දකුණු කොරියාවේ “නම්දොන්ග්” හිදී පැවැත්වෙන ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවන අදියරේ කාන්තා අංශයේ පලඟ ශූරතා අවසන් මහා තරගය වෙනුවෙන් ශ්‍රී ලංකාව සහ තායිලන්තය අද (30) තරග වැදුණු අතර එහි දී ලකුණු 22-05ක් ලෙස පලඟ ශූරතාවය දිනා ගන්නට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් විය.

ගියවර ශූරයන්ට ශ්‍රී ලංකාවෙන් නොසිතූ අභියෝගයක්

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ ශ්‍රී ලංකාව සහ හොංකොං දේශය අතර තරගය අද (29) දිවා කාලයේ දී පැවැත්විය. එහි දී ලකුණු 31-14ක් ලෙස තරගය පරාජය වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු විය.

අවසන් පූර්ව තරගයේ දී ප්‍රබල සිංගප්පූරුව පරදවමින් ශ්‍රී ලංකාව අවසන් තරගයට පිවිසි නිසාවෙන් ජයග්‍රාහී මානසිකත්වයකින් පිටියට පිවිසි නිසාම තරගයේ දෙවන මිනිත්තුවේ දී ම ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ලකුණු මැෂිම දුලානි පල්ලිකොන්දගේ පළමු උත්සාහක දිනුම වාර්තා කළාය. පැති රේඛාව අන්තයෙන් ලද පන්දුව ධවල රේඛාව මධ්‍යයෙන් සාර්ථක උත්සාහක දිනුමකට පරිවර්තනය කරන්නට ඇය සමත් විය. (05-00)

ඉන් මිනිත්තුවක් ගතවෙත්ම තායිලන්ත ක්‍රීඩිකා ඩබ්. රත්නපූර් තායිලන්තය වෙනුවෙන් පළමු උත්සාහක දිනුම දිනා දුන්නාය. ඒ ලද ස්ක්‍රම් අවස්ථාවකින් හුවමාරු වූ පන්දුවක් සාර්ථකව ධවල රේඛාව වෙත රැගෙන යමිනි. (05-05)

තායිලන්ත ක්‍රීඩිකාවන් තම පීඩනය නැවතත් ශ්‍රී ලංකාව වෙත එල්ල කරනු දක්නට ලැබුණු අතර ශ්‍රී ලංකා ක්‍රීඩිකා තනූජා වීරක්කොඩි තායිලන්ත පීඩනය පසෙකලමින් තවත් උත්සාහක දිනුමක් ශ්‍රී ලංකාව වෙනුවෙන් දිනා දුන්නාය. (10-05)

පළමු අර්ධය: ශ්‍රී ලංකාව 10 – 05 තායිලන්තය

දෙවන අර්ධය ආරම්භයේ සිටම ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පෙර අර්ධයට සාපේක්ෂව  ඉතා හොඳින් පිටියේ ක්‍රීඩා කරනු දක්නට ලැබුණු අතර තායිලන්තය වෙත ලැබුණු “Line-out” අවස්ථාවක් සාර්ථකව ග්‍රහණය කර ගත් තනූජා සිය දෙවන උත්සාහක දිනුමත් ශ්‍රී ලංකා කණ්ඩායම වෙත දිනා දුන්නාය. (15-05)

සත්කාරක දේශයට ශ්‍රී ලංකා කාන්තාවන්ගෙන් ප්‍රහාරයක්

ආසියානු කාන්තා සත් සාමාජික රග්බි තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වූ දෙවන තරගය අද (29) දහවල් කාලයේ දී පැවැත්විය. එහි දී දකුණු කොරියානු ක්‍රීඩිකාවන් පරාජය කරමින් ලකුණු 22-05ක්…

තරගයේ 11 වන මිනිත්තුවේ දී නැවතත් තායිලන්තය වෙත ලද “Line-out” අවස්ථාවක් සාර්ථකව සොරා ගත් තනූජා තම උත්සාහක දිනුම් ත්‍රිත්වය වාර්තා කරමින් ශ්‍රී ලංකාව වෙත පලඟ ශූරතාව දිනා දුන්නාය. එහි ප්‍රවර්තනය අයේෂා පෙරේරා විසින් සාර්ථක කර ගන්නා ලදි. (22-05)

අවසන් ලකුණු තත්වය: ශ්‍රී ලංකාව 22 (4T 1C) – 05 (1T) තායිලන්තය

ලකුණු රැස්කළ ක්‍රීඩකයින්

  • ශ්‍රී ලංකා – දුලානි පල්ලිකොන්දගේ 1T, තනූජා වීරක්කොඩි 3T, අයේෂා පෙරේරා 1C
  • තායිලන්තය – ඩබ්. රත්නපූර් 1T

දුලානි ශ්‍රී ලංකාවට ජය ගෙනෙයි

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහභාගී වූ දෙවන වටයේ තවත් තරගයක් අද (30) දහවල් පැවැත්විය. එහි දී ප්‍රබල සිංගප්පූරුව පරදා අතිරේක කාලයේ දී ලකුණු 15-10ක් ලෙස තරගය ජය ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

කාන්තා රග්බි කණ්ඩායම හොංකොං හමුවේ පසු බසියි

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවන අදියර අද (29) කොරියාවේ “නම්දොන්ග්” හිදී ආරම්භ විය. තරගාවලියේ කාන්තා කණ්ඩායම සහභාගී වූ පළමු තරගය අද උදෑසන හොංකොං…

තරගය ආරම්භ වී මිනිත්තු කිහිපයක් ගතවෙත්ම සිංගප්පූරු ක්‍රීඩිකා අමන්දා එන්ඩි පළමු උත්සාහක දිනුම වාර්තා කරමින් සිංගප්පූරු ලකුණු පුවරුව ක්‍රියාත්මක කළා ය. (00-05)

ඉන් මිනිත්තු කිහිපයක් ගත වෙත්ම සිංගප්පූරු ක්‍රීඩිකා ඇල්විනියා යොන්ග් තවත් උත්සාහක දිනුමක් වාර්තා කරමින් තරගයේ බලාපොරොත්තු ශ්‍රී ලංකා කණ්ඩායමෙන් දුරස් කිරීමට සමත් වූවාය. (00-10)

කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රබල පසුපෙළ ක්‍රීඩිකා දුලානි පල්ලිකොන්දගේ සිංගප්පූරු ආරක්ෂක වළල්ල බිඳ හෙලමින් ප්‍රථම උත්සාහක දිනුම වාර්තා කරන්නට සමත් විය. (05-10)

පළමු අර්ධය: ශ්‍රී ලංකාව 05 – 10 සිංගප්පූරුව

දෙවන අර්ධයේ දී ඉතා හොඳ තරග රටාවක් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගෙන් දක්නට ලැබුණු අතර එකදු උත්සාහක දිනුමක් හෝ වාර්තා කරන්නට සිංගප්පූරු ක්‍රීඩිකාවන්ට ඉඩ ලබා දුන්නේ නැත.

ගියවර ශූරයන්ට ශ්‍රී ලංකාවෙන් නොසිතූ අභියෝගයක්

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ ශ්‍රී ලංකාව සහ හොංකොං දේශය අතර තරගය අද (29) දිවා කාලයේ දී පැවැත්විය. එහි දී ලකුණු 31-14ක් ලෙස තරගය පරාජය වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු විය.

ඒ සමඟින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩිකා දුලානි තවත් දැකුම්කළු දිගු දුර දිවීමක් සමඟින් ශ්‍රී ලංකා කණ්ඩායම හා සිංගප්පූරුව සම ලකුණු තත්වයකට ගෙන ආවාය. (10-10)

අතිරේක කාලය

අතිරේක කාලයේ ප්‍රථම භාගය තුළ කිසිදු කණ්ඩායමකට ලකුණු වාර්තා කරන්නට නොලැබුණු නමුත් දෙවන භාගයේ දී නැවතත් ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ගැලවුම්කාරිය දුලානි ජයග්‍රාහී උත්සාහක දිනුම වාර්තා කළා ය. (15-10)

අවසන් ලකුණු තත්වය: ශ්‍රී ලංකාව 15 (3T) –10 (2T) සිංගප්පූරුව

ලකුණු රැස්කළ ක්‍රීඩිකාවන්

  • ශ්‍රී ලංකා – දුලානි පල්ලිකොන්දගේ 3T
  • සිංගප්පූරුව – අමන්දා එන්ඩි 1T, ඇල්විනියා යොන්ග් 1T

ආසියාවේ ප්‍රබලයා ශ්‍රී ලංකා කාන්තාවන්ට බැට දෙයි

ආසියානු සත් සාමාජික කාන්තා රග්බි තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ජපානය අතර කාණ්ඩ වටයේ තරගයක් අද (30) උදෑසන පැවැත්වූ අතර එහි දී ලකුණු 39-00ක් වශයෙන් ශ්‍රී ලංකාව පරදා තරගය ජය ගන්නට ජපාන කණ්ඩායම සමත් විය.

කාන්තා රග්බි කණ්ඩායම හොංකොං හමුවේ පසු බසියි

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවන අදියර අද (29) කොරියාවේ “නම්දොන්ග්” හිදී ආරම්භ විය. තරගාවලියේ කාන්තා කණ්ඩායම සහභාගී වූ පළමු තරගය අද උදෑසන හොංකොං…

තරග ආරම්භයේ සිටම ප්‍රබල ජපානය තම ආධිපත්‍යය පතුරවන්නට පටන් ගත් අතර මිනිත්තු කිහිපයක් යන්නටත් මත්තෙන් ඔවුහු ලකුණු ලබා ගැනීම ආරම්භ කළහ.

චිහාරු නකමුරා උත්සාහක දිනුම් ද්විත්වයක් ද, හොනෝකා සුසුමි එක් උත්සාහක දිනුමක් ද, යුමේ හිරානෝ එක් උත්සාහක දිනුමක් ද වාර්තා කරමින් පළමු අර්ධයෙහි ඉදිරිය ලබා ගත්හ. ඉන් ප්‍රවර්තන දෙකක් සාර්ථක කර ගන්නට යුමේ හිරානෝ ක්‍රීඩිකාව සමත් විය.

පළමු අර්ධය: ජපානය 24 – 00 ශ්‍රී ලංකාව

දෙවන අර්ධය ආරම්භ වූවද නැවත පෙර පරිදීම පන්දුවේ වාසිය ජපානය අතම තිබෙනු පෙනෙන්නට තිබුණි. ඒ නිසාම දෙවන අර්ධයේ දී යුමේ ඔකුරෝදනෝ, යුමේ හිරනෝ හා ආර්. බැටිවකලොලෝ තවත් උත්සාහක දිනුම් ත්‍රිත්වයක් වාර්තා කරමින් ජපානය තරගය පහසුවෙන් ජයග්‍රහණය කළේය.

තායිපේ දේශය වෙත ශ්‍රී ලංකාවෙන් සත්කාරයක්

ආසියානු සත් සාමාජික ශූරතා රග්බි තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වූ පළමු තරගය අද (29) උදෑසන චීන තායිපේ කණ්ඩායම සමඟ පැවැත්විය. එහි දී ලකුණු 33-12ක් ලෙස විශිෂ්ට ජයක් වාර්තා…

තරගය පුරාම ශ්‍රී ලංකා කණ්ඩායම එකදු උත්සාහක දිනුමක් හෝ වාර්තා කරන්නට සමත් නොවීය.

අවසන් ලකුණු තත්වය: ජපානය 39 (7T 2C) – 00 ශ්‍රී ලංකාව

ලකුණු රැස්කළ ක්‍රීඩිකාවන්

  • ජපානය: චිහාරු නකමුරා 2T,  හොනෝකා සුසුමි 1T , යුමේ හිරානෝ 2T 2C, යුමේ ඔකුරෝදනෝ 1T, ආර්. බැටිවකලොලෝ 1T

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<