“Road to Olympics” 1100ක් තෝරාගනි

301

2028 ඔලිම්පික් තරගාවලිය ඉලක්ක කරගනිමින් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව ක්‍රියාත්මක කරන නියමු ව්‍යාපෘතිය වන “Road to Olympics” වැඩසටහන නිල වශයෙන් ආරම්භ කිරීම පසුගිය සිකුරාදා (03) සිදු කෙරුණි.

මෙම වැඩසටහන සඳහා දිස්ත්‍රික්ක 22ක් නියෝජනය කරමින් වයස අවුරුදු 12ක් වන පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවගෙන් එක් එක් අධ්‍යාපන කලාපයෙන් ක්‍රීඩකයන් සහ ක්‍රීඩිකාවන් 25 බැගින් අධ්‍යාපන කලාප 22කින් පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 1100 තෝරාගැනීමට නියමිතව ඇත.

මෙම වැඩසටහන තුළින් සහජ දක්ෂතාවලින් හෙබි පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුනාගෙන ඔවුන්ගේ දස්කම් වර්ධනය කරමින් ජාතික හා ජාත්‍යන්තර තලයේ ජයග්‍රහණ අත්කර ගැනීම මූලික පරමාර්ථය වන අතර අධ්‍යාපන අමාත්‍යාංශය හා එක්ව නියමු ව්‍යාපෘතියක් ලෙස මෙම වැඩසටහන ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් සිදු කරනු ලැබේ.

තවත් ක්‍රීඩා පුවත් ;

ඒ අනුව මෙම වැඩසටහන නිල වශයෙන් දියත් කිරීම පසුගිය සිකුරාදා (03) එම දිස්ත්‍රික්ක 22 හි අධ්‍යාපන කලාපයේ පුහුණු මධ්‍යස්ථාන පාසල්වල දී පැවැත්වූ අතර එහි ප්‍රධාන වැඩසටහන කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා, කලාප ක්‍රීඩා අධ්‍යක්ෂවරයා, එම තෝරාගත් ක්‍රීඩකයන්ගේ පාසල්වල විදුහල්පතිවරුන්, ක්‍රීඩා සංවර්ධන නිළධාරින්, එම ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් හෝමාගම සිරි පියරතන මහා විද්‍යාලයේ දී පැවැත්විය.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<