LPL විස්තර විචාරයට හයදෙනකු නම් කරයි

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය 2020

1075

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය ලොවපුරා සජීවව විකාශනය කිරීමේ දී ඒ සඳහා ජාත්‍යන්තරයේ කීර්තිමත් නාමයක් දිනාගත් විස්තර විචාරකයින්ගෙන් සමන්විත මණ්ඩලයකගේ සේවය ලබා ගැනීමට තරගාවලිය සංවිධානය කරනු ලබන ශ්‍රී ලංකා ක්‍රිකට් සහ අයි. පී. ජී. ආයතන පියවර ගෙන තිබේ.  

සාමාජිකයින් 06 දෙනෙකුගෙන් සමන්විත මෙම විස්තර විචාරක කමිටුවට ලොව ජනප්‍රියතම ක්‍රිකට් විස්තර විචාරකයකු වන ඕස්ට්‍රේලියානු ජාතික Mike Haysman මහතා ඇතුළු ජාත්‍යන්තරයේ නම ගිය ශ්‍රී ලාංකික විස්තර විචාරකයින් දෙපළක් වන රොෂාන් අබේසිංහ සහ රසල් ආනල්ඩ් යන මහත්වරු ද ඇතුළත් වේ. 

තවත් ක්‍රිකට් පුවත් කියවන්න: 

ඔවුන්ට අමතරව පාකිස්තානයෙන් හිටපු නායකයකු  වූ ආරම්භක පිතිකරු Aamer Sohail, දකුණු අප්‍රිකානු සහ බටහිර ඉන්දීය කොදෙව් දේශයන් වල හිටපු ප්‍රවේගකාරී පිතිකරුවන් දෙපළක් වන Hershelle Gibs සහ Darren Ganga ද නොවැම්බර් 26 වැනිදා සිට ආරම්භ වන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලි විස්තර විචාරක කමිටුවට ඇතුළත්ව සිටියි. 

නොවැම්බර් 26 වැනිදා සිට දෙසැම්බර් 16 වැනිදා දක්වා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය මූලික කරගනිමින් පැවැත්වෙන මෙම තරගාවලියේ මුළු තරග 23ක් පැවැත්වෙන අතර ඒ සඳහා මූලික වටයේ තරග 20ක්, අවසන් පූර්ව වටයේ තරග 2ක් සහ අවසන් මහා තරගය ඇතුළත්ව ඇත. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<