Home Sinhala බංගලි පිතිකරුවෙකුගේ උදව්වෙන් Jaffna Kingsට තවත් ජයක්!

බංගලි පිතිකරුවෙකුගේ උදව්වෙන් Jaffna Kingsට තවත් ජයක්!

ලංකා ප්‍රිමියර් ලීගය 2022

545
Credit : SLC

අවසන් පූර්ව වටයට පිවිසීමේ බලාපොරොත්තු තරමක් අවදානම් කලාපයේ තිබෙන Galle Gladiators කණ්ඩායමට අද (18) ලකුණු 16ක පරාජයක් අත් විඳින්නට සිදු වුනේ Jaffna Kings කණ්ඩායම හමුවේයි.

කොළඹ කෙත්තාරාම පිටියේ දී ආරම්භ වූ තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට Jaffna නායක තිසර පෙරේරා සමත් වුනා. ඒ අනුව ඔහු තෝරා ගත්තේ මුලින් පන්දුවට පහර දීමයි. සති අන්ත දිනයක් වූ අද සැලකිය යුතු ප්‍රේක්ෂකයින් පිරිසක් ක්‍රිකට් ක්‍රීඩාවේ අසිරිය විඳ ගැනීම වෙනුවෙන් පැමිණ සිටියා.

තරගය ක්‍රීඩා කළ කණ්ඩායම්

  • Jaffna Kings: Rahmanullah Gurbaz, අවිශ්ක ප්‍රනාන්දු, Afif Hossain, සදීර සමරවික්‍රම, Shoaib Malik, තිසර පෙරේරා, James Fuller, දුනිත් වෙල්ලාලගේ, මහීෂ් තීක්ෂණ, විජයකාන්ත් වියස්කාන්ත්.
  • Galle Gladiators: තනුක දාබරේ, කුසල් මෙන්ඩිස්, ලහිරු උදාර, Asad Shafiq, නුවනිඳු ප්‍රනාන්දු, Ifthikar Ahmed, Imad Wasim, Wahab Riaz, ලක්ෂාන් සඳකැන්, නුවන් ප්‍රදීප්, නුවන් තුෂාර.

Jaffna ඉනිම ගොඩ නැංවීමේ වැඩි බරක් මුල්පෙළ පිතිකරුවන් දැරූ අතර ලකුණු සියය පසු කරන විට ඔවුන් තවත් කඩුලු 8ක් අතැතිව සිටියා. එහි දී Gurbaz (23) ,නුවන් තුෂාරගේ පන්දුවකට ලබා දුන් උඩපන්දුවක් Jaffna පන්දු රකින්නන් බිම අත හැරිය ද, අවසානයේ ඔහුව තුෂාර විසින්ම දවා ගත්තා.

අවිශ්ක අද ලකුණු 18ක් රැස් කරද්දී LPL තරගාවලියේ මුල් වරට අවස්ථාවක් ලද බංග්ලාදේශ යොවුන් පිතිකරු Afif Hossain අද මනරම් ඉනිමක් ක්‍රීඩා කළා. එහි දී පන්දු 35කට පමණක් මුහුණ දුන් ඔහු වටිනා අර්ධ ශතකයක් (54) රැස්කර ගත්තේ හතරේ පහර 5ක් සහ එක් හයේ පහරක් සමඟයි.

Shoaib Malik අද තමන් මුහුණ දුන් මුල්ම පන්දුවේ දී ම අවාසනාවන්ත ලෙස දැවී ගියේ Wahab Riaz යැවූ කෙටි පන්දුවක් නිසා තම හිස් ආවරණයේ පසුපස කොටස කැඩී එය කඩුල්ල මතට ඇද වැටීම නිසයි. තිසර පෙරේරා ඉනිමේ අවසන් කොටසේ දී පන්දු 13කින් ලකුණු 26ක් ලබා ගත්ත ද, අනෙක් පිතිකරුවන් ප්‍රහාරයට උත්සාහ කිරීමේ දී දැවී ගියා.

කෙසේ නමුත් Jaffna Kings තමන්ට නියමිත පන්දුවාර 20 අවසන් වන විට කඩුලු 8කට ලකුණු 170ක් ලබා ගැනීමට සමත් වී සිටියා. පන්දු යැවීමේ දී නුවන් තුෂාර නැවතත් දක්ෂතා අතරට පිවිසියේ ලකුණු 31ට කඩුලු 2ක් දවා ගනිමිනුයි. තරමක ප්‍රහාරයකට ලක් වුවද, Wahab Riaz කඩුලු 3කට හිමිකම් කිව්වා.

පීඩනය සහිතව ලකුණු 171ක ඉලක්කයක් හඹා යාම ඇරඹූ Gladiators ක්‍රීඩකයින්ගේ අද හොඳ ආරම්භයක් ලබා ගැනීමට හැකි වුනේ නැහැ. එහි දී බිනුර ප්‍රනාන්දු පිට පිටම පන්දු දෙකක දී තනුක දාබරේ සහ ලහිරු උදාර යන පිතිකරුවන් දෙදෙනාම ක්‍රීඩාගාරයට හරවා යවන්නට සමත් වුනා. Asad Shafiq රැස් කළේ ලකුණු 10ක් පමණයි.

නුවනිඳු ප්‍රනාන්දු වේගවත් ලකුණු 22ක් රැස් කළ ද ඔහු දිගටම කඩුල්ලේ රැඳී නොසිටීම Gladiators පිළට දැඩි පාඩුවක් වුනා. Ifthikar Ahmed, Imad Wasim සහ Wahab Riaz යන පාකිස්තානු ක්‍රීඩකයින් තිදෙනාම කෙටි ඉනිම් කිහිපයක් ක්‍රීඩා කළ ද, වැඩි වන ලකුණු වේගය හඹා යාමට ගිය ඔවුන්ට කඩුලු අහිමි වුනා.

මේ අනුව එක් අන්තයක සිරවුනු නායක කුසල් මෙන්ඩිස් පන්දු 45ක දී ලකුණු 58ක් ලබා ගත්ත ද, Gladiators වරුන් ජයග්‍රහණය කරා රැගෙන යාමට එය ප්‍රමාණවත් වුනේ නැහැ. කුසල්ගේ උත්සාහවන්ත ඉනිමට හතරේ පහර 7ක් සහ එක් හයේ පහරක් ඇතුළත් වුනා.

පන්දු යැවීමේ දී බිනුර ප්‍රනාන්දු තම පන්දුවාර 4දී ලකුණු 20ක් පමණක් ලබා දෙමින් කඩුලු 3ක් බිඳ හෙළුවා.

Result


Galle Gladiators
154/9 (20)

Jaffna Kings
170/8 (20)

Batsmen R B 4s 6s SR
Rahmanullah Gurbaz c Imad Wasim b Nuwan Thushara 23 19 3 1 121.05
Avishka Fernando c Iftikhar Ahmed b Nuwan Pradeep 18 15 2 1 120.00
Afif Hossain c Iftikhar Ahmed b Nuwan Thushara 54 35 5 1 154.29
Sadeera Samarawickrama c Thanuka Dabare b Wahab Riaz 32 28 2 0 114.29
Shoaib Malik hit-wicket b Wahab Riaz 0 1 0 0 0.00
Thisara Perera c Nuwanidu Fernando b Wahab Riaz 26 13 4 0 200.00
James Fuller run out (Kusal Mendis) 2 4 0 0 50.00
Dunith wellalage run out (Nuwan Pradeep) 5 2 1 0 250.00
Mahesh Theekshana not out 1 3 0 0 33.33
Vijayakanth Viyaskanth not out 1 1 0 0 100.00


Extras 8 (b 0 , lb 1 , nb 1, w 6, pen 0)
Total 170/8 (20 Overs, RR: 8.5)
Bowling O M R W Econ
Imad Wasim 3 0 18 0 6.00
Nuwan Thushara 4 0 31 2 7.75
Wahab Riaz 4 0 37 3 9.25
Nuwan Pradeep 3 0 32 1 10.67
Iftikhar Ahmed 3 0 22 0 7.33
Lakshan Sandakan 3 0 29 0 9.67


Batsmen R B 4s 6s SR
Thanuka Dabare c Thisara Perera b Binura Fernando 2 4 0 0 50.00
Kusal Mendis c Shoaib Malik b James Fuller 58 45 7 1 128.89
Lahiru Udara c Sadeera Samarawickrama b Binura Fernando 0 1 0 0 0.00
Asad Shafiq c Vijayakanth Viyaskanth b Mahesh Theekshana 10 9 2 0 111.11
Nuwanidu Fernando st Sadeera Samarawickrama b Vijayakanth Viyaskanth 22 11 1 1 200.00
Iftikhar Ahmed c & b Vijayakanth Viyaskanth 23 19 0 2 121.05
Imad Wasim c Sadeera Samarawickrama b James Fuller 14 10 1 1 140.00
Wahab Riaz run out (Sadeera Samarawickrama) 13 15 1 0 86.67
Nuwan Pradeep b Binura Fernando 0 2 0 0 0.00
Lakshan Sandakan not out 1 1 0 0 100.00
Nuwan Thushara not out 2 3 0 0 66.67


Extras 9 (b 0 , lb 2 , nb 0, w 7, pen 0)
Total 154/9 (20 Overs, RR: 7.7)
Bowling O M R W Econ
Thisara Perera 2 0 15 0 7.50
Binura Fernando 4 0 20 3 5.00
Mahesh Theekshana 4 0 18 1 4.50
James Fuller 4 0 57 2 14.25
Vijayakanth Viyaskanth 4 0 27 2 6.75
Dunith wellalage 2 0 15 0 7.50



ඉනිම නිමා වෙද්දී Galle Gladiators කඩුලු 9ක් දැවී ලබා සිටියේ ලකුණු 154ක් පමණයි. තරගයේ වීරයා සම්මානය 23 හැවිරිදි බංග්ලාදේශ පිතිකරු Afif Hossain දිනා ගත්තා.

ඒ අනුව Jaffna Kings කණ්ඩායම ලකුණු 16ක ජයක් සමඟින් තවදුරටත් ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ රැඳී සිටිනවා. දල ලකුණු වේගය සැලකීමේ දී ධන අගයක් පවත්වා ගෙන යන්නේ Jaffna Kings සහ Kandy Falcons කණ්ඩායම් දෙක පමණයි.

අද රාත්‍රි 7.30ට ඉතාමත් සුවිශේෂී වූ තරගයක් කෙත්තාරාම පිටියේ දී ම ක්‍රියාත්මක වනවා. ඒ Kandy Falcons සහ Dambulla Aura අතර තරගයයි.

තරගාවලියේ තවදුරටත් රැඳී සිටීමට නම් Dambulla Aura පිළ මෙම තරගය ජය ගැනීම අනිවාර්ය වන අතර එවිට ඔවුන් හෙට Galle Gladiators සමඟ ක්‍රීඩා කරන තරගය නිල නොලත් අර්ධ අවසන් පූර්ව තරගයක් වනවා ඇති.

ඒ එම තරගයෙන් ජය ගන්නා කණ්ඩායම අවසන් පූර්ව වටයට පිවිසීමේ වරම් දිනා ගන්නා නිසයි. එම සියලු තරගවල තතු විත්ති එසැණින් ගෙන ඒමට ThePapare.com සූදානම්!

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<