ලිත්ම සහ ලිතුම් ශතක සබඳතාවක

SLSCA U 19 Inter Schools 2 Day Tournament 2026/27

3
SLSCA U 19 Inter Schools 2 Day Tournament 2026/27

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ද සහයෝගය ඇති ව සංවිධානය කරන අන්තර් පාසල් දෙදින ක්‍රිකට් තරගාවලියේ තවත් උණුසුම් දවසක් අද (23) අවසන් වුණා.

එහි දී කොළඹ වෙස්ලි විද්‍යාලයේ ලිත්ම පෙරේරා සහ ලිතුම් සෙනුජ, මොරටුව වේල්ස් කුමාර විද්‍යාලයට එරෙහි ව 5 වැනි කඩුල්ලට ලකුණු 130ක සබඳතාවක් ගොඩ නගනවා. ලිත්ම පෙරේරා පන්දු 138කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් ලකුණු 78ක් ද සහ ලිතුම් සෙනුජ පන්දු 147කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 61ක් ද ලබා ගත්තා.

ඔවුන්ට අමතර ව වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලේ ඩිශාන් පිංටෝ (57), ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ ධහම් මෙන්ඩිස් (55) සහ චලිඳු කරුණාරත්න (නොදැවී 53) අර්ධ ශතක ඉනිම් වාර්තා කළා.

පන්දු යැවීමේ දී මහනුවර සාන්ත සිල්වෙස්තර විද්‍යාලයේ වමතින් දඟ පන්දු යවන දුමිඳු සඳරුවන් (5/42) දිනයේ හොඳම පන්දු යැවීම වාර්තා කළා.

මාතර සාන්ත සර්වේශස් විද්‍යාලය සහ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය අතර තරගය මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේ දී. (Tier A)

කාසියේ වාසිය – රිච්මන්ඩ් විද්‍යාලය

  • සාන්ත සර්වේශස් විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 7ක් දැවී 300 (76.4)හේෂාන් මදුශංක 59, විරාන් චමුදිත 138, මොහොමඩ් ශිහාබ් 20, ප්‍රවීන් මදුශංක නොදැවී 24, ටෙනුර ඩයස් 3/64, ටෙනුශ නිම්සර 3/73
  • රිච්මන්ඩ් විද්‍යාලය – පළමු ඉනිම පළමු ඉනිම සියලුම දෙනා දැවී 229 (77.3)රිසිනු රූපසිංහ 27, බෙවින් ජයවර්ධන 34, ධහම් මෙන්ඩිස් 55, ප්‍රවීන් මදුශංක 2/55, විරාන් චමුදිත 2/33, හේෂාන් මදුශංක 2/44, සමිරු ගිම්හාන් 2/46
  • සාන්ත සර්වේශස් විද්‍යාලය -දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී 77 (16.3) ලසිර ලක්දිනු නොදැවී 31, ටෙනුශ නිම්සර 3/29
  • රිච්මන්ඩ් විද්‍යාලය -දෙවැනි ඉනිම කඩුලු 5ක් දැවී 97 (13.0) චලිඳු කරුණාරත්න නොදැවී 53, ටෙනුශ නිම්සර 29, ප්‍රවීන මදුශංක 2/23, විරාන් චමුදිත 3/41

තරගයේ විසඳුමක් නෑ. (මාතර සාන්ත සර්වේශස් විද්‍යාලයට පළමු ඉනිමේ ජය.)

වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල සහ මහනුවර සාන්ත සිල්වෙස්තර විද්‍යාලය අතර තරගය වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල් ක්‍රීඩාංගණයේ දී. (Tier B)

කාසියේ වාසිය – සාන්ත සිල්වෙස්තර විද්‍යාලය

  • සාන්ත සිල්වෙස්තර විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 166 (56.4)ආදිත්‍ය රණමුකගේ 39, ප්‍රභාගරන් ඉශාන් 40, ඉශික විජේසේකර 35, සකුණ ද සිල්වා නොදැවී 25, ශානුක් නිම්සර 4/38, තරුන් සිත්සුක 4/17
  • ලයිසියම් ජාත්‍යන්තර පාසල – පළමු ඉනිම සියලුම දෙනා දැවී 91 (26.0)තුවාන් සහරාෆ් 23, සකුණ ද සිල්වා 2/14, අකේන් තිලකවර්ධන 4/14, දුමිඳු සඳරුවන් 2/28
  • සාන්ත සිල්වෙස්තර විද්‍යාලය – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 79 (26.2)ප්‍රභාගරන් ඉශාන් 29, ශානුක් නිම්සර 4/27, තරුන් සිත්සුක 4/16
  • ලයිසියම් ජාත්‍යන්තර පාසල – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවි 132 (35.1)දනිඳු නවරත්න 28, දිශාන් පිංටෝ 57, රිද්ම රන්දික 2/13, දුමිඳු සඳරුවන් 5/42

මහනුවර සාන්ත සිල්වෙස්තර විද්‍යාලයට ලකුණු 22ක ජයක්.

>>15න් පහළ ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් තරගාවලිය 26 වැනිදා සිට<<

අද (23) ආරම්භ වූ තරගයේ කෙටි ලකුණු පුවරුව

කොළඹ වෙස්ලි විද්‍යාලය සහ මොරටුව වේල්ස් කුමාර විද්‍යාලය අතර තරගය කොළඹ වෙස්ලි විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී. (Tier A)

කාසියේ වාසිය – වේල්ස් කුමාර විද්‍යාලය

  • වෙස්ලි විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 221 (77.2)ශම්මා ප්‍රනාන්දු 26, ලිතුම් සෙනුජ 61, ලිත්ම පෙරේරා 78, ෂෙහාන් අශේන් 3/41
  • වේල්ස් කුමාර විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 2ක් දැවී 24 (10.0)

මොරටුව වේල්ස් කුමාර විද්‍යාලය ලකුණු 197ක් පිටුපසින්.

මෙම තරගය හෙට (24) 2 වැනි සහ අවසන් දිනයටත් ක්‍රියාත්මක වීමට නියමිතයි.

අන්තර් පාසල් පළමු පෙළ දෙදින ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<