සුරතලුන්ගේ කුසලානය නැවතත් සිල්වෙස්තරයන්ට

64th Battle of the Babes

57

මහනුවර සාන්ත සිල්වෙස්තර විද්‍යාලය සහ විද්‍යාර්ථ විද්‍යාලය අතර 64 වැනි වරටත් පැවැති සුරතලුන්ගේ සටන වාර්ෂික මහා ක්‍රිකට් තරගයෙන් කඩුලු 10ක ජයක් ලබා ගැනීමට සාන්ත සිල්වෙස්තර විද්‍යාලය සමත් වූවා.  

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ දී ලත් මෙම විසඳුමත් සමඟින් 16 වැනි වරටත් සුරතලුන්ගේ සටන් කුසලානය තමන් සන්තක කර ගත්තා. 1958 වසරේ දී පළමු වරට පැවැති මෙම තරගයේ මීට පෙර අවසන් වරට ජයග්‍රහණයක් හිමිකර ගෙන තිබුණේ 2022 වසරේදීයි. එවර ද ජයග්‍රාහකයන් වූයේ සාන්ත සිල්වෙස්තර විද්‍යාලයයි. විද්‍යාර්ථ විද්‍යාලය මේ දක්වා සුරතලුන්ගේ සටන් කුසලානය හිමිකර ගෙන තිබෙන්නේ අවස්ථා 3ක දී පමණක් වන අතර ඔවුන් අවසන් වරට ජයග්‍රහණය ලබා ඇත්තේ 1967 වසරේදීයි.  

64th Battle of the Babes, මොරටුව, 29-30 මාර්තු 2024 

  • කාසියේ වාසිය – සාන්ත සිල්වෙස්තර විද්‍යාලය 
  • ක්‍රීඩාංගණය – ජාත්‍යන්තර ක්‍රීඩාංගණය, පල්ලෙකැලේ. 

කාසියේ වාසිය දිනා ගත් සාන්ත සිල්වෙස්තර විද්‍යාලයීය නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ප්‍රතිවාදී විද්‍යාර්ථ විද්‍යාලයීය ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට ලබා ගත්තේ ලකුණු 124ක් පමණයි. 

පිළිතුරු ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි සාන්ත සින්වෙස්තර ක්‍රීඩකයෝ තරගය පළමු දිනයට නතර කරන විට කඩුල 6ක් දැවී ලකුණු 227ක් ලබා සිටි අතර ඔවුන් තම පළමු ඉනිම කඩුලු 9ක් දැවී ලකුණු 283ක් එක් වෙද්දී අත් හිටුවීමට කටයුතු කළා.  

ලකුණු 149ක් පසුපසින් සිටිමින් තම දෙවැනි ඉනිමට පිටියට පිවසි විද්‍යාර්ථ ක්‍රීඩකයෝ එවර තම ඉනිමට ලබා ගත්තේ ලකුණු 158ක් ලබා ගැනීමට සමත් වුවා. එම ඉනිම වෙනුවෙන් දිනෙත් බුලංකුලම පන්දු 130කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 63ක් ලබා ගැනීමට සමත් වූවා.  

ඊට අමතර ව දනුප කොඩිකාර ද පන්දු 69කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 35ක් ලබා ගත්තා.  

කඩුලු දවා ගැනීමේ දී ඉසුරු ගුණසේකර ලකුණු 49කට කඩුලු 6ක් දවා ගත්තා. ඔහු මෙම තරගයේ දී ලකුණු 86කට කඩුලු 11ක් දවා ගනිමින් දක්ෂතා දැක් වීමට සමත් වූවා.  

ඊට අමතර ව නිමේෂ් සිල්වා ද දෙවැනි ඉනිමේ දී ලකුණු 44කට කඩුලු 3ක් සමඟින් තරගයේ දී ලකුණු 65කට කඩුලු 8ක් දවා ගත්තා.  

ජයග්‍රහණය සඳහා ලකුණු 9ක් පිටුපස සිටිමින් තම දෙවැනි ඉනිමට පිටියට පිවිසි සාන්ත සිල්වෙස්තර ක්‍රීඩකයෝ එම ලකුණු ප්‍රමාණය කිසිදු කඩුල්ලක් නොදැවී ලබා ගැනීමට සමත් වූවා.  

තරගයේ කෙටි ලකුණු පුවරුව 

විද්‍යාර්ථ විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 134 (38.5) චමල්ක බණ්ඩාර 23, ශෙවෝන් මෝසස් 23, ඉසුරු ගුණසේකර 5/37, නිමේෂ සිල්වා 5/21 

 

සාන්ත සිල්වෙස්තර විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 283 (67.5) අරූෂ මෙන්ඩිස් 34, චන්දූප වඩුගේ 57, යෝශිත ඉසුරංග 76, ඩියන් ප්‍රනාන්දු 36, අකිල වික්‍රමසිංහ නොදැවී 27, අනිශ්ක ගුණරත්න 2/64, ශෙවෝන් මෝසස් 2/93, ඉශාන් රඹුක්පිටිය 2/29 

 

විද්‍යාර්ථ විද්‍යාලය – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 158 (55.2) බාසිත් නන්දතිස්ස 25, දනුප කොඩිකාර 35, දිනෙත් බුලංකුලම 63, කවිඳු හෙට්ටිආරච්චි 21, නිමේෂ සිල්වා 3/44, ඉසුරු ගුණසේකර 6/49 

 

සාන්ත සිල්වෙස්තර විද්‍යාලය – දෙවැනි ඉනිම කිසිවෙක් නොදැවී 12 (2.2) කාශ්‍යප දිසානායක නොදැවී 9 

සාන්ත සිල්වෙස්තර විද්‍යාලයට කඩුලු 10ක ජයක්.  

  • තරගයේ දක්ෂතම පන්දු රකින්නා – අරුෂ මෙන්ඩිස් ජයසිංහ (සාන්ත සිල්වෙස්තර විද්‍යාලය)
  • තරගයේ දක්ෂතම පන්දු යවන්නා – නිමේෂ සිල්වා (සාන්ත සිල්වෙස්තර විද්‍යාලය)
  • තරගයේ දක්ෂතම පිතිකරු – දිනෙත් බුලංකුලම (විද්‍යාර්ථ විද්‍යාලය) 
  • තරගයේ වීරයා – ඉසුරු ගුණසේකර (සාන්ත සිල්වෙස්තර විද්‍යාලය)

තවත් වාර්ෂික මහා ක්‍රිකට් තරග තොරතුරතු සේ ම දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<