ධනුෂ්ක ගුණතිලකට ක්‍රිකට් තහනම් කරයි

588
Gunathilaka suspended

වහාම ක්‍රියාත්මක වන පරිදි ධනුෂ්ක ගුණතිලක හට සියලුම ආකාරයේ ක්‍රිකට් තහනමක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් තීරණය කර තිබෙනවා.

ධනුෂ්ක ගුණතිලක ඕස්ට්‍රේලියාවේ දී කාන්තාවකට ලිංගික අතවර කිරීමේ චෝදනා මත අත්අඩංගුවට පත්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙම තීරණය අරගෙන තිබුණා.

ඒ අනුව ඔහුට ඉදිරියේ පැවැත්වෙන කිසිදු තරගාවලියක් ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමි වෙන්නේ නැහැ.

තවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මේ පිළිබඳව විනය පරීක්ෂණයක් සිදු කිරීමට නියමිත අතර ඔහු යම්හෙයකින් එම සිදුවීමට වැරදිකරු වුවහොත් ඔහුට දඬුවම් ලබා දීමට කටයුතු කරනු ඇත.

එමෙන්ම මෙම සිදුවීම පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කර තිබුණේ ඕනෑම ක්‍රීඩකයෙකු කරන මෙවැනි සිදුවීම් සඳහා කිසිදු සහනයක් ලබා නොදෙන බවත් ඒ සඳහා අවශ්‍ය නීති ක්‍රියාත්මක කිරීමට ඕස්ට්‍රේලියානු බලධාරීන්ට අවශ්‍ය සහය බලා දෙන බවයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<