ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට නව කණ්ඩායමක්

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය

4297

මෙරට දේශීය පිටියේ ප්‍රධානතම ලීග් තරගාවලිය වන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ලබන වසරේ අදියර සඳහා කණ්ඩායම් හයක් තරග වැදීමට වැඩි ඉඩකඩක් ඇතැයි තරගාවලියේ අධ්‍යක්ෂක සමන්ත දොඩංවල මහතා ප්‍රකාශ කළා.

ඔහුට අනුව ලබන (2023) වසරේ තරගාවලිය සඳහා උතුර හෝ උතුරු මැද නියෝජනය කරමින් කණ්ඩායමක් සහභාගී වීමට නියමිතයි.

“පසුගිය අදියරවල දී තරගාවලිය ලබා ගත් සාර්ථකත්වය නිසා හයවැනි කණ්ඩායමකට වැඩි ඉල්ලුමක් පවතිනවා. ඒ නිසා හයවැනි කණ්ඩායමක් ලබන වසරේ බොහෝ විට එක් වන අතර එයින් උතුරු සහ උතුරු මැද ක්‍රිකට් ක්‍රීඩකයින්ට අපි ජාතික තලයට පිවිසෙන්න අවස්ථාවක් ලබා දෙන්න සූදානම්. ඒ වගේම ඒ කණ්ඩායම මිල දී ගන්න ද ආයෝජකයින් සූදානම්ව සිටිනවා, යැයි ඔහු ප්‍රකාශ කළා.

එමෙන්ම ලබන වසරේ සිට ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය දෙසැම්බර් මාසයේ නොපවත්වා අගෝස්තු මාසයේ දී පැවැත්වීමට ද එහි සංවිධායකයින් සැලසුම් කර තිබෙනවා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<