේ බලාපොරොත්තුව සපුරා ගන්නට  අපොහොසත් වුවත් තරගයේ ජයග්‍රහණය පැය 1යි මිනිත්තු 23යි තත්ත්පර 21ක් ලෙස තහවුරු කර ගන්නට ඇයට හැකියාව ලැබුණි. එමෙන්ම එම තරගාවලියට සහභාගී වූ හිරුනිගේ සහකරු වන ලුවිස් ඔර්ටා (Louis Orta) පිරිමි අර්ධ මැරතන් තරගය ජය ගත්තේ පැය 1යි මිනිත්තු 10යි තත්ත්පර 39ක කාලයක් වාර්තා කරමිනි.

මේ වසරේ ජනවාරි මාසයේ හූස්ටන් මැරතන් තරගයට සහභාගී වූ හිරුනි එහි දී ජාතික වාර්තාව අලුත් කල අතර 2018 ගෝල්ඩ් කෝස්ට් පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබන්නට ද සමත් විය. එම තරගාවලිය අප්‍රේල් 4 වැනිදා සිට 15 වැනිදා දක්වා ඕස්ට්‍රේලියාවේ පැවැත්වීමට නියමිත අතර එහි දී සිය පෞද්ගලික හොඳම දක්ෂතාව දිනා ගන්නා අතරම තම ජාතික වාර්තාව ද නැවතත් අලුත් කිරීමට ද හිරුනි බලාපොරොත්තුවෙන් පසුවනු ඇති.

 >> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<