පකීර් අලි චෝදනාවලට එරෙහිව හඬ අවදි කරයි

445

AFC කුසලාන වයස අවුරුදු 23න් පහළ සුදුසුකම් ලැබීමේ තරගාවලියේ දී බහරේනයෙන් හා පලස්තීනයෙන් ලද දරුණු පරාජයන් නිසා සමාජ මාධ්‍ය ඔස්සේ එල්ල වුණු විවේචනවලට ශ්‍රී ලංකා පාපන්දු ප්‍රධාන පුහුණුකරු නිසාම් පකීර් අලී මහතා, බංගලාදේශයට එරෙහි තරගයට පෙර ප්‍රතිචාර දක්වා තිබුණි.

පාපන්දු සභාපතිට චෝදනා ගොන්නක්

ශ්‍රී ලංකා ….

ශ්‍රී ලංකා කණ්ඩායම පලස්තීන හා බහරේන් යන කණ්ඩායම් දෙකම ඉදිරියේ ගෝල 9-0ක් ලෙස පරාජය වූ අතර ඉන් අනතුරුව සමාජ ජාලා ඔස්සේ ප්‍රධාන පුහුණුකරුවාට හා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට විවිධ චෝදනා එල්ල විය.

ක්‍රීඩකයෙකු ලෙස, පුහුණුකරුවෙකු ලෙස ඔහුගේ අත්දැකීම් ද යොදා ගනිමින් ප්‍රධාන පුහුණුකරු නිසාම් පකීර් අලි මහතා සමාජ ජාලා ඔස්සේ එල්ල වූ චෝදනාවලට පැහැදිලි  පිළිතුරක් ලබා දී තිබුණේ Save Sri Lanka Football ෆේස්බුක් පිටුවට Comment එකක් පලකරමිනි.

වයස අවුරුදු 23න් පහළ කණ්ඩායමට ඇතුළු වූ ක්‍රීඩකයින් වෙනුවට සමාජ ජාලා ඔස්සේ විවිධ පුද්ගලයින් විවිධ ක්‍රීඩකයින් යෝජනා කර තිබුණි.

“මම රට වෙනුවෙන් ක්‍රීඩා පිටියේ දහදිය හා ලේ හලා උපරිම කැපවීමෙන් ක්‍රීඩා කර තිබෙනවා, මම තවමත් පුහුණුකරුවෙකු ලෙස එසේ කරනවා, මම වගේ ඔබ නොදන්නා තවත් කැපකිරීම් කළ කිහිප දෙනෙක් තේරීම් කමිටුවේ සිටිනවා, ඔවුන් තමයි 23න් පහළ කණ්ඩායමට ක්‍රීඩකයින් තෝරා ගත්තේ, ඔබට කාරුණිකව දැනුම් දෙන වග නම් හිටපු විශිෂ්ට ජාතික ක්‍රීඩකයින් දෙදෙනෙක් ද අප සමඟ නිලධාරීන් ලෙස මෙම සංචාරයට ගියා”

පකීර් අලී මහතා 2018 වසරේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස වැඩ බාර ගත් අතර ඔහු 1976 වසරේ සිට 80 දශකයේ මැද දක්වා ශ්‍රී ලංකාව නියෝජනය කළේය. 1979 වසරේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස ද ඔහු කටයුතු කරන ලදි.

මතභේද රැසක් සමඟින් 23න් පහළ පාපන්දු සංචිතයක් නම් කරයි

ආසියානු පාපන්දු සම්මේලනය මඟින් සංවිධානය ….

නිමා වූ ඩයලොග් ශූරයින්ගේ කුසලාන පාපන්දු තරගාවලියේ හා ප්‍රිමියර් ලීග් පළමු කාණ්ඩයේ ඉහළ දස්කම් දැක්වූ ක්‍රීඩකයින් කිහිප දෙනෙක් 23න් පහළ කණ්ඩායමට ඇතුළත් නොවීම පිළිබඳ පසුගිය දින කිහිපයේ විශාල කතාබහක් ඇති විය.

පකීර් අලි මහතා ක්‍රීඩකයින් තෝරාගත් ආකාරය ද පහදා තිබුණි.

  • මම ශූරයින්ගේ කුසලාන පාපන්දු තරගාවලියේ කොළඹ හා පිට පළාත්වල බොහොමයක් තරග නැරඹුවෙමි.
  • ThePapare.com සංවිධානය කළ පාසල් තරගාවලිය නරඹා ක්‍රීඩකයින් තෝරා ගත්තෙමි.
  • යාපනය, මන්නාරමට හා කින්නියා වලට ක්‍රීඩකයින් තෝරාගැනීම සඳහාම ගියෙමි.
  • B සංචිතයේ ක්‍රීඩකයින්ට ද තේරීම් තරගවලට ආරාධනා කළෙමි.
  • සෑම ක්‍රීඩකයකුට සිය දස්කම් පෙන්වීමට පෙර පරිදි මිනිත්තු විස්සක් වෙනුවට දින හතරක කාලයක් ලබා දුන්නෙමි.
  • ක්‍රීඩා අමාත්‍යංශය විසින් නම් කරන ලද හිටපු ජාතික ක්‍රීඩකයින් තිදෙනෙකුගෙන් සමන්විත තේරීම් කමිටුවක් ඉදිරියේ ක්‍රීඩකයින් තෝරා ගන්නා ලදි.
  • අපි ක්‍රීඩකයින් 85 දෙනෙකු මුලිකව තෝරා ගන්නා ලද අතර පසුව ක්‍රීඩකයින් 52ක්, 32ක් හා 23ක් බැගින් ලෙස අවසන් සංචිතය තෝරා ගන්නා ලදි.

පකීර් අලී සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් දැඩි ලෙස හෙලා දැක ඇති අතර ඔහුගේ චරිතය විනාශ කිරීමට තැත් කිරීම, වැරදි තොරතුරු සමාජයට ලබා දීම හා තමන්ව ශ්‍රී ලංකා  ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ හට සමාන කිරීම හේතුවෙන් එම ක්‍රියාකාරීන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ද ගන්නා බව ඔහු පවසා තිබුණි.

නිසාම් පකීර් අලි ශ්‍රී ලංකාවේ පාපන්දු ලෝකයේ ඉතා ජනප්‍රිය පුද්ගලයෙකු වන අතර ඔහු මීගමුව යූත්, ජුපීටර්ස්, රත්නම්, ජාවා ලේන් වැනි ක්‍රීඩා සමාජ රැසකටම පුහුණුකරු ලෙස දායකත්වය ලබා දී කුසලාන දිනා දුන් පුද්ගලයෙකි.

ඔහුගේ අන්තර්ජාතික අත්දැකීම් මාලදිවයින, ඉන්දියාව හා බංගලාදේශය දක්වා ද විහිද යන අතර ඔහු එම රටවල ක්‍රීඩා සමාජ ද පුහුණුකර තිබේ. බංගලාදේශයේ අබහානි, මොහොමඩියන්ස්, ෂෙයික් ජමාල් වැනි ක්‍රීඩා සමාජ ද මාලදිවයිනේ ඊගල්ස්, Thinadoo Zuvaanunge හා Meem Veyvasu වැනි ක්‍රීඩා සමාජ ද ඉන්දියාවේ චිරාග් යුනයිටඩ් ක්‍රීඩා සමාජ ද ඔහුගෙන් ගුරුහරුකම් ලැබූ ක්‍රීඩා සමාජ වෙති.   

මතභේද දුරු කරන්නට හේතු එළිදකී

මේ මස 22 වැනිදා සිය 26 වැනිදා දක්වා බහරේන් ….

තව දුරටත් අදහස් දක්වමින් ඔහු පවසා තිබුණේ ඔහුට තවමත් විදෙස් ක්‍රීඩා සමාජවලින් ආරාධනා ලැබෙන අතරම FFSL වෙතින් තමාට ගෙවන මුදල මෙන් දෙගුණයක වේතනයක් පසෙකලා තමන් මාලදිවයිනේ සිට පැමිණියේ සිය මව්බිමට සේවය කිරීමේ අරමුණින් බවත් ඔහු පවසා තිබුණි.

“මම මගේ රටට ක්‍රීඩකයෙකු හා පුහුණුකරුවෙකු ලෙස මගේ උපරිම සේවය ලබා දී තිබෙනවා, තවමත් එසේයි, මම ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව නගා සිටුවන්න කළ හැකි හැම දේම කරනවා, ඔබලා හැමෝම මේසෙක ඉඳගෙන අනෙක් අයගේ වැඩ විවේචනය කරද්දී අපි අව්වට, වැස්සට මුහුණ දෙමින් උදෙත් හවසත් පිට්ටනියේ, අපි කාටවත් කියන්නේ නැහැ, අපි නිහඬවම රටේ පාපන්දු නගා සිටුවන්න ක්‍රීඩකයින් හදනවා”

ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ අත්දැකීම් අඩු බව ගැන ද ඔහු අදහස් දක්වා තිබුණා. ඔහු සිය පණිවිඩය අවසන් කර තිබුණේ ඔහු ප්‍රධාන පුහුණුකරු ලෙස වැඩ භාර ගත් කාලයේ කණ්ඩායම තිබූ තත්වය මතක් කරමිනි.

“මම කිසිම දෙයක් නැතුවයි මෙම රස්සාව භාරගත්තේ, මට ජාතික කණ්ඩායමට ක්‍රීඩකයින් සොයන්න වුනා, නමුත් බය වෙන්න එපා මම මේ තනතුරින් යනකොට ඊළඟට මගේ ස්ථානයට එන පුද්ගලයාට කණ්ඩායමක් හදලා යන්නේ.”

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<