ඉෂාන් සහ චලන කඩුලු 5 බැගින් ලබා ගනී

74

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major League Tier B ක්‍රිකට් තරගාවලියේ පැවති තරග දෙකක දී කඩුලු 5 බැගින් ලබා ගැනීමට ඉෂාන් අබේසේකර සහ චලන ද සිල්වා සමත් වූහ.

මිලන්තගෙන් ද්විත්ව ශතකයක්; සිගේරා සහ ෆාහිම් පන්දුවෙන් වැඩ පෙන්වයි

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ ………

පොලිස් සහ කළුතර ටවුන්

පොලිස් ක්‍රීඩා සමාජ පිටියේ දී පැවැත්වෙන මෙම තරගයේ දී කළුතර ටවුන් සමාජය පළමුවෙන් පන්දුවට පහර දෙමින් ලබා ගත් ලකුණු 160ට පිළිතුරු ලෙසින් සත්කාරක පොලිස් ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 184ක් ලබා ගත්තේ ය. 

ලකුණු 24ක් පිටුපස සිටිමින් දෙවැනි ඉනිමට පිටියට පිවිසි කළුතර ටවුන් ක්‍රීඩකයෝ තම දෙවැනි ඉනිමට තරගය දෙවැන දිනයට නතර කරන විට කඩුලු 7ක් දැවී ලකුණු 96ක් ලබා සිටියහ. 

පොලිස් පළමු ඉනිම විනාශ කිරීමේ දී වමතින් දඟපන්දු යවන ඉෂාන් අබේසේකර ලකුණු 48කට කඩුලු 5ක් දවා ගත්තේය. 

  • කළුතර ටවුන් සමාජය; සියලුම දෙනා දැවී 160 (65.1) නවීඩ් සර්වාර් 21, හසිත නිර්මාල් 45, ආර්. පුංචිහේවා 37, මොහොමඩ් ෆාහීම් 3/43, සුජාන් මයුර 2/21, අසේල් සිගේරා 4/30
  • පොලිස් ක්‍රීඩා සමාජය; පළමු ඉනිම (පළමු දින කඩුල්ලක් දැවී පන්දුවාර 22ක දී කඩුල්ලක් දැවී 80) සියලුම දෙනා දැවී 184(61.2) ලක්ෂාන් රොද්‍රිගෝ 25, මධුරංග සොයිසා 49, වී. ඒ. ඉන්දුර්කර් 20, ගිටාන්ස් ගෙහේරා 65, ආර්. පුංචිහේවා 2/34, හසිත නිර්මාල් 2/50, ඉෂාන් අබේසේකර 5/48
  • කළුතර ටවුන් සමාජය; දෙවැනි ඉනිම කඩුලු 7ක් දැවී 96 (49.3) හෂාන් චාමර 23, එරංග රත්නායක 34, ලහිරු දියන්ත 3/23, අසේල් සිගේරා 2/16

මෙම තරගය තෙවැනි දිනයට (07) ක්‍රියාත්මක වේ.

දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩිකාවක් ක්‍රීඩාවෙන් සමුගනී

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ජ්‍යේෂ්ඨ ….

සෙබස්තියනයිට් සහ පානදුර 

කටුනායක නිදහස් වෙළෙඳ කලාප ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ දී කාසියේ වාසිය දිනා ගත් සෙබස්තියනයිට් ක්‍රීඩකයෝ පළමු වෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව තමන් සතු කර ගනිමින් පිටියට පිවිසි අතර ඔවුන්ට ලබා ගත හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 126ක් පමණි. 

සෙබස්තියනයිට්ස් ක්‍රිකට් සමාජය අඩු ලකුණු ප්‍රමාණයකට සීමා කිරීමේ දී වමතින් දඟපන්දු යවන චලන ද සිල්වා ලකුණු 28කට කඩුලු 5ක් දවා ගනිමින් දක්ෂතා දැක්විය. 

තරගය පළමු දිනයට නතර කරන විට තම පළමු ඉනිමට ක්‍රීඩා කරන පානදුර ක්‍රීඩකයෝ කඩුලු 4ක් දැවී ලකුණු 164ක් ලබා සිටියහ. 

  • සෙබස්තියන් ක්‍රිකට් සමාජය; සියලුම දෙනා දැවී 126 (51.2) කිරාන් ජෝෂි 33, ප්‍රභාත් ද සොයිසා නොදැවී 21, චලන ද සිල්වා 5/28, උමේෂ් කරුණාරත්න 3/30
  • පානදුර ක්‍රිකට් සමාජය; කඩුලු 4ක් දැවී 164 (38) විශ්ව චතුරංග 46, සංජික රිද්ම 39, හර්ෂ කුරේ 20, උමේෂ් කරුණාරත්න 33

මෙම තරගය දෙවැනි දිනයටත් (07) ක්‍රියාත්මක වීමට නියමිතය 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<