කොළඹ පාපන්දු සමාජය අවසන් සිව්දෙනා අතරට

427

කොළඹ පාපන්දු සමාජය ගෝල ත්‍රිත්වයක් වාර්තා කරමින් සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය පරාජයට පත් කරමින් අවසන් පූර්ව තරගය දක්වා සුදුසුකම් ලබා ගැනීමට ඊයේ (26) සමත් විය. ඒ කොළඹ සිටි ලීග් පිටියේ දී පැවති සභාපති කුසලාන පාපන්දු තරගාවලියේ තවත් එක් තරගයකිනි.

දෙවැනි අර්ධයේ දී පෙරමුණ ගත් රිනවුන් අර්ධ අවසන් වටයට

ප්‍රථම අර්ධයේ දී ගෝල 01-01ක් ලෙස සම තත්වයේ පසුවූවත්, දෙවැනි අර්ධයේ වාර්තා කළ ගෝල ත්‍රිත්වයත් සමඟින් රිනවුන් ක්‍රීඩා සමාජය කුරේ ක්‍රීඩා සමාජය පරාජය කරමින්….

විනිසුරුගේ නලා නාදයත් සමඟින් කණ්ඩායම් දෙකම තරගයට පිවිසි අතර, දෙපිලේම වෙනස්කම් කිහිපයක්ම සමඟින් ක්‍රීඩකයින් පිටියේ ස්ථාන ගත කර තිබෙනු දැක ගත හැකි විය. දෙපිලේම ක්‍රීඩකයින් හොඳින් පන්දුව හුවමාරු කරමින් පසුවන මොහොතක කොළඹ පාපන්දු සමාජය වෙත දඬුවම් පහර අවස්ථාවක් උදාවිය.

26 වන මිනිත්තුවේ දී එය සාර්ථක කර ගැනීමට මොමාස් යාපෝ සමත් විය. ඉන්පසුව කොළඹ පාපන්දු සමාජය තවත් අවස්ථාවන් කිහිපයකදීම ගෝල ලබා ගැනීමට උත්සාහ කළ ද, එය ව්‍යර්ථ කිරීමට සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජයේ දැල් රකින්නාට හැකිවිය. කෙසේ වෙතත් කොළඹ පාපන්දු සමාජය පෙරමුණේ තබමින් පළමු අර්ධය අවසන් වූ අතර, එහි අවසන් මිනිත්තු කිහිපය තුල දී දෙපිලම උණුසුම් ලෙස ක්‍රීඩා කරමින් තරගයේ ප්‍රබෝධය දිගටම පවත්වා ගෙන යන ලදි.

පළමු අර්ධය: සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය 00-01 කොළඹ පාපන්දු සමාජය

දෙවන අර්ධය ආරම්භ කරමින් අෆිස් ඔලායෙමි ආක්‍රමණශීලී ක්‍රීඩා රටාවක් දියත් කළේය. එහි ප්‍රතිඵලයක් ලෙසින් තවත් ගෝල දෙකක් ලබා ගැනීමට තිබූ අවස්ථාවන් අහිමි කරවීමට කොළඹ පාපන්දු සමාජයට හැකිවූයේ සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජයට දැඩි අභියෝගයක් එල්ල කරමිනි. ඒ වන විට පෙරමුණේ පසු වූ කොළඹ පාපන්දු සමාජ ක්‍රීඩකයින් එල්ල කල තවත් ගෝල අවස්ථාවන් කිහිපයක්ම අසංක විරාජ් විසින් සාර්ථකව ව්‍යර්ථ කරන ලදි.

සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය වෙනුවෙන් ක්‍රිශාන්ත අබේසේකරට ගෝලයක් ලබා ගැනීමට අවස්ථාවක් උදා වුව ද, ඉම්රාන් විසින් එය පහසුවෙන්ම වළක්වාලීමට සමත් විය. 80 වැනි මිනිත්තුවේ දී ක්‍රියාත්මක වූ කොළඹ පාපන්දු සමාජයේ ක්‍රීඩක සර්වාන් අවසන් මොහොතේ දී දක්ෂ ලෙස ගෝලයක් වාර්තා කළ අතර, එහි දී හෙට්ටිආරච්චි විසින් හිසෙන් පන්දුවට එල්ල කල පහර කාගේත් අවධානයට ලක්විය.

86 වැනි මිනිත්තුවේ දී කොළඹ පාපන්දු සමාජයේ ගෝල අතරට ධනුෂ්ක මදුසංක තවත් ගෝලයක් එකතු කළේය. ඒත් සමඟින් ලකුණු පුවරුව 03-00ක් ලෙස සටහන් වූ අතර කොළඹ ක්‍රීඩකයින් අර්ධ අවසන් තරගයට අසුන් වෙන් කර ගැනීමට සමත් විය.

අවසන් ලකුණු තත්වය: සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය 00-03 කොළඹ පාපන්දු සමාජය

ThePapre.com තරගයේ වීරයා – මොමාස් යාපෝ (කොළඹ පාපන්දු සමාජය)

කොළඹ පාපන්දු සමාජයේ ගෝල ලබා ගැනීම් –

මොමාස් යාපෝ 26’, සර්වාන් ජොහාර් 80’, ධනුෂ්ක මදුසංක 86’

ජයග්‍රහණයට පසුව කොළඹ පාපන්දු සමාජයේ පුහුණුකරු මොහොමඩ් රූමී මහතා අදහස් දක්වමින් පවසා සිටියේ,

“අපි තරගය ආරම්භයේ සිටම යම් පීඩනයක් ප්‍රතිවාදීන්ට ලබා දුන් අතර එහි ප්‍රතිඵලයක් ලෙස ඉක්මනින්ම ගෝලයක් වාර්තා කරන්නට අප සමත් වුනා. අනතුරුව මිනිත්තු 20ක් පමණ සාමාන්‍ය ලෙස ක්‍රීඩා කළා. මෙය ඉතාමත් තියුණු තරගයක් ලෙස මට හඳුන්වන්න පුළුවන්, මට හිතෙන විදහට අපේ කණ්ඩායම ඕනෑම තත්ත්වයකට මුහුණ දීමට සූදානම්ව සිටිනවා. එළඹෙන සතියේ දී පැවැත්වෙන රිනවුන් ක්‍රීඩා සමාජය සමඟ තරගයේ දී හොඳ තරගයක් ලබා දී තරගය ජයග්‍රහණය කිරීමට බලාපොරොත්තු වෙනවා, එසේම ක්‍රීඩා කරන විලාසය ද ක්‍රීඩා පිටියට අවශ්‍ය ලෙස තරමක් වෙනස් කිරීමට ද බලාපොරොත්තු වෙනවා.“

  තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න  පාපන්දු ක්‍රීඩා පිටුවට