සුපිරි පන්දුවාරයේ තියුණු සටනින් විනිපෙග් ඊගල්ස්ට ශූරතාව

12990
Global T20 Canada 2019 Final

දෙවන වතාවටත් පැවැත්වෙන කැනඩා ග්ලෝබල් T20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ඊයේ (11) වැන්කුවර් නයිට්ස් කණ්ඩායම හා විනිපෙග් ඊගල්ස් කණ්ඩායම අතර බ්‍රාම්ප්ටන් හිදී පැවැත්වුණු අතර තරගය අවසානයේ දෙපිලේම ලකුණු සමවුනි. 

කෙසේ නමුත් සුපිරි පන්දුවාරයේ දී  විනිපෙග් ඊගල්ස් කණ්ඩායම තරගය ජය ගත් නිසා ඔවුන් පළමු වතාවට කැනඩා ග්ලෝබල් T20 ක්‍රිකට් තරගාවලියේ  ශූරතාව දිනා ගත්තේය.

ලෝක කුසලානයේ දී වැඩිම ලකුණු ලබා ගෙන තියෙන්නේ කොළඹ!

එංගලන්තය ලෝක කුසලානය ජයග්‍රහණය කළේය. ඔවුන් තරගාවලියේ වැඩිම බලාපොරොත්තු සහිත…

කාසියේ වාසිය දිනා ගත් වැන්කුවර් නයිට්ස් නායක ශොයිබ් මලික්ගේ ආරාධනාවෙන් පළමුව පන්දුවට පහර දීමට පිටියට පැමිණි විනිපෙග් ඊගල්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුල කඩුලු 8ක් දැවී ලකුණු 192ක් රැස්කර ගත්තේය. 

සුපිරි ප්‍රහාරයක් දියත් කළ ක්‍රිස් ලින් හා ශයිමාන් අන්වර් පළමු කඩුල්ල සඳහා ලකුණු 73ක සබඳතාවයක් ගොඩනැංවිය. ලින් පන්දු 21ක දී ලකුණු 37ක් වාර්තා කර ගන්නා ලදි. දැවැන්ත ප්‍රහාරයක් දියත් කළ දකුණතින් පිතිකරණයේ නිරත වන අන්වර් 4 පහර 8ක් හා දැවැන්ත 6 පහර 7ක් සමඟ පන්දු 45කදී ලකුණු 90ක් වාර්තා කරගනිමින් සිය කණ්ඩායමේ ලකුණු සටහන ජවසම්පන්න කළේය.

ඔවුන් පළමු පන්දුවාර 15 අවසන් වන විට එක් පන්දුවරයකට දල වශයෙන් ලකුණු 10ක් පමණ රැස්කරගෙන තිබූ නමුත් ඇන්ඩෘ රසල් හා අලි ඛාන් ක්‍රියාත්මක කළ දක්ෂ පන්දුවාර කිහිපය නිසා එය තරමක් දුරකට පාලනය කරගැනීමට ගියවර ශූරතාව දිනා ගත් වැන්කුවර් නයිට්ස් කණ්ඩායමට හැකියාව ලැබුණි. 

කොදෙව් දේශය නියෝජනය කරමින් තරගාවලිය සඳහා සහභාගී වූ රසල් සිය නියමිත පන්දුවාර 4 තුල ලකුණු 29ක් පමණක් ලබා දෙමින් කඩුලු 4ක් දවා ගන්නා ලදි. විනිපෙග් ඊගල්ස් මැදපෙළ සවිමත් කළ ජේ. පී. ඩුමිනි පන්දු 27ක් තුල ලකුණු 27ක් වාර්තා කරගත්තේය.

විනිපෙග් ඊගල්ස් කණ්ඩායම රැස්කරගත්  ලකුණු 192ට පිළිතුරු දීමේ අරමුණින් පිටියට පැමිණි වැන්කුවර් නයිට්ස් කණ්ඩායමේ ආරම්භක කඩුලු 2 ලකුණු 2ක් තුල දවා ගැනීමට දකුණතින් මද වේගපන්දු යවන රයාඩ් අම්රිත් සමත් වූ නිසා වැන්කුවර් නයිට්ස් කණ්ඩායමේ ශූරතා සිහිනය තරමක් බොඳව ගියේය. එය එසේ වූවත් රාසී වැන්ඩර් ඩුසෙන් හා ඩැනියල් සෑම්ස් සිය කණ්ඩායම තරගයක් දිය හැකි මට්ටමට රැගෙන යාමට අවශ්‍ය මූලික අඩිතාලම සකස් කළේය.

තමිම් ඉක්බාල් විවේකයක් ඉල්ලයි

බංග්ලාදේශ ආරම්භක පිතිකරු තමිම් ඉක්බාල් බංගලාදේශ ක්‍රිකට් ආයතනයෙන් විවේකයක් ඉල්ලා…

පන්දුවාර 7කුත් පන්දු 4ක් අවසානයේ ලකුණු 53කට කඩුලු 4ක් දැවී ගොස් තිබූ වැන්කුවර් නයිට්ස් කණ්ඩායම වෙනුවෙන් නායකත්වයේ ඉනිමක් දියත් කළ මලික් 4 පහර 6ක් හා 6 පහර 3ක් සමඟ පන්දු 36ක දී වේගවත් ලකුණු 64ක් වාර්තා කර ගනිමින් දෙපිලටම තරගය විවෘත කළේය. නමුත් මලික් අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී ගිය නිසා තරගය තව තවත් උණුසුම් වන්නට පටන් ගන්නා ලදි.

කෙසේ නමුත් 6 වැනි කඩුල්ල වෙනුවෙන් පිටියේ එක්වූ සසාඩ් සාෆ්ර් හා ඇන්ඩෘ රසල්  පන්දු 19ක් තුල ලකුණු 53ක වේගවත් සබඳතාවයක් ගොඩනැංවීමට සමත් වුවත් අවසන් පන්දුවේ දී තරගය ජය ගැනීම වෙනුවෙන් ලකුණු 3ක් ලබා ගැනීමට වැන්කුවර් නයිට්ස් කණ්ඩායමට අවශ්‍යව තිබුණි. කලීම් සානා එවූ පන්දුවට රසල් හා සාෆ්ර් ලකුණු 3ක් ලබා ගැනීමට වෑයම් කළත් සාෆ්ර් දුවද්දී දැවී යාමකට හසුවීම නිසා තරගය ලකුණු සමවීමෙන් අවසන් වූයේ සුපිරි පන්දුවාරය සඳහා තරගය රැගෙන යමිනි. 

සුපිරි පන්දුවාරයේ දී වැන්කුවර් නයිට්ස් කණ්ඩායම ලබාගත් ලකුණු 9ට පිළිතුරු දුන් විනිපෙග් ඊගල්ස් කණ්ඩායම පන්දු 4ක්  කරමින් ලකුණු 10 ලබාගෙන පළමු වතාවට කැනඩා ග්ලෝබල් T20 ශූරතාව දිනා ගත්තේය.

ජූලි 25 වැනිදා සිට පැවැත්වුණු මේ තරගාවලියට කණ්ඩායම් හයක් සහභාගී වූ අතර කැනඩාවේ නගර නියෝජනය කරමින් මොන්ට්‍රියල් ටයිගර්ස්, එඩ්මන්ටන් රෝයල්ස්, විනිපෙග් ඊගල්ස්, වැන්කුවර් නයිට්ස්, බ්‍රාම්ප්ටන් වොල්ෆ්ස් හා ටොරෙන්ටෝ නැෂනල්ස් යන කණ්ඩායම් හය තරග වදිනු ලැබීය. 

ශේෂාඩ්ට ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් තවත් බාල්දියක්

ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ විනය රීති මාලාව උල්ලංඝනය කරමින් කටයුතු කිරීම නිසා…

පසුගිය වසරේ පළමු වතාවට පැවැත්වුණු ග්ලෝබල් කැනඩා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගත්තේ වැන්කුවර් නයිට්ස් කණ්ඩායම විසිනි.

විනිපෙග් ඊගල්ස් – 192/8 (20): ශයිමාන් අන්වර් 90, ක්‍රිස් ලින් 37, ජේ. පී. ඩුමිනි 33, ඇන්ඩෘ රසල් 4/29

වැන්කුවර් නයිට්ස් – 192/6 (20): ශොයිබ් මලික් 64, ඇන්ඩෘ රසල් 46*, සසාඩ් සාෆ්ර් 27, රයාඩ් අම්රිත් 2/37, පෝල් වෑන් මෙක්රෙන් 2/40.

  • තරග ප්‍රතිඵලය – ලකුණු සමයි අවසන් පන්දුවාරයේ ජය විනිපෙග් ඊගල්ස් කණ්ඩායමට 
  • තරගයේ වීරයා – ශයිමාන් අන්වර් (විනිපෙග් ඊගල්ස්)
  • තරගාවලියේ වීරයා – ජේ. පී. ඩුමිනි (විනිපෙග් ඊගල්ස්)

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<