Fazza Grand Prix තරගාවලියට මෙරටින් 6ක්

285

මෙම මස 10 වනදා ඩුබායිහි දී ආරම්භ වීමට නියමිතව ඇති ‘Fazza Grand Prix 2021’ පැරා මලල ක්‍රීඩා තරගාවලිය සඳහා මෙරටින් පැරා ක්‍රීඩක ක්‍රීඩිකාවන් හය දෙනෙකු සහභාගී වීමට සූදානමින් ඇත. 

කොරෝනා වසංගතය නිසාවෙන් පසුගිය වසරේ පැවැත්වීමට තිබූ මෙම තරගාවලිය ද අනෙකුත් Grand Prix තරගාවලීන් මෙන්ම අවලංගු කිරීමට සිදු වූ අතර අඛණ්ඩවම Grand Prix කාලසටහන මෙම තරගාවලියෙන් ආරම්භ කරන සිව්වන වතාව ද මෙය වේ. 

මෙම තරගාවලිය මෙම වසරේ පැවැත්වෙන පැරාලිම්පික් තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියක් ලෙස ද පැවැත්වෙන නිසාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට ඉතාමත් වැදගත් තරගාවලියක් ලෙස හැඳින්විය හැක. 

තවත් මලල ක්‍රීඩා පුවත් කියවන්න

තරගාවලිය සඳහා මෙරටින් දසදෙනෙකුගෙන් යුත් සංචිතයක් නම් කළ නමුත් තරගාවලිය සඳහා සහභාගී වන්නේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හයදෙනෙකු පමණක් වන අතර එයට ක්‍රීඩිකාවන් දෙදෙනෙකු සහ ක්‍රීඩකයන් සිව්දෙනෙකු ඇතුළත් වේ. 

තරගාවලිය සඳහා මෙරට නියෝජනය කරමින් පැරාලිම්පික් පදක්කම් ලාභී දිනේෂ් ප්‍රියන්ත හෙල්ල විසි කිරීමේ ඉසව්වට සහභාගි වීමට සූදානමින් පසුවන අතර ඔහු මේ වන විටත් ‘2021 පැරාලිම්පික් උළෙල’ සඳහා සුදුසුකම් ලබාගැනීමට සමත්ව ඇත. 

ශ්‍රී ලංකා සංචිතය: දිනේෂ් ප්‍රියන්ත (හෙල්ල විසිකිරීම – පැරාලිම්පික් සුදුසුකම් ලබා අවසන්), අමරා ඉන්දුමතී (400m, දුර පැනීම), කුමුදු ප්‍රියන්කා (දුර පැනීම, 100m), ගාමිණී ඒකනායක (හෙල්ල විසිකිරීම), සමන් සුබසිංහ (400m), පාලිත බණ්ඩාර (යගුලිය විසි කිරීම), සම්පත් හෙට්ටිආරච්චි (හෙල්ල විසිකිරීම), නුවන් ඉන්දික (දුර පැනීම), සමිත දුලාන් (හෙල්ල විසිකිරීම – පැරාලිම්පික් සුදුසුකම් ලබා අවසන්), බුද්ධික ඉන්ද්‍රපාල (දුර පැනීම).  

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<