ශ්‍රී ලාංකිය සම්භවයක් ඇති ග්‍රීක ශූරියගෙන් සුපිරි දස්කම්

244
Helen Claudia (වමේ සිට පළමුව)

පසුගිය 07 වැනිදා (ඉරිදා) ප්‍රංශයේ පැවති Rouen 2021 Elite Tour රිටි පැනීමේ තරගාවලිය සඳහා සහභාගී වූ ශ්‍රී ලාංකීය සම්භවයක් ඇති ග්‍රීක ක්‍රීඩිකා Helen Claudia එහි ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් විය.

රිටි පැනීමේ ඉසව්වෙහි ඉහළ දස්කම් දක්වන ක්‍රීඩිකාවන් රැසක් සහභාගි වූ එම තරගයේ දී මීටර් 4.63ක දස්කමක් දක්වමින් තෙවැන්නා ලෙස තරගය අවසන් කිරීමට ඇය සමත් වූ අතර තරගයේ දෙවැනි ස්ථානය ලබා ගත් ක්‍රීඩිකාව ද ඇය වාර්තා කළ උස ප්‍රමාණයම වාර්තා කර තිබීම ද කැපී පෙනුනි.

තරගයේ ප්‍රථම ස්ථානය මීටර් 4.85ක දස්කමක් දැක්වූ බ්‍රිතාන්‍ය ක්‍රීඩිකා Holly Bradshaw හට හිමි වූ අතර ඇය දැක්වූ දක්ෂතාවය මෙම වසර තුළ දී රිටි පැනීම ඉසව්වෙහි ක්‍රීඩිකාවක් වාර්තා කළ හොඳම කාලය ලෙස ද සටහන්ව තිබුණි.

සිය දක්ෂතාවය පිළිබඳව “අරුණ” පුවත්පත වෙත අදහස් දක්වමින් Helen Claudia ප්‍රකාශ කර තිබුණේ,

“මේ මගේ පළවෙනි ඉහළම ශ්‍රේණියේ තරගය. සතුටුයි මම දක්වපු දක්ෂතාව ගැන. නමුත් පුංචි මග හැරීමකින් මට මීටර 4.70 උස මට අහිමි වුනේ. මගේ පුහුණුකරුට මේ තරගාවලියට සහභාගී වෙන්න බැරි වුනා. මට උදව් කළේ අපේ රටේ ඔලිම්පික් ශූරි කත්රිනාගේ පුහුණුකරු. ඔහුටත් මම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මීළඟ තරගයේ දී හොඳම දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවා.”

තවත් මලල ක්‍රීඩා පුවත්:

සාර්ථක තරගාවලියකින් අනතුරුව Helen Claudia හෙට (09) ප්‍රංශයේ දී තවත් තරගාවලියක් සඳහා සහභාගි වීමට සූදානමින් පසු වේ.

මෙම තරගාවලියේ පිරිමි තරගය රිටි පැනීම ඉසව්ව මීටර් 6.03ක දස්කමක් දක්වමින් ජය ගැනීමට ස්වීඩන් ජාතික Mondo Duplantis සමත් වූ අතර මෙම වසර තුළ දී එම සීමාව පසුකළ පළමුවැන්නා වීමට ද ඔහු සමත් විය.

“අරුණ” පුවත්පත ඇසුරිනි.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<