9 වැනි කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා ගමන අවාසනාවන්ත ලෙසින් අද (12) නිමා වූවා. ඒ අද ඔවුන් පළමු වටයේ අවසන් තරගය ද පරාජය වීමත් සමඟයි.
නවසීලන්තය සමඟින් Sharjah ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයෙන් කඩුලු 8ක පරාජයකට මුහුණ දීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට සිදු වූවා.
කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගත් අතර ඒ අනුව පිටියට පිවිසි ඔවුන් කඩුලු 5ක් දැවී ලකුණු 115ක් ලබා ගත්තා. එය ඔවුන් මෙවර තරගාවලියේ ලබා ගත් වැඩිම ලකුණු සංඛ්‍යාවයි.
ඊට පිළිතුරු ලෙසින් පිටියට පිවිසි නවසීලන්ත ක්‍රීඩිකාවෝ කඩුලු 2ක් පමණක් දැවී එම ඉලක්කය සපුරා ගත්තා.
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම –
චමරි අතපත්තු (නායිකාව), විශ්මි ගුණරත්න, හර්ෂිතා සමරවික්‍රම, කවීෂා දිල්හාරි, අනුශ්කා සංජීවනී (කඩුලු රකින්නිය), නිලක්ෂිකා සිල්වා, අමා කාංචනා, සුගන්දිකා කුමාරි, සචිනි නිසංසලා, ඉනෝෂි ප්‍රියදර්ශනී, උදේශිකා ප්‍රබෝධනී.
නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම –
Sophie Devine (නායිකාව), Suzie Bates, Georgia Plimmer, Amelia Kerr, Brooke Halliday, Maddy Green, Isabella Gaze (කඩුලු රකින්නිය), Leigh Kasperek, Lea Tahuhu, Rosemary Mair, Eden Carson.
පළමුවෙන් පන්දුවට පහර දීමට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම සුපුරුදු ලෙසින් ම විශ්මි ගුණරත්න සහ නායිකා චමරි අතපත්තු විසින් ආරම්භ කළ අතර ඔවුන් දෙදෙනා එම කඩුල්ල වෙනුවෙන් ලකුණු 26ක සබඳතාවක් එක් කළා.
කෙසේ වෙතත් අද තරගයේ දී ද විශ්මි ගුණරත්නට ලබා ගැනීමට හැකි වෙන්නේ ලකුණු 8ක් පමණයි. ඒ වෙනුවෙන් ඇය පන්දු 15ක් වැය කරන ලද අතර ඊට හතරේ පහරක් ද ඇතුලත් කරනවා.
එතැන් සිට චමරි අතපත්තු සහ හර්ෂිතා සමරවික්‍රම එක් ව 2 වැනි කඩුල්ලට ලකුණු 48ක සබඳතාවක් ගොඩ නගනවා. එය ශ්‍රී ලංකා ඉනිමේ ඉහළ ම ලකුණු සබඳතාවයි. එහි දී චමරි අතපත්තු පන්දු 41කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 35ක් ලබා ගන්නවා. චමරි අතපත්තුගේ එම ඉනිම මෙවර තරගාවලියේ ශ්‍රී ලංකා පිතිකාරිනියක් විසින් ලබා ගන්නා ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාවයි.
එම කඩුල්ලේ සබඳතාව චමරි අතපත්තුගේ ඉනිම අවසන් වීමත් සමඟින් නිමා වූ අතර ඊට පසු පන්දු 5ක දී හර්ෂිතා සමරවික්‍රම ද තම ඉනිම අවසන් කර ගන්නවා. ඒ වෙද්දී ඇය පන්දු 29කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 18ක් ලබා සිටියා.
අනතුරුව අනුෂ්කා සංජීවනී තම ඉනිම ලකුණු 5කට සීමා කර ගත් අතර කවීෂා දිල්හාරි ද තම ඉනිම ලකුණු 10කට සීමා කර ගන්නවා. ශ්‍රී ලංකා ඉනිම අවසන් වන විට නිලක්ෂිකා සිල්වා පන්දු 11කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් නොදැවී ලකුණු 14ක් ද සහ අමා කාංචනා පන්දු 9කට මුහුණ දෙමින් හතරේ පහක් සමඟින් නොදැවී ලකුණු 10ක් ලබා සිටියා.
කඩුලු දවා ගැනීමේ දී Amelia Kerr සහ Leigh Kasperek කඩුලු 2ක් බැගින් දවා ගන්නා ලද අතර ඊට අමතර ව Eden Carson කඩුල්ලක් දවා ගත්තා.
- අවධානම් අඩවියක සිට නවසීලන්තය හමු වීම
- ශ්‍රී ලංකාව ආසියානු අනුශූරියන්ගෙන් පරාජය වෙයි
- ලෝක ශූරියන් ආසියානු ශූරියන් පරාජය කරයි
- පාකිස්තානයට පරාජය වීමෙන් ඉනික්බිතිව
- T20 ලෝක කුසලානයට හැප්පෙන අපේ සිහ දෙනුන්
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි නවසීලන්ත ක්‍රීඩිකාවෝ තවත් පන්දු 15ක් ඉතිරි ව තිබිය දී ප්‍රතිවාදී ඉලක්කය පසු කළා. එම ගමන යෑමේ දී ඔවුන්ගේ පළමු කඩුල්ලට එක් වූ Suzie Bates සහ Georgia Plimmer එක් ව ලකුණු 49ක සබඳතාවක් එක් කරනවා.
එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙන්නේ Suzie Bates ගේ දැවී යෑමත් සමග යි. ඇය දැවී යන විට පන්දු 22කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 17ක් ලබා තිබුණා.
මේ දැවී යෑමෙන් අනතුරු ව 2 වැනි කඩුල්ලට ද පහසුවෙන් ම ලකුණු 46ක සබඳතාවක් එක් කිරීමට Georgia Plimmer සහ Amelia Kerr සමත් වුනා. එවර කඩුල්ල අහිමි කර ගන්නේ Georgia Plimmer. ඇය දැවී යන විට පන්දු 44කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 54ක් ලබා සිටියා. එම දක්ෂතා හේතුවෙන් ම ඇය තරගයේ වීරයා සම්මානයෙන් ද පිදුම් ලැබුවා.
තරගය ජයග්රහණයෙන් කෙළවර වෙද්දී Amelia Kerr පන්දු 31කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 34ක් ද සහ Sophie Devine පන්දු 8ක දී හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 13ක් ලබා සිටියා.
කඩුලු දවා ගැනීමේ දී සචිනි නිංසලා සහ චමරි අතපත්තු අතරේ කඩුල්ල බැගින් බෙදි ගියා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 5ක් දැවී 115 (20.0) චමරි අතපත්තු 35, හර්ෂිතා සමරවික්‍රම 18, Leigh Kasperek 2/127, Amelia Kerr 2/13
නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 2ක් දැවී 118 (17.3) Georgia Plimmer 53, Amelia Kerr නොදැවී 34, චමරි අතපත්තු 1/08
නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමට කඩුලු 8ක ජයක්.
9 වැනි කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.