Home Sinhala ශ්‍රී ලංකාව පරාජය කළ එංගලන්තය අවසන් පූර්ව වටයට

ශ්‍රී ලංකාව පරාජය කළ එංගලන්තය අවසන් පූර්ව වටයට

විස්සයි විස්ස ලෝක කුසලානය 2022

362

2022 ICC විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 වටයේ පළමු කාණ්ඩයේ අවසන් තරගය අද (5) සිඩ්නි හිදී පැවැත්වුනා.

එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වුණු එම තරගයෙන් කඩුලු 4ක පහසු ජයක් ලබා ගැනීමට එංගලන්තයට හැකි වුනා.

කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර ශ්‍රී ලංකාව එක් වෙනස්කමක් අද සිදු කර තිබුණා. ඒ අනුව චාමික කරුණාරත්න නැවතත් කණ්ඩායමට ඇතුළත් කරමින් ප්‍රමෝද් මදුෂාන් කණ්ඩායමෙන් ඉවත් කර තිබීමයි.

තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම්,

එංගලන්තය – Jos Buttler(w/c), Alex Hales, Moeen Ali, Liam Livingstone, Harry Brook, Ben Stokes, Sam Curran, Dawid Malan, Chris Woakes, Adil Rashid, Mark Wood

ශ්‍රී ලංකාව – Pathum Nissanka, Kusal Mendis(w), Dhananjaya de Silva, Charith Asalanka, Bhanuka Rajapaksa, Dasun Shanaka(c), Wanindu Hasaranga, Chamika Karunaratne, Maheesh Theekshana, Lahiru Kumara, Kasun Rajitha

කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංක මේ තරගයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් හොඳ ආරම්භයක් ලබා දුන් අතර ඔවුන් දෙදෙනා එක්ව පන්දු 24ක් තුල වේගවත් ලකුණු 39ක සබඳතාවයක් ගොඩනැංවූවා.

පළමු පන්දුවාරයේ පටන් එංගලන්ත වේගපන්දු යවන්නන්ට දැඩි ප්‍රහාරයක් දියත් කිරීමට ශ්‍රී ලංකා පිතිකරුවන් සමත් වූ නමුත් Rashid ක්‍රියාත්මක කළ 6 වැනි පන්දුවාරයෙන් පසුව ශ්‍රී ලංකා ලකුණු ලබා ගැනීමේ වේගය කැපී පෙනෙන ලෙස අඩාල වුනා.

16 වැනි පන්දුවාරයේ 3 වැනි පන්දුවේ දී ලකුණු 67ක් (4පහර 2ක් සහ 6 පහර 5ක්) ලබාගෙන සිටි අර්ධ ශතකලාභී නිස්සංකගේ කඩුල්ල දවා ගැනීමට එංගලන්තය සමත් වූ අතර ඉන් අනතුරුව ක්‍රියාත්මක වුනු පන්දු 27 දී ශ්‍රී ලංකාවට කඩුලු 4ක් දැවී ලබා ගත හැකි වුනේ ලකුණු 23ක් පමණයි.

නිස්සංක මේ තරගයේ දී ලබා ගත්තේ සිය 9 වැනි විස්සයි විස්ස අර්ධ ශතකය වන අතර ඉන් අර්ධ ශතක 5ක්ම ලෝක කුසලානවල දී වාර්තා වීම කැපී පෙනෙනවා. එසේම මහේල ජයවර්ධන සහ තිලකරත්න ඩිල්ශාන්ට පසුව ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි විස්ස ලෝක කුසලාන අර්ධ ශතක 5ක් හිමි එකම පිතිකරුවා ද වන නිස්සංක මේ තරගයේ දී විස්සයි විස්ස ජාත්‍යන්තර ලකුණු 1000 සීමාව ද පසුකර යන්නට සමත් වුනා.

නිස්සංක ලබා ගත් ලකුණු 67ට අමතරව රාජපක්ෂ සහ මෙන්ඩිස් පිළිවෙළින් ලකුණු 22ක් සහ ලකුණු 18ක් ලබා ගත්තා. අවසන් පන්දුවාර 10 තුල ඉතාමත් හොඳින් ශ්‍රී ලංකා ලකුණු සටහන පාලනය කළ එංගලන්තය වෙනුවෙන් වේගපන්දු යවන Wood ලකුණු 26කට කඩුලු 3ක් දවා ගන්නා විට, Rashid නියමිත පන්දුවාර 4 තුල ලකුණු 16ක් පමණක් ලබා දෙමින් කඩුල්ලක් ද දවා ගත්තා.

ලකුණු 142ක ඉලක්කයක් හඹා යාම වෙනුවෙන් පිටියට පිවිසි එංගලන්ත ආරම්භක පිතිකරුවන් වූ නායක Buttler සහ Hales පන්දු 45ක දී ලකුණු 75ක සුපිරි ආරම්භක සබඳතාවයක් ගොඩනංවමින් ශ්‍රී ලංකාවට දැඩි පීඩනයක් එල්ල කළා.

ඉන් අනතුරුව ලකුණු 54කට එංගලන්ත මැදපෙළ කඩුලු 5ක් දවා ගනිමින් එංගලන්තයට හොඳ අභියෝගයක් ලබා දීමට කුමාර, ධනංජය සහ හසරංග සමත් වුවත්, ශ්‍රී ලංකාව ලබා ගත් ලකුණු ප්‍රමාණය රැකගැනීමට එම අභියෝගයම ප්‍රමාණවත් වුනේ නැහැ.

එංගලන්ත මැදපෙළ පිතිකරුවන් එක පෙළට දැවී යන විට අංක 3 පිතිකරු ලෙස පිටියට පිවිසි Stokes පන්දු 36ක දී නොදැවී ලකුණු 42*ක් ලබාගෙන සිය කණ්ඩායම ජයග්‍රහණය වෙත මෙහෙයවනු ලැබුවා. 4 පහර 7ක් සහ 6 පහරක් සමඟ එංගලන්ත ආරම්භය සවිමත් කළ Hales ලකුණු 47කට දැවී ගිය අතර Buttler ලකුණු 28කට දැවී ගියා.

අවසානයේ දී පන්දුවාර 19කුත් පන්දු 4ක් අවසානයේ දී කඩුලු 6ක් දැවී ලකුණු 144ක් ලබා ගත් එංගලන්තය ගියවර විස්සයි විස්ස ලෝක ශූරතාවය දිනා ගත් ඕස්ට්‍රේලියාව ඉවතට ඇද දමමින් නවසීලන්තය සමඟ පළමු කාණ්ඩයෙන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුනා.

2016, 2021 යන අවසන් විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලි දෙකේ දී ම අවසන් කණ්ඩායම් 4 අතර තරගාවලිය අවසන් කළ එංගලන්තය, නොකඩවා තුන්වැනි වරටත් විස්සයි විස්ස ලෝක කුසලානයක අවසන් පූර්ව වටයට පිවිසීම කැපී පෙනුණා.

පන්දු යැවීමේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් කුමාර, හසරංග සහ ධනංජය කඩුලු දෙක බැගින් දවා ගත් අතර තීක්ෂණ සිය පන්දුවාර 4 තුල ලකුණු 22ක් පමණක් ලබා දෙමින් හොඳින් පන්දු යැවීම සිදු කළා.

නිමාවුණු ඇෆ්ගනිස්ථාන තරගයට ක්‍රීඩා නොකළ චාමික කරුණාරත්න මේ තරගය ක්‍රීඩා කළ නමුත් පන්දු යැවීමේ දී ඔහුගේ දායකත්වය ලබා නොගැනීම කැපී පෙනුණා.

ලෝක කුසලාන තරගාවලියේ සියලුම තොරතුරු දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟම.

Result


England
144/6 (19.4)

Sri Lanka
141/8 (20)

Batsmen R B 4s 6s SR
Pathum Nissanka c Chris Jordan b Adil Rashid 67 45 2 5 148.89
Kusal Mendis c Liam Livingstone b Chris Woakes 18 14 1 1 128.57
Dhananjaya de Silva c Ben Stokes b Sam Curran 9 11 0 0 81.82
Charith Asalanka c Liam Livingstone b Ben Stokes 8 9 0 0 88.89
Bhanuka Rajapaksa c Sam Curran b Mark Wood 22 22 3 0 100.00
Dasun Shanaka c Jos Buttler b Mark Wood 3 8 0 0 37.50
Wanidu Hasaranga run out (Jos Buttler) 9 9 1 0 100.00
Chamika Karunaratne not out 0 1 0 0 0.00
Maheesh Theekshana c Alex Hales b Mark Wood 0 1 0 0 0.00


Extras 5 (b 0 , lb 3 , nb 0, w 2, pen 0)
Total 141/8 (20 Overs, RR: 7.05)
Bowling O M R W Econ
Ben Stokes 3 0 24 1 8.00
Chris Woakes 3 0 24 1 8.00
Mark Wood 3 0 26 3 8.67
Sam Curran 4 0 27 1 6.75
Adil Rashid 4 0 16 1 4.00
Liam Livingstone 2 0 16 0 8.00
Moeen Ali 1 0 5 0 5.00


Batsmen R B 4s 6s SR
Jos Buttler c Chamika Karunaratne b Wanidu Hasaranga 28 23 2 1 121.74
Alex Hales c & b Wanidu Hasaranga 47 30 7 1 156.67
Ben Stokes not out 42 36 2 0 116.67
Harry Brook c & b Dhananjaya de Silva 4 5 0 0 80.00
Liam Livingstone c Dhananjaya de Silva b Lahiru Kumara 4 6 0 0 66.67
Moeen Ali c Dasun Shanaka b Dhananjaya de Silva 1 5 0 0 20.00
Sam Curran c Kasun Rajitha b Lahiru Kumara 6 11 0 0 54.55
Chris Woakes not out 4 3 0 0 133.33


Extras 8 (b 0 , lb 4 , nb 1, w 3, pen 0)
Total 144/6 (19.4 Overs, RR: 7.32)
Bowling O M R W Econ
Maheesh Theekshana 4 0 22 0 5.50
Kasun Rajitha 3 0 39 0 13.00
Lahiru Kumara 3.4 0 24 2 7.06
Wanidu Hasaranga 4 0 23 2 5.75
Dhananjaya de Silva 4 0 24 2 6.00
Charith Asalanka 1 0 8 0 8.00



>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<