ලයන්ස් ඉදිරියේ රැචසිමා දණ නමයි

783

මියන්මාරයේ Nay Pyi Taw හිදී මේ දිනවල පැවැත්වෙන ආසියානු පිරිමි ක්‍රීඩා සමාජ වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකාව නියෝජනය කරන “ලංකා ලයන්ස්” කණ්ඩායම අද දින (01) තම කාණ්ඩයේ අවසන් තරගය සඳහා තායිලන්තය නියෝජනය කරන “නාකොන් රැචසිමා” කණ්ඩායම සමඟ තරග වැදුණි.

ලයන්ස් හමුවේ යැංචයි අඩපණ වෙයි

මේ දිනවල මියන්මාරයේ Nay Pyi Taw හිදී පැවැත්වෙන ආසියානු පිරිමි ක්‍රීඩා…

ඉතාමත් උණුසුම් තරගයක් වූ එම තරගය වට 3-2ක්  ලෙස තියුණු ජයක් ලැබීමට “ලංකා ලයන්ස්” කණ්ඩායම සමත් විය. එම ජයත් සමඟ ඔවුන් ක්‍රීඩා කරන C කාණ්ඩයේ පෙරමුණ ලබා ගැනීමට සමත් වූයේ ලකුණු 8ක් ලබා ගනිමිනි. තායිලන්තය නියෝජනය කරන “නාකොන් රැචසිමා” කණ්ඩායම එම කාණ්ඩයේ දෙවන ස්ථානය හිමි කර ගැනීමට සමත් විය.

තරගයේ පළමු වටයේ දී රැචසිමා කණ්ඩායම විසින් අධික පීඩනයක් ලයන්ස් කණ්ඩායමට යොමු කරමින් තරග කළ අතර එම වටය අවසන් වූයේ ලකුණු 25-20ක් ලෙස රැචසිමා කණ්ඩායමට ජය අත්කර දෙමිනි. දෙවන වටයේ දී ද රැචසිමා කණ්ඩායම එල්ල කරන ලද පීඩනය යම් තාක් දුරට මැඩ පැවැත්වීමට ලයන්ස් කණ්ඩායම සමත් වුවත් එය තරගය ජය ගැනීමට ප්‍රමාණවත් නොවීය. එම වටයත් ලකුණු 25-23ක් ලෙස ජය ගැනීමට රැචසිමා කණ්ඩායම සමත් විය.

ඩයලොග් ජනාධිපති රන් කුසලාන වොලිබෝල් ශූරතාවයට සියල්ල සූදානම්

ඩයලොග් ආසිආටා පී. එල්. සී. අනුග්‍රහයෙන් 13 වන වරටත් පැවැත්වෙන ජනාධිපති රන්…

තෙවන වටයේ දී ඉතා ආක්‍රමණකාරී විලාසයක් පෙන්නුම් කළ ලයන්ස් කණ්ඩායම එම වටයේ දී රැචසිමා කණ්ඩායමට හිස එසවීමට අවස්ථාවක් ලබා නොදීමට වග බල ගත්හ. එම වටය ලකුණු 16-25ක් ලෙස ජය ගැනීමට ලයන්ස් කණ්ඩායම සමත් විය. සිව්වැනි වටයේදීත් ලයන්ස් කණ්ඩායම විසින් යම් තාක් දුරට ආක්‍රමණකාරී විලාසය පෙන්නුම් කරනු ලැබුවත් රැචසිමා කණ්ඩායමට ලකුණු අතරට නොඒමට තරම් එය ප්රමාණවත් නොවීය. එම වටයේ අවසන් භාගයේ දී ලකුණු 20-24ක් ලෙස ලයන්ස් කණ්ඩායම ජයග්‍රහණය ඇත ළඟ සිටියත් රැචසිමා කණ්ඩායම විසින් ලකුණු පුවරුව 23-24 දක්වා ගෙන ඒමට සමත් විය. නමුත් වටය අවසන් වූයේ ලයන්ස් කණ්ඩායමට ලකුණු 23-25ක් ලෙස ජය අත්කර දෙමිනි.

තරගයේ අවසන් වටය ආරම්භ කරමින් තරග බිමට පිවිසි ලයන්ස් කණ්ඩායම හා රැචසිමා කණ්ඩායම ඉතාමත් හොඳ තරගයක් ප්‍රේක්ෂකයන් වෙත පෙන්නුම් කළහ. දැඩි ප්‍රහාර හා දක්ෂ ගොඩගැනීම් රැසක් එම වටය පුරාවට දැක ගත හැකි විය. වටය අවසන් වූයේ ලයන්ස් කණ්ඩායමට ලකුණු 11-15ක් ලෙස ජය අත්කර දෙමිනි.

>> තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට <<