ආසියානු මලල ක්‍රීඩා ශූරතාවය අවලංගු වේ

164

ලොව පුරා පැතිර යන කොරෝනා වසංගත තත්වය නිසාවෙන් මෙම වසරේ මැයි මාසයේ දී පැවැත්වීමට නියමිතව තිබූ 24 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවය අවලංගු කිරීමට එහි සංවිධායකයින් තීරණය කර ඇත.

ආසියානු කලාපයේ ප්‍රධානතම ක්‍රීඩා තරගාවලියක් වන මෙම ආසියානු මලල ක්‍රීඩා ශූරතාවය මෙම වසරේ මැයි මස 20 වැනිදා සිට 23 වැනිදා දක්වා චීනයේ දී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබුණි.

එනමුත් දිනෙන් දින ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන කොරෝනා වසංගත තත්වය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගැනීමට සංවිධායකයින් තීරණය කර ඇති අතර මීළඟ ආසියානු මලල ක්‍රීඩා ශූරතාවය 2024 වසරේ තායිලන්තයේ දී පැවැත්වීමට නියමිතව ඇත.

තවත් මලල ක්‍රීඩා පුවත්:

2021 ගිම්හාන ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලබා ගැනීමට ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට හිමිවන අවස්ථාවන් අවම වීම නිසාවෙන් ආසියානු කලාපයේ ප්‍රධානතම තරගාවලියක් වන මෙම තරගාවලිය අවලංගු වීම ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට විශාල පාඩුවක් වනු ඇත.

කොරෝනා වසංගතය නිසාවෙන් මෙම වසරේ පැවැත්වීමට නියමිතව තිබූ ආසියානු මැරතන් තරගය ජූලි මස දක්වාත්, ආසියානු යොවුන් ක්‍රීඩා උළෙල සහ ආසියානු සහය දිවීමේ තරගාවලිය දින නියමයකින් තොරව කල් දැමීමටත් මීට පෙර තීරණය කර තිබුණි.

එමෙන්ම මෙම වසරේ මැයි මාසය අග භාගයේ දී පැවැත්වීමට නියමිතව තිබූ ආසියානු ගෘහස්ථ ක්‍රීඩා උළෙල ලබන වසර දක්වා කල් දැමීමට ද එහි සංවිධායකයින් තීරණය කර තිබුණි.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<