ශ්‍රී ලංකා වාර්තා පොතට හිරුණිගෙන් තවත් වාර්තාවක්

200

ඇමරිකා එක්සත් ජනපදයේ ජීවත් වන ශ්‍රී ලාංකික මැරතන් ක්‍රීඩිකාවක් වන හිරුණි විජේරත්න ඊයේ (14) ටෙක්සාස් හි හියුස්ටන් ප්‍රදේශයේ පැවැත්වූනු මැරතන් තරගයේ දී 2:36.35ක කාලයක් තුළ සිය ඉසව්ව අවසන් කරමින් නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවන ලදි.

දහසක් බලපොරොත්තු මැද ඉඳුනිල් දිවයිනෙන් පිටව යයි

ශ්‍රී ලංකාවෙන් බිහිවූ දක්ෂ මැදි දුර ධාවකයෙක් වන ඉඳුනිල් හේරත් එළඹෙන ආසියානු ක්‍රීඩා තරගාවලියට පෙර පුහුණුවීම් සඳහා පසුගිය සතියේ දී කෙන්යාව බලා පිටත් කර යවා ඇත…

මෙම වාර්තාව පිහිටුවීමට පෙර කාන්තා මැරතන් ඉසව්වේ නව ශ්‍රී ලංකා වාර්තාව ලෙස සටහන්ව තිබුණේ 2:40.07ක දක්ෂතාවයක් වන අතර එය නිලූකා රාජසේකර විසින් 2015 හොංකොං මැරතන් තරගාවලියේ දී පිහිටුවන ලදි. ඒ නිසා ඇය රියෝ හි පැවැත්වූ ඔලිම්පික් තරගාවලියට ද සුදුසුකම් ලබා ගත්තාය.

හිරුණි මීට පෙර මෙම ඉසව්වේ දක්වා ඇති දක්ෂතාවයට වඩා තවත් මිනිත්තු 7ක් පමණ මෙවර ඉදිරියට පැමිණ ඇත. ඊයේ පිහිටු වූ මෙම වාර්තාවත් සමඟින් හිරුණිගේ නම ඉදිරියෙන් ලියැවුණු සිව්වැනි ශ්‍රී ලංකා ජාතික වාර්තාව මෙයයි. දැනට ඇය සතුව 10km, 15km හා අර්ධ මැරතන් ඉසව්වේ ජාතික වාර්තාව ඇත. ඇය මේ වසරේ ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් හිදී පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහා ද සුදුසුකම් ලබාගෙන තිබේ.

මීට වසර 17කට පමණ පෙර ඇය ඇමරිකාවේ පදිංචියට ගිය අතර ලන්ඩන් හිදී පැවැත්වූ IAAF ලෝක ශූරතා මළල ක්‍රීඩා තරගාවලියේ දී ඇය ශ්‍රී ලංකාව නියෝජනය කළාය. නමුත් ඇය එහි පැවැත්වූ මැරතන් තරගයේ 21km පමණ නිමා කර තිබිය දී අවාසනාවන්ත ලෙස පාදයේ ඇදීමකට ලක්වීම නිසා තරගය නිමා කිරීමට නොහැකි විය. ඇය එම තරගාවලියට සුදුසුකම් ලබාගත්තේ ඇමරිකාවේ පැවැත්වූ මැරතන් තරගාවලියක දී 02:43.31ක කාලයක් ප්‍රදර්ශනය කිරීමට සමත් වූ බැවිනි.

පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ පැවැත්වූ කොළඹ මැරතන් තරගාවලියේ දී ඇය එහි අර්ධ මැරතන් තරගාවලියට සහභාගි වී 1:23.21ක දස්කමක් දක්වන ලදි.

ජාත්‍යන්තර තලයේ තරගවල දී ශ්‍රී ලංකා නාමය තවදුරටත් ඉදිරියට රැගෙන යාමට හැකිවේවා යැයි ThePapare.com  අප හිරුණි විජේරත්න හට හදවතින්ම සුබ ප්‍රාර්ථනා කරන්නෙමු.

 >> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<